Skip to content

පටුනට යන්න

සැඳෑ සමය අඳුරු යුගයක්ද?

සැඳෑ සමය අඳුරු යුගයක්ද?

සැඳෑ සමය අඳුරු යුගයක්ද?

 කුණු අප්‍රිකාවේ සෝවේටෝ නගරයට කිටි කිටි ගා ගැහෙන තරමට සීතල දවසක් උදා වෙලා. වෙලාව උදේ 6:30යි. එව්ලින්ට ඕනේ ඇඳෙන් නැඟිටින්න. * ඒත් ඇගේ නිවසේ ගිනි උදුනක්වත් නැති නිසා මේක ඇයව මරනවා වගේ වැඩක්.

වේදනාවෙන් ඇදුම්කන දෙදණ වාරු කර ඇඳ අද්දරට රූට්ටන ඇය අමාරුවෙන් ඉඳගෙන ටික වේලාවක් එලෙසම සිටියි. ඉන්පසු දෙපාවල වේදනාව අඩු වී යයි. හිතේ ධෛර්යය උපදවාගෙන දැන් ඇය කෙඳිරිගාමින් සිටගන්නේ නාන කාමරයට යන්නයි. ඒත් ඇය දෑත් උකුල් මත තබාගෙන ගාට ගාට ඇවිදින්නේ තණකොළ පෙත්තෙක් “ගාටමින්” ඇදෙන ආකාරයටයි.—ධර්මදේශකයා 12:5, නව අනුවාදය. *

‘මොන තරම් වෙහෙසක් දරන්න වුණාද!’ එව්ලින් හිතෙන් කියාගත්තා. කෙසේවෙතත් ඇයට තවත් දිනක උදාව දකින්නත්, ඇගේ සිරුර වාරු කරගෙන ඇවිදින්නත් පුළුවන් වුණා.

ඇය දැන් තවත් දෙයක් ගැන කල්පනා කරමින් මෙසේ පවසනවා. “මට දැන් අමතක වෙනවාත් වැඩියි.” යතුරු කැරැල්ල තිබ්බේ කොහෙද කියා ඉඳ හිට ඇයට අමතක වෙනවා වුවත් තවමත් ඇයට හොඳ සිහි කල්පනාවක් තිබෙනවා. “සමහර මහලු අයට වෙනවා වගේ මගේ සිහි කල්පනාව නැති වෙන්න ඉඩ දෙන්න එපා කියලා මම දෙවිට යාච්ඤා කරනවා” කියා එව්ලින් පවසයි.

මහලු වුණහම මොනවා වෙයිද කියා තරුණ කාලේදී එව්ලින් කවදාවත් හිතුවේ නැහැ. තමාටත් නොදැනීම තමා මහලු වියට පා නඟා ඇති බව දැන් ඇයට වැටහෙනවා. ඇය දැන් 74වන වියේ පසුවන බව අමතක වෙන්න ඇගේ කය ඇයට ඉඩ දෙන්නේ නැහැ.

එව්ලින්ට තරම් කරදරයක් නැති, බරපතළ අසනීපයක් හා මානසික පීඩනයක් නැති ඇතැම් අය ඔවුන්ගේ සැඳෑ සමය කිසි කරදරයක් නැති සුන්දර කාලයක් කියා සිතිය හැකියි. බයිබලයේ සඳහන් ආබ්‍රහම් නම් පුද්ගලයා මෙන් ඔවුන් ‘හොඳ මහලු වයසට’ පැමිණේවි. (උත්පත්ති 25:8) නමුත් කරදර කම්කටොලු අද්දකින අනිත් අය තම සැඳෑ සමය “ප්‍රිය නැතැයි” කියා පවසාවි. (දේශනාකාරයා 12:1, පරණ අනුවාදය) එක් සමීක්ෂණයකට අනුව බොහෝදෙනෙක් විශ්‍රාම ගන්නා කාලය දෙස දැඩි අකමැත්තකින් බැලූ නිසා නිව්ස්වීක් සඟරාවේ සැඳෑ සමය විස්තර කරන්නේ “අඳුරු යුගය” ලෙසයි.

ඔබ මහලු විය දෙස බලන්නේ කෙලෙසද? වයසක ඇත්තෝ මුහුණ දෙන සමහර දුෂ්කර දේවල් මොනවාද? මහලු වියේදී මානසික ක්‍රියාකාරිත්වය අඩපණ වීම වළක්වාගත නොහැකිද? සැඳෑ සමයේදී මනසේ සාමය වැඩිදියුණු කිරීමට කුමක් කළ හැකිද?

[පාදසටහන්වල]

^ 2 ඡේ. මේ ලිපිවල සමහර නම් සැබෑ ඒවා නොවෙයි.

^ 3 ඡේ. පුරාණයේ ලියැවුණු බයිබල් පොතක් වන ධර්මදේශකයා හෙවත් දේශනාකාරයා පොතේ මේ කොටස මහලු අයගේ කටුක අද්දැකීම් පිළිබඳ කාව්‍යමය විස්තරයක් ලෙස සැලකෙයි.