සැබෑ ආදරය සෙවීම දුෂ්කර මන්ද?
සැබෑ ආදරය සෙවීම දුෂ්කර මන්ද?
ආදරය, ප්‍රේමය, ස්නේහය පිළිබඳව දෙනු ලබන උපදෙස්වලින් නම් අඩුවක් නැහැ. උපදේශකවරු මඟ පෙන්වීම් දෙනවා. රූපවාහිනියේ පවත්වන සම්මුඛ සාකච්ඡාවල බොහෝවිට තේමාව වන්නේ ආදරයයි.
ආදරය සොයාගන්නා ආකාරය කියා දෙන වෙබ් අඩවි බොහොමයක් අන්තර් ජාලයේ තිබෙනවා. ඒවායේ “සිත් දිනාගැනීමේ රහස්,” “ප්‍රසිද්ධ කපුවන්,” “ආදරය පිළිබඳ උපදෙස් ලබාදෙන විශේෂඥයන්” සහ “මනෝ වෛද්‍යවරුන්” ගැන විස්තර ඔබට සොයාගත හැකියි කියා පවසන්න ඉඩ තිබෙනවා.
ආදරය ගැන ලියැවුණු පොත් හා සඟරා මිල දී ගැනීමට පුද්ගලයන් වැඩි මනාපයක් දක්වනවා. නමුත් සමහර ඒවාවල තියෙන්නේ බොරු පොරොන්දු. උදාහරණයකට එක් පොතක “ඕනෑම කෙනෙකුට ඔබ ගැන ආදරයක් ඇතිවීමට සලස්වන්න පුළුවන්” කියා සඳහන් කරනවා. වෙනත් පොතක ලියා තිබෙන්නේ “මාසයකින් ඔබේ සිහින කුමාරයාව සොයාගන්න විදිහක් මෙන්න!” කියායි. ඒ වගේම තවත් පොතක ලියා තිබෙන්නේ මාසයක් කල් වැඩි නම් “විනාඩි 90ක් ඇතුළත” සදාකාලික ආදරයක් සොයාගන්න ආකාරය ගැනයි.
මේ හැම උපදෙසක්ම නොමිලයේ ලැබෙන්නේ නැහැ. උපදෙස් ලබාගැනීමට මුදල් දිය යුතුයි. තවත් හුඟදෙනෙකු මුදලින් විතරක් නෙමෙයි ජීවිතයෙන්ද වන්දි ගෙවනවා. ඊට හේතුව උපදෙස් අසාර්ථක වන විට ඔවුන් මානසික රෝගීන් බවට පත්වීමයි.
ඒත් විශ්වාසවන්ත උපදෙස් අඩංගු පොතක් තිබෙනවා. එහි උපදෙස් කිසි දින අසාර්ථක වෙන්නේ නැහැ. ඊටත් වඩා වැදගත් දේ වන්නේ එහි ආදරය පිළිබඳ යථාර්ථවාදී අදහස් දී තිබීමයි. ඒ වගේම බොරු පොරොන්දු දීලත් නැහැ. එය බොහෝ කාලයකට පෙර ලියා තිබුණත් එහි උපදෙස් යල් පැන නැහැ. එහි කර්තෘට කිසිවෙකුට සම කළ නොහැකි ප්‍රඥාවක් තිබෙනවා. ඒ වගේම ඔහු ප්‍රේමයේ පරමාදර්ශයයි. සමහරවිට ඔබ ළඟ මෙම පොත තිබෙනවාත් ඇති. එය නම් තෑග්ගක් ලෙස ලැබී තිබෙන ශුද්ධ බයිබලයයි. අපේ තත්වයන් හෝ පසුබිම කුමක් වුවත් ආදරය ගැන අප දැනගත යුතු දේ එහි අපට උගන්වනවා. එහි තිබෙන උපදෙස්වලට ගෙවීමක් කරන්න අවශ්‍ය වන්නෙත් නැහැ.
නමුත් ඕනෑම කෙනෙක් සමඟ හොඳ සබඳතාවක් ඇති කරගැනීමට බයිබලයෙන් අපට උපදෙස් ලැබෙනවාද? නැහැ. අපි කොච්චර උත්සාහ දැරුවත් සමහර අය අපිට සමීප වෙන්නේ සලමොන්ගේ ගීතිකාව 8:4) ඒත් බයිබලයේ උපදෙස් අදාළ කරගැනීමෙන් අනිත් අය සමඟ යහපත් සබඳතා ඇති කරගැනීමට අවස්ථාවන් උදා කරගත හැකියි. ඒත් කාලය හා වෑයම අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් අනෙක් ලිපියේ පැහැදිලි විස්තරයක් සපයනවා. මුලින්ම සැබෑ ආදරය සොයාගැනීම මෙතරම් දුෂ්කර මන්ද කියා සලකා බලමු.
