දීප්තිමත් හෙට දිනක් උදා වේවිද?
දීප්තිමත් හෙට දිනක් උදා වේවිද?
අනාගතය ගැන කතා කරන්න කවුරුත් කැමතියි. තව මාසෙකින්, අවුරුද්දකින් නැත්නම් දශකයකින් තමන් කරන්නේ මොනවාද කියා දැනගන්න කවුද අකමැති? මුළු ලෝකය ගැනම බැලුවොත් අද සිට තව අවුරුදු 10කින්, 20කින් හෝ 30කින් කුමන තත්වයක් එහි පවතීවිද?
අදට වඩා හෙට හොඳ වෙයි කියා ඔබ හිතනවාද? බොහෝදෙනෙක් එලෙස හිතුවත් ඔවුන්ව කණ්ඩායම් දෙකකට වෙන් කළ හැකියි. තත්වය හොඳ අතට හැරෙයි කියා විශ්වාස කිරීමට තමන්ට හොඳ පදනමක් තිබෙන බව පවසන අය හා අනාගතය ගැන හිතලා කලකිරෙනවාට වඩා හොඳයි අනාගතය හොඳ වෙයි කියා සිතන අය.
එමෙන්ම අනාගතය කොහොමටත් යහපත් අතට හැරෙන්නේ නැහැ කියා සිතන අයත් ඉන්නවා. ඔවුන් අතරේ සමහරුන් ලෝක විනාශය ගැන අනාවැකිත් පළ කරනවා. මුළු පොළොවම විනාශ වන බවත්, අතළොස්සක් පමණක් බේරෙන බවත් ඔවුන් දැනුම් දෙන්නේ ඉමහත් සතුටකින්.
ඔබේ හිතේ මැවෙන්නේ කෙබඳු අනාගතයක්ද? විනාශකාරී එකක් ලෙසද නැත්නම් සාමය සතුට පිරි එකක් ලෙසද? ඔබ සාමකාමී අනාගතයක් අපේක්ෂා කරනවා නම් එම අපේක්ෂාව පදනම් කරන්නේ ඔබේ ආශාව අනුව මැවෙන සිතුවිලි මතද නැත්නම් විශ්වාසදායක සාක්ෂි මතද?
විනාශයක් ගැන අනාවැකි පළ කරන්නන් මිනිසා ගමන් කරන්නේ විනාශයටයි කියා පැවසුවත් පිබිදෙව්! සඟරාවේ ප්රකාශකයන් එවැනි අදහසක් දරන්නේ නැහැ. ඉදිරියේදී හොඳ කාලයක් එන බවට විශ්වාස කළ හැකි හේතුවක් බයිබලයේ සඳහන් වෙනවා.
[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. Department of Energy photograph