Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

කඳු—පොළොවේ පැවැත්මට අත්‍යවශ්‍යයි (2005 මාර්තු 22, සිංහලෙන් නැහැ.) ග්‍රෑන්ඩ් ටෙටොන්ස් කඳුකර වනෝද්‍යානය බලන්න යෑම මම අද්දැක්ක චමත්කාර මෙන්ම පුදුමය දනවන අවස්ථාවක්. ඒ වුණත් කඳුවල වටිනාකම ගැන කියෙව්වහම මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. මිහිපිට ඇති කඳුත්, ඒවා නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාවත් දැන් මම පෙරට වඩා හුඟාක් අගේ කරනවා.

ජේ. ජී., එක්සත් ජනපදය

යෙහෝවාගේ මැවිල්ලේ අලංකාරය දකිද්දී මට හැඟෙන විදිහ ගැන කියන්න වචන නැහැ. මිනිස්සු පරිසරයට හානි කරලා දූෂණය කරලා තිබුණත් කෙනෙකුට තවමත් කඳුවලින් ආස්වාදයක් ලබන්නත් ඒවා අගය කරන්නත් හැකිකම තිබෙනවා. නුදුරු අනාගතයේදී ගීතාවලිය 72:16 ඉටු වෙනවා කියලා අනිත් අයට කියන්න මම කැමතියි.

ආර්. සී., එක්සත් ජනපදය

යෞවන අය අසති . . . මම කය වෙහෙසා වැඩ කළ යුත්තේ ඇයි? (2005 අප්‍රියෙල් 8) මගේ තාත්තාට අයිති තීන්ත නිෂ්පාදනය කරන සමාගමකයි මම වැඩ කරන්නේ. ඒත් එක්කෙනෙක් මට කිව්වේ මේ වැඩේට එච්චර ඔළුව පාවිච්චි කරන්න ඕනේ නැහැ කියලයි. කෙසේවුවත් මේ ලිපියේ පෙන්නුවේ යේසුස් සහ පාවුල් තම දෑත්වලින් වැඩ කළ බවයි. දැන් මට කලින් කළාට වඩා උනන්දුවෙන් මගේ වැඩේ කරන්න දිරිගැන්වුණා. මට ඕන මහන්සි වෙලා මගේ මේ කුසලතාව වැඩිදියුණු කරගෙන, එක් රැස්වීම් ශාලා සහ රාජ්‍ය ශාලා ඉදි කිරීමට යොදාගන්නයි.

එම්. වයි., ජපානය

මේ ලිපියෙන් මම ඇත්තෙන්ම දිරිගැන්වුණා! අපේ ජීවිතයේ ප්‍රධාන අරමුණ යෙහෝවා දෙවිට සේවය කිරීම බවත්, ඒ සඳහා ඉඩ කඩ සැලසෙන වෘත්තියක් මම තෝරාගත යුතු බවත් එය යළිත් මට මතක් කර දුන්නා. ගෙදර දොරේ වැඩ කරන්න මූලිකත්වය ගන්න මේ කදිම ලිපිය මාව පෙලඹෙව්වා. ඊටත් වඩා මට මේ ලිපිය උපකාර වුණේ කය වෙහෙසා වැඩ කිරීම සම්බන්ධයෙන් යෙහෝවා දරන අදහස දැරීමටයි.

වයි. කේ., රුසියාව

ජීවිතය—පුරුක් රැසක පුදුමාකාර එකතුවක් (2005 ජනවාරි 22, සිංහලෙන් නැහැ.) මට වයස අවුරුදු 15යි. පාසැලේ ජීව විද්‍යා පංතියේදී අපි ජීව ද්‍රව්‍යයන්වල සිදු වන රසායනික හා භෞතික විපර්යාස ගැන අධ්‍යයනය කළා. මම මේ සඟරාව පාසැලට අරගෙන ගියහම මගේ ජීව විද්‍යා ගුරුතුමා පංතිය පවත්වන්න මේ ලිපියයි, ඒකේ පින්තූරයි යොදාගත්තා. පංතිය අවසන් වුණාට පස්සේ පංතියේ හැම ළමයෙක්ම මේ සඟරාව ලබාගන්න ආශාවක් දැක්වුවා. යෙහෝවාට මොන තරම් ප්‍රඥාවක් තිබෙනවද කියන එක මේ ලිපියෙන් පැහැදිලි වෙනවා. ඔහු ප්‍රශංසාව ලැබිය යුතුයි. ජීවතුන් අතර සිටින හැමෝම යෙහෝවාට ප්‍රශංසා කරන කාලය එන තෙක් මම ඉන්නේ නොඉවසිල්ලෙන්!

වයි. බී., රුසියාව

“යෞවනයන් මේ ටික දැනගෙන හිටියා නම්!” (2005 ජනවාරි 8) මට වයස 17යි. නිතරම මම කල්පනා කරන්නේ දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන අයව අවශ්‍ය වී ඇති ප්‍රදේශයකට යන්නයි. මගේ පාසැල් අධ්‍යාපනය අවසන් කළ විගස එවැනි ප්‍රදේශයකට යන්න තිබෙන ආශාව තවත් වැඩි වුණා ඩේවිඩ්ගේ ආදර්ශයෙන්. මේ වගේ දිරිගැන්වෙන ලිපි තව තවත් පළ කරන්න කියා ඉල්ලා සිටින්න කැමතියි. දේශනා වැඩ කටයුතු වැඩිවර්ධනය කරගන්න මගේ වයසේ ඉන්න යෞවනයන්ට නිතරම දිරිගැන්වීම අවශ්‍යයි.

කේ. ඕ., පෝලන්තය

මට වයස 20යි. මෙම ලිපිය කියවද්දී මට ඇඬුණා. මට හිතුණා “මම තරුණ කාලේම මැරුණොත් යෙහෝවාට සේවය කරන්න මට ලැබෙන්නේ නැහැනේ කියලා.” මම ඉක්මනින්ම පූර්ණ කාලීනව යෙහෝවාට දෙවිට සේවය කරන්න පටන්ගන්නවා. මම මේ ලිපිය රාමු කරලා එල්ලනවා. එතකොට මුලින්ම ලිපිය කියවන කොට ඇති වුණ හැඟීම නැති වෙලා යන්නේ නැහැ. මෙවැනි ලිපි පළ කරනවාට ස්තුතියි.

එන්. එන්. ජාපනය