නැහැ. අනෙක ආදරයක් බලෙන් ලබාගන්නත් බැහැ. (ප්‍රේමය “පිරිහෙන්නේය”
“සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” පිළිබඳව යේසුස් දුන් අනාවැකියේ අපේ කාලයේ තිබෙන තත්වයන් හා මිනිසුන්ගේ ආකල්පයන් ගැන නිවැරදිව පුරෝකථනය කළා. ලෝකය පුරා නීති විරෝධී ක්‍රියා හා යුද්ධ දකින්න තිබෙයි කියා ඔහු පැවසුවා. එය ප්‍රේමයට ප්‍රතිවිරුද්ධ දෙයයි. “බොහෝදෙනෙක් . . . එකිනෙකාව පාවා දී එකිනෙකාට වෛර කරන්නෝය.” ඒ වගේම “වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය” කියාත් යේසුස් පැවසුවා. (මතෙව් 24:3-12) අව්‍යාජ ප්‍රේමය අද සොයාගන්න නැහැ. පවුල් තුළ පවා එය දකින්න නැහැ. ලෝකය පිරිහෙලා කියා ඔබට සිතෙන්නේ නැද්ද?
යේසුස්ගේ වචනවලට අමතරව බයිබල් ලේඛකයෙක් වන පාවුල් “අන්තිම දවස්වල” මිනිසුන් කටයුතු කරන ආකාරය පැහැදිලි කළා. මිනිසුන් “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය” කියා ඔහු ලිව්වා. (2 තිමෝති 3:1-4) බොහෝ රටවල මෙම ගුණාංග මිනිසුන් තුළ බහුලව දකින්න තිබෙනවා.
මේ ගැන හිතන්න: උඩඟු, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති, නින්දා කරන හෝ ඔබව පාවා දෙන කෙනෙකුට ඔබ කැමතිද? තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන හෝ සැප සෙල්ලමට ප්‍රේම කරන පුද්ගලයන් කෙරෙහි ඔබේ සිත ඇදී යනවාද? ආත්මාර්ථකාමී පුද්ගලයන් සබඳතා පවත්වන්නේ තමන්ගේ ආශාවන් ඉටු කරගන්න මිසක් අනිත් අයගේ යහපත ගැන ඔවුන් සැලකිලිමත් වෙන්න නෙවෙයි. ශුද්ධ ලියවිල්ල නැණවත් ලෙස උපදෙස් දෙන්නේ “ඔවුන්ගෙන් අහක් වෙන්න” කියායි.—2 තිමෝති 3:5.
මේ ගැනත් සැලකිලිමත් වෙන්න. අන්තිම දවස්වල ජීවත් වෙන මිනිසුන් තුළ “ජන්ම ස්නේහය නැති” බව සඳහන් කර තිබුණා. තවත් පරිවර්තනයක සඳහන් වන්නේ “තමන්ගේ පවුල්වලට දක්වන ස්නේහය අඩු වෙලා” කියායි. මෙය කනගාටුවට කාරණයක්. දරුවන් හුඟදෙනෙක් හැදී වැඩෙන්නේ මෙවැනි පවුල්වලයි. බොහෝවිට මේ දරුවන් ආදරය කියන්නේ මොකක්ද කියා ඉගෙනගන්නේ ජනමාධ්‍ය තුළින්. එනම් රූපවාහිනිය හා පොත් පත් වැනි මාධ්‍යයන් තුළින්. ඒත් ප්‍රශ්නේ ජනමාධ්‍යය තුළින් ආදරය ගැන මවන්නේ නිවැරදි චිත්‍රයක්ද කියන එකයි.
බොළඳ ආදරයද නැත්නම් සැබෑ ආදරයද?
