Skip to content

පටුනට යන්න

රතු රුධිරාණුව නුඹ නම් අරුමයකි!

රතු රුධිරාණුව නුඹ නම් අරුමයකි!

රතු රුධිරාණුව නුඹ නම් අරුමයකි!

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබේ රුධිරයේ වැඩිපුරම තිබෙන සෛලය නිසයි රුධිරයට රක්ත වර්ණයක් ලැබෙන්නේ. ඒ නිසා එම සෛල හඳුන්වන්නේ රතු රුධිරාණු කියලා. ඔබේ එක ලේ බිංදුවක රතු රුධිරාණු මිලියන ගණනක් තිබෙනවා. අන්වීක්ෂයකින් එක් රතු රුධිරාණුවක් දෙස බැලුවොත් එය පෙනෙන්නේ උලුඳු වඩයක් ආකාරයටයි. නමුත් සිදුරක් නැහැ. එහි මැද යන්තම් ඇතුළට එබී තිබෙනවා. එක් සෛලයක හිමොග්ලොබින් අණු මිලියන ගණනක් තිබෙනවා. සෑම හිමොග්ලොබින් අණුවක්ම හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් පරමාණු 10,000ක්ද රුධිරයට ඔක්සිජන් රැගෙන යෑමේ හැකියාව ලබාදෙන යකඩ පරමාණු හතරකින්ද සමන්විතයි. හිමොග්ලොබින් අණුව පෙනුමෙන් ගෝලාකාරයි. ඔබ පිට කරන කාබන්ඩයොක්සයිඩ් පෙනහලුවලට රැගෙන ඒමට හැකි වන්නේ හිමොග්ලොබින්වල පිහිටෙනුයි.

ඔබේ රතු රුධිරාණුවේ තවත් වැදගත් කොටසක් තමයි එහි පිට වැස්ම. එය හඳුන්වන්නේ පටලය යනුවෙන්. මෙම පටලය නිසා සෛලවලට හැකියි තුනී හැඩයක් ගන්න. එමනිසා ඔබේ රතු රුධිරාණුවට හැකියි ඔබේ කුඩාම රුධිර වාහිනිය තුළින් ගමන් කර ඔබේ ශරීරයේ සෑම කොටසක්ම පෝෂණය කරන්න.

රතු රුධිරාණු නිපදවන්නේ ඇට මිදුලු තුළයි. ඔබේ රුධිර දහරාවට එක් වන අලුත් රතු රුධිරාණු සෛලයක් ඔබේ හෘදය හා ශරීරය පුරා 100,000කට වඩා වැඩි වාර ගණනක් සංසරණය කරනවා. වෙනත් සෛල වගේ නෙමෙයි. රතු සෛලවලට න්‍යෂ්ටියක් නැහැ. මේ නිසා සෛලවලට ඔක්සිජන් රැගෙන යෑමට වැඩි ඉඩ කඩ තිබෙන අතර ඊට සැහැල්ලු බවක් ලබා දෙනවා. එමනිසා හෘද වස්තුවටත් රතු රුධිරාණු ගණින්න බැරි සංඛ්‍යාවක් පොම්ප කිරීම පහසුයි. ඒත් සෛලයට න්‍යෂ්ටියක් නැති නිසා එහි අභ්‍යන්තර කොටස් අලුත් කරගැනීමට ඊට හැකියාවක් නැහැ. එමනිසා දින 120කට පමණ පසු රතු රුධිරාණු සෛලය ක්‍රමක්‍රමයෙන් පිරිහී යන අතර එහි ඇදෙනසුලු ගතියද නැති වී යනවා. භක්ෂ සෛල හෙවත් පේගෝසයිටය ලෙස හඳුන්වන විශාල සුදු රුධිරාණු සෛල මෙම පිරිහී ගිය සෛල කා දමා යකඩ අණුව මුදා හරිනවා. දැන් මෙම යකඩ අණු එකට එකතු වී ඇට මිදුලු කරා ගමන් කර නැවත අලුත් රතු රුධිරාණු නිපදවීමට දායක වෙනවා. හැම තත්පරයකදීම ඔබේ ඇට මිදුලු රතු රුධිරාණු මිලියන දෙකක් හෝ තුනක් පමණ රුධිර දහරාවට මුදාහරිනවා!

ට්‍රිලියන ගණනක් තිබෙන රතු රුධිරාණුවල ක්‍රියාකාරිත්වය හදිස්සියේවත් නතර වුණොත් විනාඩි කිහිපයක් ඇතුළත ඔබ මිය යනවා. ඇත්තෙන්ම මෙය විස්මයක්! මෙම විස්මිත ක්‍රියාවලිය නිර්මාණය කළ යෙහෝවා දෙවිට අප ස්තුතිවන්ත විය යුතුයි. ඒ නිසයි අප අද ජීවත් වෙන්නේ. “යෙහෝවා, ඔබ මා විමසා බලා දැනගත්තේය. ඔබට ස්තුති කරන්නෙමි; මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි; ඔබගේ ක්‍රියා ආශ්චර්යවත්ය. මාගේ ආත්මය ඒ බව මනාකොට දනියි” කියා ගායනා කළ ගීතිකාකරුගේ වදන් හා ඔබත් එකඟ වන බව නිසැකයි.—ගීතාවලිය139:1, 14.

[24වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

රතු රුධිරාණුව

පටල

හිමොග්ලොබින් (විශාල කර)

ඔක්සිජන්