Skip to content

පටුනට යන්න

සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක් පමණක්ද?

සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක් පමණක්ද?

බයිබලයෙන් පිළිතුරක්

සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක් පමණක්ද?

බයිබලයේ සඳහන් ඇතැම් දෙවි දේවතාවුන් අතර මොලෙක්, බාල්, අෂ්ටාරොත්, දාගොන්, මෙරොදක්, සියුස්, හර්මීස් හා ආටෙමිස් යන දෙවිවරුන් නම් කළ හැකියි. (ලෙවී කතාව 18:21; විනිශ්චයකාරයෝ 2:13; 16:23; යෙරෙමියා 50:2; ක්‍රියා 14:12; 19:24) එහෙත් සර්ව බලධාරී දෙවි ලෙසට බයිබලයෙහි හඳුන්වා තිබෙන්නේ යෙහෝවා දෙවිව පමණයි. මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ එක්ව මෙම ජයග්‍රාහී ගීය ගැයුවා. “යෙහෝවා, දෙවිවරුන් අතරෙහි ඔබට සමාන කවරෙක්ද?”—නික්මයාම 15:11.

අන් සියලු දෙවිවරුන්ට වඩා යෙහෝවා උසස් බව බයිබලයේ පැහැදිලිව දක්වනවා. එහෙත් මෙම අන් දෙවිවරුන් කරන්නේ මොනවාද? මොවුන්ට සහ ගණන් කළ නොහැකි වෙනත් දෙවිවරුන්ට මිනිසුන් පුරාණයේ පටන් වන්දනාමාන කර තිබෙනවා. ඔවුන් සර්වබලධාරී වූ යෙහෝවා දෙවිට දෙවනුව සිටින සැබෑ දෙවිවරුන්ද?

සිතින් මවාගත් දෙවිවරු

යෙහෝවා එකම සැබෑ දෙවි බව බයිබලයේ පෙන්වනවා. (ගීතාවලිය 83:18; යොහන් 17:3) අනාගතවක්තෘ යෙසායා දෙවිගේ වදන් මෙසේ ගෙනහැර දැක්වුවා. “මට පළමුවෙන් කිසි දෙවි කෙනෙක් සෑදී නැත. මට පසුත් කිසි දෙවි කෙනෙක් නොවන්නේය. මම මම්ම යෙහෝවාය. මා මිස කිසි ගැලවුම්කාරයෙකු නැත.”—යෙසායා 43:10, 11.

අන් සියලු දෙවිවරුන් යෙහෝවාට වඩා බලයෙන් අඩු දෙවිවරුන් පමණක් නොව ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මිනිසුන් සිතින් මවාගත් දෙවිවරුන් පමණයි. බයිබලයේ මෙම දෙවිවරුන්ව හඳුන්වා දෙන්නේ “මිනිසුන්ගේ හස්ත කර්මාන්ත වූ දකින්නටත් අසන්ටවත් කන්ටවත් ගඳ සුවඳ දැනගන්ටවත් බැරි” දෙවිවරුන් හැටියටයි. (ද්විතීය කතාව 4:28) යෙහෝවා එකම සැබෑ දෙවි බව බයිබලයෙන් අපට පැහැදිලිවම ඉගෙනගත හැකියි.

එසේනම් යෙහෝවාට හැර වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන නොකරන්න කියා ශුද්ධ ලියවිල්ලේ තරයේ අවවාද කිරීම පුදුමයක් නොවෙයි. උදාහරණයකට, මෝසෙස්ට දුන් ආඥා දසයෙන් පළවෙනි ආඥාවේ අන් දෙවිවරුන්ට වන්දනාමාන නොකරන්න කියා පවසනවා. (නික්මයාම 20:3) ඇයි එහෙම පවසන්නේ?

