Skip to content

පටුනට යන්න

අපේ දරුවන් රැකගැනීමට මඟක්

අපේ දරුවන් රැකගැනීමට මඟක්

අපේ දරුවන් රැකගැනීමට මඟක්

පසුගිය වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවක් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත ගැන අගය පළ කරමින් මෙසේ ලියුවා. “‘ආච්චි අපිට යේසුස්ගේ පොතෙන් කතන්දරයක් කියන්නකෝ’ කියලා මගේ මුණුබුරන් නින්දට යන්න කලින් මට කියනවා. ඔවුන්ගේ වයස අවුරුදු 4, 6 සහ 7යි. ඔවුන් කතන්දර අහගෙන ඉන්නේ හරිම ආසාවෙන්.”

ආච්චි තවදුරටත් මෙහෙම පැහැදිලි කරනවා. “මම ‘යේසුස්ව ආරක්ෂා කළ සැටි’ යන 32වන පරිච්ඡේදය කියෙව්වා. මං ඇත්තෙන්ම පුදුම වුණා. යෙහෝවා යේසුස්ව ආරක්ෂා කළ විදිහ ගැන කතා කළාට පස්සේ එහි බාලයන්ට ආරක්ෂා වීම සඳහා ප්‍රායෝගික උපදෙස් දීලා තියෙනවා. ‘කවුරු හරි කෙනෙක් එහෙම කරන්න ආවොත්, “එපා! ඔන්න මං ගිහින් කියනවා!”’ කියා එහි පැවසෙනවා.”

මෙක්සිකෝවේ සිටින පස්-හැවිරිදි බෙට්සයිඩාගේ මව පැවසුවේ දෙවන වරටත් ඇගේ දියණිය සමඟ ගුරුවරයා යන පොත ඈ කියෙවූ බවයි. ඇය තවදුරටත් මෙසේ පැවසුවා. “ලෝකය එන්න එන්නම පිරිහෙනවා. අපේ පොඩි කට්ටිය වෙන කාලවල සිටි අයට වඩා පීඩනකාරි දේවලට මූණ දෙනවා. මගේ දුව කියන්නේ 32වන පරිච්ඡේදයේ අයුතු බලපෑම්වලින් ආරක්ෂා වෙන විදිහ ගැන දීලා තියෙන උපදෙස් එයා හුඟක් අගය කරනවා කියලයි.”

ලස්සන පින්තූර සමඟ පිටු 256කින් සමන්විත ගුරුවරයා නම් මේ ලොකු පොත තම දරුවන්ව පුහුණු කිරීමට බයිබලයේ දී ඇති මඟ පෙන්වීම් අනුව කටයුතු කිරීමට දෙමාපියන්ට මහඟු උපකාරයක් වී තිබෙනවා. (හිතෝපදේශ 22:6) මෙහි තිබෙන පාඩම් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් මත පදනම්ව සරල භාෂාවෙන් ලියා තිබුණත් සියලු වයස් කාණ්ඩයන්ට සුදුසු තොරතුරු එහි අඩංගුයි. පිටපතක් ගෙන්වාගැනීම සඳහා මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.