අපි කාටත් ජනමාධ්‍යයෙන් යම් ආකාරයක හෝ බලපෑමක් සිදු වෙනවා. එක් පර්යේෂිකාවක් මෙවැනි දෙයක් ලිව්වා. “අප කුඩා කාලයේ පටන්ම සුරංගනා කතා, රූපවාහිනිය, චිත්‍රපටි, පොත් පත්, සඟරා, ගුවන්විදුලිය, ගීත හා වෙළඳ දැන්වීම් වැනි දේවලින් හුවා දක්වන ලිංගිකත්වය, ආදරය හා ප්‍රේම සබඳතා ගැන ඕනෑ තරම් අසා තිබෙනවා. එහෙමත් නැත්නම් දැක තිබෙනවා.” ඇය තවදුරටත් මෙසේ පැවසුවා. “ජනමාධ්‍යය තුළින් ලිංගිකත්වය, ආදරය හා ප්‍රේම සබඳතා ගැන මවන සිහින මාලිගා නිසා යථාර්ථවාදී නොවන බලාපොරොත්තු ඇති කරගන්නවා. අපෙන් හුඟදෙනෙක් යම් විදිහකින් හරි ජනමාධ්‍යයේ බලපෑමට හසු වෙනවා. මේනිසා අපේ සහකරුවන් හෝ සහකාරියන් ගැනත් අප ගැනත් සෑහීමට පත් වෙන්නේ නැහැ.”
පොත් පත්, චිත්‍රපටි සහ ගීත, ආදරය පිළිබඳ නිවැරදි පින්තූරයක් මවනවා කියා කියන්න බැහැ. එම දේවල අරමුණ ඔබට විනෝදයක් ලබා දීම මිස යථාර්ථය පිළිබඳව ඔබව දැනුවත් කිරීම නොවෙයි. එමනිසා ලේඛකයන් ආදරය පිළිබඳ ලියූ ප්‍රබන්ධ නවකථා එක පිට එක මුද්‍රණය කරන්නේ මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙනුයි. මෙම පොත් කියවන පාඨකයන්ට ප්‍රබන්ධය මොකක්ද යථාර්ථය මොකක්ද කියා තේරුම්ගැනීම දුෂ්කරයි. තමන්ගේ සැබෑ ජීවිතයේ සිටින පුද්ගලයන් ප්‍රබන්ධ කථාවල තිබෙන චරිතවලට සමාන නොවන විට පුද්ගලයන් කලකිරීමට පත් වෙනවා. අපි කොහොමද ප්‍රබන්ධයත් යථාර්ථයත්, නැත්නම් ජනමාධ්‍යය මගින් හඳුන්වා දෙන ප්‍රේමයත් සැබෑ ප්‍රේමයත් අතර වෙනස හඳුනාගන්නේ? පහත පෙන්වා තිබෙන සන්සන්දනයන් සලකා බලමු.
නවකතාවල ආදරය සහ සැබෑ ආදරය
පොත්වල, චිත්‍රපටි හෝ නාට්‍යවල තිබෙන ආදර කතා විවිධ වෙන්න පුළුවන්. නමුත් බොහෝදුරට ඒ හැම කතාවක්ම එකම සැලසුමකට අනුවයි ලියා තිබෙන්නේ. එක් සඟරාවක් ප්‍රකාශ කළ දෙයින් එය තේරුම්ගන්න පුළුවන්. “හුඟාක් ආදර කතාවල අලුත් දෙයක් නැහැ. එකම වට්ටෝරුව තමයි අලුත් කර කර ලියන්නේ. එනම් මුලින්ම පෙම්වතාට පෙම්වතියව ලැබෙනවා. පසුව යම් හේතුවක් නිසා පෙම්වතාට පෙම්වතිය අහිමි වෙනවා. අවසානයේ කෙසේ හෝ නැවතත් පෙම්වතාට තම පෙම්වතියව ලැබෙනවා. මේක තමයි කොයි කවදත් හැම ආදර කතාවකම කතා වස්තුව වෙන්නේ.” (එම සඟරාව Writer) අපි දැන් හැම ආදර කතාවකම දක්නට තිබෙන පොදු තේමාව ගැන සවිස්තරව බලමු.
පෙම්වතාට පෙම්වතිය ලැබෙනවා: කඩවසම් කුමාරයෙකුට ලස්සන යුවතියක්ව මුණගැසෙනවා. දෙදෙනාම ආලයෙන් බැඳෙනවා. නවකතා ලිවීමට අදහස් කරන ලේඛකයන්ට එක් ලේඛිකාවක් මෙවැනි උපදෙසක් දෙනවා. “[යුවළක්] ඔවුනොවුන් දුටු මුල් වතාවේම ඔවුන්ගේ හදවත් යා වුණ බව ඔබේ පාඨකයන්ට දැනෙන්න ඕනේ.”