සිතින් මවාගත් දෙවි කෙනෙකුට වැඳ නමස්කාර කිරීම ඇත්තෙන්ම මැවුම්කරුට කරන මහත් නින්දාවක් කියා මුලින්ම පැවසිය යුතුයි. මෙම බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නන්ව බයිබලයේ විස්තර කරන්නේ “දෙවිගේ සත්‍යය බොරුවකට මාරු කර, මැවූ තැනැත්තා වෙනුවට මැවිල්ලට භක්තියද නමස්කාරයද” පිරිනමන අය හැටියටයි. (රෝම 1:25) සිතෙන් මවාගත් මෙවැනි දෙවිවරුන්ව දක්නට ලැබෙන්නේ බොහෝවිට ගල්, ලෝහ හෝ ලීවලින් ඇඹූ රූප ලෙසයි. දෙවිවරුන් බොහෝදෙනෙකුව වැස්ස, සාගර සහ සුළං වැනි සොබාදහමේ පවතින දේවලට සම්බන්ධ කර තිබෙනවා. මෙවැනි මනඃකල්පිත දෙවිවරුන්ට වැඳවැටීම සර්වබලධාරී දෙවිට කරන ලොකු අගෞරවයක්.

බොරු දෙවිවරුන් සහ ඔවුන්ව නියෝජනය කරන රූප දෙවිට මහත් පිළිකුලක්. මෙම බොරු දෙවිවරුන්ව නිර්මාණය කළ මිනිසුන්ව විශේෂයෙන්ම දෙවිගේ පිළිකුලට ලක් වෙනවා. ඔහුගේ මෙම ඍජු වදන්වලින් ඒ බව පැහැදිලි වෙනවා. “විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන්ය. ඒවා මිනිස් අතින් සෑදූ දේය. ඒවාට කටවල් ඇත. එහෙත්, කතා නොකරයි. ඇස් ඇත. එහෙත්, නොදකියි. කන් ඇත. එහෙත්, නොඇසෙයි. නාස් පුඩු ඇත. එහෙත්, හුස්මක් නැත. ඒවා සාදන්නෝත්, එමෙන්ම ඒවා විශ්වාස කරන සියල්ලෝත් ඒවාට සමාන වන්නෝය.”—ගීතාවලිය 135:15-18, නව අනුවාදය.

යෙහෝවා දෙවි හැර වෙනත් කෙනෙකුට හෝ දෙයකට නමස්කාර නොකරන්න කියා බයිබලයේ තදින් අවවාද කිරීමට තවත් හේතුවක් තිබෙනවා. එවැනි නමස්කාරයක යෙදීම කාලය හා වෑයම නාස්ති කිරීමක්. ඒ ගැන අනාගතවක්තෘ යෙසායා මෙසේ පැවසුවා. “කිසි දෙයකට ප්‍රයෝජන නැති දෙවියෙකු සෑදුවේ කවුද? නොහොත් කැපූ රූපයක් වාත්තු කළේ කවුද?” (යෙසායා 44:10) බයිබලයේ මෙසේද පවසනවා. මිනිසුන්ගේ “සියලු දෙවිවරු නිසරු දේවල්ය.” (ගීතාවලිය 96:5) බොරු දෙවිවරුන් නොපවතින නිසා නොපවතින දේකට නමස්කාර කිරීම නිෂ්ඵල දෙයක්.

එතකොට යේසුස්, දේවදූතයන් සහ යක්ෂයා . . .

ශුද්ධ ලියවිල්ලේ සමහරවිට සැබෑ පුද්ගලයන්ව දෙවිවරු හැටියට දක්වා තිබෙනවා. එසේවුවත් හොඳ සෝදිසි කිරීමකින් හෙළි වන්නේ “දෙවි” යන යෙදුම දමා තිබෙන්නේ මෙම පුද්ගලයන්ව දෙවිවරුන් ලෙස හඳුන්වා දීමට නොවන බවයි. බලවත් පුද්ගලයෙකු, දේවත්වයේලා ගැනෙන කෙනෙකු හෝ සර්වබලධාරි දෙවි සමඟ කිට්ටුවෙන් සිටින කෙනෙකු හැඳින්වීමටත් බයිබලය ලිවීමට මුලින් යොදාගත් භාෂාවල “දෙවි” යන යෙදුම භාවිත කර තිබුණා.

