Skip to content

පටුනට යන්න

හිසට සෙවණක් නැතිකම—ලෝක ව්‍යාප්ත ගැටලුවක්

හිසට සෙවණක් නැතිකම—ලෝක ව්‍යාප්ත ගැටලුවක්

හිසට සෙවණක් නැතිකම—ලෝක ව්‍යාප්ත ගැටලුවක්

පෝලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

“හරියට ඉන්න හිටින්න තැනක්වත් නැහැ. කාගේ කවුද කියලා දන්නෙවත් නැහැ. කොයි වෙලෙත් කට ගොන්නක් බීගෙන. ළඟ ඉන්න බැරි තරම් ගඳයි!” මෙසේ පවසන්නේ හිඟන්නෙකුට නෙමෙයි ගෙයක් දොරක් නැති කෙනෙකුටයි. පෝලන්තයේ චෙන්ස්ටකෝවා නගරයේ නිවසක් නැති අය ගැන ජනයා දරන්නේ එවැනි අදහසක් කියා එහි සමාජ සේවයෙහි නිරත වන අය පවසනවා.

වසර කිහිපයකට පෙර එක් සඟරාවක වාර්තා කර තිබූ ආකාරයට, මොංගෝලියාවේ ඌලාන්බාටෝර් ප්‍රදේශයේ මහා මාර්ගය යටින් යන කානු පද්ධතියේ වීථි දරුවෝ දහස් ගණන් පදිංචි වී සිටිනවා. මේ ගැන මොංගෝලියාවේ බොහෝදෙනෙක් දුක් වෙනවා. ඒත් ඔවුන් පෙන්වා දෙන ආකාරයට මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ “ඒ දරුවන්ව රැක බලාගැනීමට දෙමාපියන්ට කිසි වුවමනාවක් නැති නිසයි.”—එම සඟරාව The Economist.

වෙනත් රටවල යම් කල්ලි, තමන් විසින් සමාජයට කරන මෙහෙවරක් හැටියට වීථි දරුවන්ව ඝාතනය කරනවා. ඊට හේතුව හැටියට එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක පැහැදිලි කළේ “ලතින් අමෙරිකාවේ, අධිකරණයට අයත් බොහෝදෙනෙකු ඇතුළුව, පොලිසිය, මාධ්‍යය, ව්‍යාපාරිකයන් සහ පොදු ජනයාගේ විශ්වාසය වී තිබෙන්නේ වීථි දරුවන් යහපත් සමාජයක් ගොඩනැඟීමට තර්ජනයක්” ලෙසයි. “තිබෙන තොරතුරුවලට අනුව රියෝ ඩි ජැනීරෝවල දිනකට වීථි දරුවන් තුන්දෙනෙක්ව ඝාතනය කරනවා” කියා එම වාර්තාව තවදුරටත් පැවසුවා.

නිවසක් නැති වීථිවල ගැවසෙන අය දකිද්දී ‘අපේ හිතට බියක් සැකක් දැනුණත් ඒ අයත් අපි වගේ කුසගින්න දැනෙන මිනිස්සු. බොහෝදෙනෙක් මෙවැනි තත්වයකයි ඉන්නේ. ඔවුන්ටත් අවශ්‍යතා බොහොමයක් තිබෙනවා. මෙවැනි අයට අත හිත දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.’ මෙසේ සඳහන් වුණේ චෙන්ස්ටකෝවාහි නිවාස නැති අය සඳහා ස්වේච්ඡාවෙන් සේවය කළ අයගේ වෙබ් අඩවියකයි. ඇත්තටම මේ අයගේ අවශ්‍යතාවන් මොනවාද?

[17වන පිටුවේ පින්තූරය]

දරුවෝ පිරිසක් ජීවත් වෙන්නේ මෙම කානුවෙයි

[හිමිකම් විස්තර]

Jacob Ehrbahn/Morgenavisen Jyllands-Posten