දුටු හැටියේම ආදරයක් ඇතිවීම වැනි අදහස් නිසා සැබෑ ආදරය කියන්නේ හැඟීමක් කියා ඔබ සිතන්න ඉඩ තිබෙනවා. තම සිත ඇදී යන පෙම්වතා දුටු ගමන්ම තම හදවත ඔහු හා පෙමින් බැඳෙනවා. ඉන් අදහස් වන්නේ පුද්ගලයාගේ ගති ගුණ හෝ ඔහුව දැන හඳුනාගැනීම අවශ්‍ය නොවන බවයි. ඒත් සැබෑ ආදරය හැඟීම්වලට වඩා වැඩි දෙයක්. හැඟීම් තිබිය යුතු වුණත් ආදරය හෝ ප්‍රේමය කියන්නේ යහපත් ගුණ ධර්ම ඇතුළත් ගැඹුරු බැඳීමක්. එවැනි ශක්තිමත් බැඳීමක් පවා රැකගැනීමට වෑයමක් දැරිය යුතුයි. මෙවන් ආදරයක් සැමදා නොවෙනස්ව තිබේවි.—කොලොස්සි 3:14.
කෙනෙකුව හොඳින් හඳුනාගන්න කාලයක් ගත වෙනවා. දැක්ක මුල්ම දවසේ ඔබට ගැළපෙන පෙම්වතා මුණගැසුණා යන අදහස නවකතාවල හා චිත්‍රපටිවල මවන බොළඳ සිතුවිල්ලක්. එවැනි බොළඳ සිතුවිලි නිසා බලාපොරොත්තු සුන් වෙනවා. මීට අමතරව විගස ඔබට සැබෑ ආදරය ලැබුණා කියා නිගමනය කිරීම නිසා ඔබ ඔහුගේ හෝ ඇයගේ අඩු පාඩු නොදකින තරමට අන්ධ වෙන්න පුළුවන්. හැඟීම්වලට වහල් වී ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක තෝරාගන්න බැහැ. ඉක්මන් වෙන්න එපා. ඒ සඳහා කාලය අවශ්‍ය වෙනවා. සිදු කරන ලද පර්යේෂණ බොහොමයකින් පෙන්වන්නේ ආදරය කිරීමට හෝ විවාහ වීමට කඩිමුඩියේ ගන්න තීරණ රැකියාවට, මානසික හා ශාරීරික සෞඛ්‍යයට මෙන්ම මුළු ජීවිත කාලයටම බලපාන බවයි.
පෙම්වතාට පෙම්වතිය අහිමි වෙනවා: දුෂ්ටයෙක් ඇවිත් ලස්සන යුවතියව පැහැරගෙන යනවා. කුමාරයා ඔහුගේ ජීවිතය පරදුවට තබමින් ඇයව සොයනවා. අමෙරිකාවේ නවකතා ලේඛකයන්ගේ සංගමයේ සාමාජිකාවක් මෙසේ පැවසුවා. “ආදර කතාවක ප්‍රධාන තේමාව විය යුත්තේ දෙදෙනෙක් ආදරයෙන් බැඳීම සහ එම බැඳීම දිගටම
තියාගන්න කරන සටනයි.” බොහෝ නවකතාවල ආදරවන්තයින් සියලු බාධකවලින් ජය ගන්න බව පාඨකයන් දන්නවා.සැබෑ ජීවිතයේදී අනිත් අයගෙන් එන බලපෑම්වලට අමතරව ආදරය කරන දෙදෙනා අතරත් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. මුදල් ප්‍රශ්න, රැකියාවෙන් හා මිතුරන්ගෙන් එල්ල විය හැකි ප්‍රශ්න මීට ඇතුළත් කළ හැකියි. ඒ වගේම එක් කෙනෙක් අනෙක් පුද්ගලයාගෙන් බලාපොරොත්තු වන දේ ඉටු නොවන විටත් ගැටලු ඇති වෙනවා. නවකතාවල, චිත්‍රපටවල තිබෙන ආදර චරිතවලට ප්‍රශ්න ගැටලු නැහැ. එයාලා ඉන්නේ සුරංගනා ලෝකයක. සැබෑ ජීවිතය ඊට වඩා වෙනස්. සැබෑ ජීවිතයේදී දෙදෙනෙක් ආදරය කරනකොට අද්දකින ගැටලු හෝ දරන වෙනස් මත, එකිනෙකාගේ පසුබිම්වල වෙනස්කම් නිකම්ම ජය ගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි රුචි අරුචිකම් හා පෞද්ගලිකත්වයන් පවා වෙනස් විය හැකියි. ඒ නිසා සෑහෙන වෑයමක් දැරිය යුතුයි. මීට හේතුව සැබෑ ප්‍රේමයට අයිති වන එකමුතුකම, නිහතමානීකම, මෘදුකම, බොහෝ ඉවසිලිවන්තකම සහ විඳදරාගැනීම වැනි ගුණාංග ඉබේ ඇති වෙන්නේ නැති නිසයි.—1 කොරින්ති 13:4-7.
