Skip to content

පටුනට යන්න

පන්තියේ ළමුන් අදහස වෙනස් කරගත්තා

පන්තියේ ළමුන් අදහස වෙනස් කරගත්තා

පන්තියේ ළමුන් අදහස වෙනස් කරගත්තා

යුක්රේන්වල ජීවත් වන 11 හැවිරිදි වික්ටෝරියා (ඉහත පින්තූරය) පාසැල් යන දැරියක්. ඇයට පන්තියේ පැවරුමක් ලැබුණා. එනම් මුළු පන්තියටම කියවීමට පෙලඹීමක් ඇති වන ආකාරයෙන් ඇගේ ප්‍රියතම පොත පිළිබඳව වාර්තාවක් සැකසීම. ඇය මෙසේ පවසනවා. “මම හිතුවා යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොත ඔවුන්ට හඳුන්වා දෙන්න. එම පොතේ අඩංගු දේවල්ද ඒවාට අදාළ ප්‍රතිපත්තිද මගේ වාර්තාවේ පැහැදිලි කළා. මේ පොතේ පිටපතක් ලබාගන්න පුළුවන් කියලත් අවසානයේදී මම පැවසුවා.”

පන්තියේ ළමුන් දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරයක්ද? “මට පොත් 20ක් දෙන්න පුළුවන් වුණා. පන්තියේ ළමයි කලින් හිතාගෙන ඉඳලා තියෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විප්ලවවාදී ආගමික කල්ලියක් කියලා. පස්සේ ඒ වැරදි අදහස වෙනස් කරගත්තා. දැන් පන්තියේ ළමයි දෙන්නෙක් නොකඩවා අපේ සඟරා කියවනවා.”

යෞවනයන් අසන ප්‍රශ්න නමැති පොත මගින් තරුණ අයට තම සිතුවිලි හා හැඟීම් සෝදිසි කරන්නත් ඒ ගැන කතා කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. “මගේ දෙමාපියන් විසින් මට වැඩි නිදහසක් දීමට මා ඉඩ සලසාගන්නේ කෙසේද?” “සැබෑ මිතුරන් ඇති කරගැනීමට මට හැක්කේ කෙසේද?” සහ “පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?” යන මාතෘකා එහි ඇති පරිච්ඡේද 39න් කිහිපයක්.

පිටපතක් ගෙන්වාගැනීම සඳහා මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම විවරණිකාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.