උදාහරණයක් ලෙස යේසුස් ක්‍රිස්තුස්ද දෙවි කෙනෙක් බව සමහර බයිබල් පදවල දක්වා තිබෙනවා. (යෙසායා 9:6, 7; යොහන් 1:1, 18) මෙයින් අදහස් කරන්නේ යේසුස්ට නමස්කාර කළ යුතු බවද? යේසුස්ම මෙවැන්නක් පැවසුවා. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.” (ලූක් 4:8) යේසුස්ට අතිමහත් බලයක් තිබුණත්, දේවත්වයක් තිබුණත් ඔහුට නමස්කාර කළ යුතු බවක් බයිබලයේ පවසන්නේ නැහැ.

දේවදූතයන්ව පවා යම් දේවත්වයක් ඇති අය ලෙස හඳුන්වා තිබෙනවා. (හෙබ්‍රෙව් 2:7) කෙසේවෙතත් දේවදූතයන්ට වැඳුම් පිදුම් කරන්න කියා ශුද්ධ ලියවිල්ලෙහි පවසා නැහැ. ඇත්තෙන්ම එක් අවස්ථාවකදී වියපත්ව සිටි යොහන්ට දේවදූතයෙකු තමා ඉදිරියේ සිටිනවා දැක මොන තරම් ගරුබියක් ඇති වුණාද කියනවා නම් බිම වැතිර දේවදූතයාට නමස්කාර කිරීමට ඔහු සැරසුණා. එවිට දේවදූතයා මෙසේ පැවසුවා. “පරෙස්සම් වන්න! එසේ නොකරන්න! . . . දෙවිට නමස්කාර කරන්න.”—එළිදරව් 19:10.

පාවුල් යක්ෂයාව විස්තර කළේ “මේ සමාජ ක්‍රමයේ දෙවි” ලෙසටයි. (2 කොරින්ති 4:4) “මේ ලෝකයේ පාලකයා” වන යක්ෂයා කෝටි ගණන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න මනුෂ්‍යයන්ව පොලඹවා තිබෙනවා. (යොහන් 12:31) මේ හේතුවෙන් මිනිසුන් නිර්මාණය කළ සියලු දෙවිවරුන්ට පුදන නමස්කාරය සාතන්ට කරන නමස්කාරයක් වෙනවා. එනමුත් සාතන් අපේ නමස්කාරය ලැබීමට සුදුසුකමක් ඇති දෙවි කෙනෙක් නොවෙයි. ඔහු දෙවිට පමණක් පිදිය යුතු නමස්කාරය බලෙන් ලබාගන්න කටයුතු කරන රැවටිලිකාරයෙක්. ඔහුව හා සියලුම බොරු නමස්කාර ක්‍රමත් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එය සිදු වන කාලයේදී යෙහෝවා එකම සැබෑ දෙවි හා ජීවමාන දෙවි බව සියලුම මිනිසුන්ට එනම් මුළු මැවිල්ලටම සදහටම පිළිගන්න සිදු වෙනවා.—යෙරෙමියා 10:10.

ඔබ මේ ගැන සිතුවාද?

▪ රූප වන්දනාව ගැන බයිබලයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?—ගීතාවලිය 135:15-18.

▪ දෙවිවරුන්යයි සලකා යේසුස්ට හා දේවදූතයන්ට නමස්කාර කළ යුතුද?—ලූක් 4:8.

▪ එකම සැබෑ දෙවි කවුද?—යොහන් 17:3.

[28, 29වන පිටුවේ පින්තූර]

වමේ සිට දකුණට රූප: ඉතාලියේ මරියා; මෙක්සිකෝවේ හා මධ්‍යම අමෙරිකාවේ සිටි මායාවරුන්ගේ දෙවි කෙනෙක්; කානාන්හි අෂ්ටාරොත්; සියෙරා ලියොන්හි දේවරූපයක්; ජපානයේ බුද්ධ රූපයක්; මෙක්සිකෝවේ චිකෝමෙකෝට්ල්; ඊජිප්තුවේ හෝරස් උකුසු දෙවියා, ග්‍රීසියේ සියුස්

[හිමිකම් විස්තර]

Maize god, Horus falcon, and Zeus: Photograph taken by courtesy of the British Museum