Skip to content

පටුනට යන්න

“ඒක නියම පොතක්!”

“ඒක නියම පොතක්!”

“ඒක නියම පොතක්!”

බ්‍රසීලයේ භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරයෙක් පිබිදෙව්! සඟරාවේ ඇති අධ්‍යාපනික වටිනාකම ගැන පැහැදුණා. ඔහු මෙසේ ලිව්වා. “අධ්‍යාපනය ලබා දීම සඳහා මුද්‍රණය කර තිබෙන බොහෝ පොත්වලට වඩා මේ සඟරාවෙන් මට පුළුවන් උගන්වන්න කරුණු සොයාගන්න. මගේ ආගමික විශ්වාසයන් වෙනස් වුණත් පිබිදෙව්! සඟරාවෙන් උගන්වන ප්‍රතිපත්තිවලට මම සම්පූර්ණයෙන්ම එකඟයි.”

පිබිදෙව්! සඟරාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බොහෝ ප්‍රකාශන අතුරින් එක ප්‍රකාශනයක් පමණක් බව මෙම ගුරුවරයා දැනගත්තා. එවිට ඔහු මෙවැන්නක් ලිව්වා. “හයවෙනි පංතියේ ළමයෙක් මට ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ කියන පොත දුන්නා. ඒකේ තිබුණ තොරතුරු දැකලා මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. ඒක නම් නියම පොතක්! බයිබලයේ සඳහන් සිද්ධීන් ගැන චිත්‍රයක් මවාගන්නත් ඒ තැන් දැක බලාගන්නත් ඒකෙන් පුළුවන් නිසා අර්ථවත් බයිබල් අධ්‍යයනයක යෙදෙන්න පුළුවන්. විශේෂයෙන්ම යෞවනයන්ට මේක වටිනා පොතක්.”

“ඔබේ ප්‍රකාශන හැමතැනම දකින්න තියෙනවා. බස් රියේත්, ශිෂ්‍යයන් ළඟත්, බැංකුවේ පෝලිම්වල ඉන්න අය ළඟත් තියෙනවා. හොඳ තොරතුරු ලැබෙන්නේ නැති ප්‍රජාව ළඟ පවා මේවා තිබෙනවා දැකීම මට සතුටක්. ඔබේ කදිම වැඩය තව තවත් සඵල වේවා” කියා ඔහු තවදුරටත් පැවසුවා.

‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන ප්‍රකාශනය භාෂා 80කින් තිබෙනවා. වෛවර්ණ සිතියම් හා ඡායාරූපවලින් පිරී ඇති එහි බයිබලයේ සඳහන් ඉපැරණි ප්‍රදේශ විශේෂයෙන්ම විවිධ කාල පරිච්ඡේදවලදී පොරොන්දු දේශය පිහිටි අයුරු සටහන් කර තිබෙනවා. පිටු 36කින් යුත් මෙම විවරණිකාව ගෙන්වාගැනීමට කූපනය පුරවා එහි ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන විවරණිකාව පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Brochure covers: Pictorial Archive (Near Eastern History) Est.