Skip to content

පටුනට යන්න

“පැත්තකින් තියන්න හිතෙන්නේ නැහැ”

“පැත්තකින් තියන්න හිතෙන්නේ නැහැ”

“පැත්තකින් තියන්න හිතෙන්නේ නැහැ”

▪ ගිය වසරේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරා පැවැත්වූ සමුළුවලදී පිටු 224කින් යුත් අලංකාර පින්තූරු සහිත පොතක් නිකුත් කළා. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන මෙම පොතේ මූලික බයිබල් ඉගැන්වීම් දක්වා තිබෙනවා.

“මම දැකලා තියෙන අනිත් හැම පාඩම් පොතකටම වඩා හොඳ තොරතුරු ගොඩක් මේ පොතේ තියෙනවා. මට මේක පැත්තකින් තියන්න හිතෙන්නේ නැහැ” කියා පාඨකයෙක් ලිව්වා.

තවත් පාඨකයෙක් මෙසේ පැවසුවා. “එක පිටුවක් කියවද්දී ඊළඟ පිටුව කියවන්නම හිතෙනවා. ඒ වගේම හැම පරිච්ඡේදයකම අවසානයේදී ඊළඟ පරිච්ඡේදයට අපිව ගෙන යන විදිහටත් මම කැමතියි. සමහර තැන් කියවද්දී මගේ ඇස්වලට කඳුළු ආවා. මේක ඒ තරමටම අපූරු පොතක්. . . . මේකෙ තියෙන මං ආස කරන කරුණු ගැන පොතක් වුණත් ලියන්න මට පුළුවන්!”

එය අගය කරන තවත් පුද්ගලයෙක් මෙසේ ලිව්වා. “ඇත්තෙන්ම මේ පොත ගුණධර්ම හා සදාචාරය උගන්වන අගනා මැණිකක්. අලුත් ගෝලයන්ට උගන්වන්න මෙය කදිම පොතක්.”

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නම් පොත භාෂා 140කට වඩා වැඩියෙන් තිබෙනවා. පිටපතක් ගෙන්වාගැනීම සඳහා මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.