පෙම්වතාට පෙම්වතිය නැවත ලැබෙනවා: කුමාරයා ලස්සන යුවතියව බේරගෙන දුෂ්ටයාව විනාශ කරනවා. ඉන්පස්සේ ආදරවන්තයන් විවාහ වී සතුටෙන් කල් ගෙවනවා. ගත් කතුවරයන් වීමට බලාපොරොත්තු වන අයට එක් සංස්කාරකවරයෙක් මෙවන් උපදෙසක් දෙනවා. “විවාහ වී සතුටෙන් කල් ගෙවනවා යන කතාවක අවසානය ඉතාමත් වැදගත්. . . . ආදරය කරන දෙදෙනා සතුටෙන් කල් ගෙවනවා නම් තමයි පාඨකයන්ට තෘප්තියක් ලැබෙන්නේ.” බොහෝ ආදර නවකතාවල විවාහයෙන් පස්සේ සිදු වෙන දේ විස්තර කරන්නේ කලාතුරකින්. විවාහයෙන් පස්සේ ඇති වෙන එකඟ නොවීම්, නොයෙකුත් අභියෝග සහ දුෂ්කරතා නිසා යුවළයන් පීඩනවලට ලක් වෙනවා. දික්කසාද වෙන සංඛ්‍යාවෙන් පෙනී යන්නේ බොහෝ යුවළයන් මෙම අභියෝග ජය ගන්නේ නැති බවයි.
නවකතාවල ආදරය හරිම සුන්දරයි. කිසිම කරදරයකින් තොරව ආදරය ජය ගන්නවා. ඒත් සැබෑ ජීවිතයේදී ආදරය රැකගැනීමට සෑහෙන වෑයමක් දැරිය යුතුයි. ආදරය කරන දෙදෙනා අතර ඇති වන මත භේද හොඳින් තේරුම්ගන්නවා නම් ඔබ යථාර්ථවාදී නොවන බොළඳ බලාපොරොත්තු තබාගන්නේ නැහැ. පසුවට පසුතැවිලි වීමට සිදු වෙන හදිසි තීරණ ගැනීමෙන්ද ඔබව වළක්වනවා. සැබෑ ප්‍රේමයක් වර්ධනය කරගන්නා අන්දමත් අන් අයගේ සිත්ගන්නා පුද්ගලයෙක් වෙන අන්දමත් අනෙක් ලිපියේ පෙන්වා දෙනවා.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අනුන්ට ආදරයක් පෙන්වන්නේ නැති කෙනෙකුට ආදරය ලැබෙන්නේ අඩුවෙන්
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
නවකතාවල ආදරය හරිම සුන්දරයි. සැබෑ ජීවිතයේදී ඒ සඳහා වෑයමක් දැරිය යුතුයි
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ප්‍රේම කතාවේ වීරයා හා පෙම්වතිය
එක්සත් ජනපදයේ නවකතාවලින් වසරකට ඩොලර් කෝටි සියයකට වඩා වැඩි මුදලක් උපයනවා. එම රටේ විකිණෙන නවකතාවලින් හරි අඩක් පමණ ආදර කතා. අමෙරිකාවේ නවකතා ලියන ලේඛකයන්ගේ සංගමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පාඨකයන්ගෙන් සියයට 90ක්ම කාන්තාවන්. පාඨකයන්ගේ අදහස වන්නේ වීරයාට හොඳ පිරිපුන් සිරුරක්, කඩවසම් පෙනුම සහ බුද්ධිය යන අංග ලක්ෂණ තුන තිබිය යුතු බවයි. වීරවරියටත් බුද්ධිය, ශක්තිමත් පෞද්ගලිකත්වය හා ප්‍රියමනාප පෙනුම තිබිය යුතුයි.
[6, 7වන පිටුවේ පින්තූර]
බොහෝවිට ජනමාධ්‍යය ආදරය ගැන හරි චිත්‍රයක් මවන්නේ නැහැ