මට කියවන්න ආසාවක් නැත්තේ ඇයි?
යෞවන අය අසති . . .
මට කියවන්න ආසාවක් නැත්තේ ඇයි?
“එක තැනකට වෙලා කියවන්න හරි අමාරුයි. රූපවාහිනිය බලන්න නම් හරි ආසයි.”—රුසියාවේ මාගරිටා, අවුරුදු 13යි.
“කියවීමයි පැසිපන්දු ක්‍රීඩාවයි අතර තේරීමක් කරන්න වුණොත් මම තෝරගන්නේ ක්‍රීඩාවයි.”—එක්සත් ජනපදයේ ඔස්කා, අවුරුදු 19යි.
ඔබ ඒ ටික හරි කියෙව්වේ කියවීමට ඉගෙනගත් නිසයි. කියවීමේ හැකියාව කොයිතරම් වැදගත්ද කියලා ඔබට තේරෙනවා ඇති. කොහොමවුණත් පොතක් හෝ සඟරාවක් කියවීම බෙහෙත් බොනවා වගේ වැඩක් කියා ඔබට හිතෙන්න පුළුවන්. ලෙඩේ සනීප වෙන්න බෙහෙත් බොන්න ඕනෑ බව ඔබ දන්නවා. ඒත් ඒ ගැන හිතනකොටත් ඔබට අප්පිරියාවක් ඇති වෙයි.
කියවීම ගැටලුවක් වී තිබෙන්නේ කොහොමද කියාත් කියවීමෙන් ලැබී තිබෙන ප්‍රයෝජන මොනවාද කියාත් දැනගැනීමට රටවල් 11ක තරුණ තරුණියන් සමඟ පිබිදෙව්! විසින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. පහත දැක්වෙන්නේ ඔවුන් පැවසූ අදහස්.
කියවීම අභියෝගයක් කියා ඔබට හැඟෙන්නේ ඇයි?
“කියවන්න වේලාවක් ලැබෙන්නේ කලාතුරකින්.”—ජර්මනියේ සෙම්සිහාන්, අවුරුදු 19යි.
“කියවන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක ටිකක් කම්මැලි වැඩක්.”—පිලිපීනයේ එසකියෙල්, අවුරුදු 19යි.
“සිත්ගන්නේ නැති දේවල් කියවන්න කියලා බල කරනවාට මම කැමති නැහැ.”—එංගලන්තයේ ක්‍රිස්ටියන්, අවුරුදු 15යි.
“පොඩි පොත් නම් කියවනවා. ඒත් ලොකු පොත් දකින කොටත් බය හිතෙනවා.”—ජපානයේ එරිකෝ, අවුරුදු 18යි.
“මගේ හිත එක තැනක තියාගෙන කියවන්න හරි අමාරුයි.”—දකුණු අප්‍රිකාවේ ෆ්රැන්සිස්කො, අවුරුදු 13යි.
ගීතාවලිය 1:1-3) එය ඔබට දුෂ්කරද? ඊට හේතුව මොකක්ද?
ක්‍රිස්තියානි යෞවනයන්ට දිරිගන්වන්නේ බයිබලය කියවීමටයි. (“බයිබලය ලොකු පොතක්! මම හිතන්නෑ මගේ මුළු ජීවිත කාලයටම ඒක කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා!”—රුසියාවේ ඇනා, අවුරුදු 13යි.
“බයිබලයේ සමහර කොටස් බැරෑරුම් නිසා කියවීමෙන් ආස්වාදයක් ලැබෙන්නෙනෑ.”—ඉන්දියාවේ ජෙස්රිල්, අවුරුදු 11යි.
“මට හරි කාල සටහනක් නැති නිසා නිතිපතා බයිබලය කියවන්න බැරි වෙනවා.”—එංගලන්තේ එල්සා, අවුරුදු 19යි.
“ගෙදර වැඩයි ඉස්කොලේ වැඩයි කරන කොට වෙලාව ඉතුරු වෙන්නේ නැහැ.”—මෙක්සිකෝවේ සුරිසාඩි, අවුරුදු 14යි.
“මගේ විනෝදාංශවලට වැඩි කාලයක් ගත වෙන නිසා බයිබලය කියවන්න අමාරුයි.”—ජපානයේ ෂෝ, අවුරුදු 14යි.
කියවීම අභියෝගයක් බව පැහැදිලියි. ඒත් වෑයමක් දැරීම වටිනවාද? ඔබ එයින් ප්‍රයෝජන ලබා තිබෙන්නේ කොහොමද?
“කියවීමෙන් මගේ දැනුම වැඩි වුණා. මේ නිසා වෙනත් අයත් එක්ක බය නැතුව කතා කරන්න මට පුළුවන් වුණා.”—ඉන්දියාවේ මොනිශා, අවුරුදු 14යි.
“කියවීමෙන් මට සහනයක් දැනෙනවා. මගේ ප්‍රශ්නත් අමතක වෙනවා.”—ඕස්ට්‍රේලියාවේ ඇලිසන්, අවුරුදු 17යි.
“කියවීම නිසා මට කවදාවත් යන්න බැරි තැන්වලට පවා යන්න පුළුවන් වෙලා තියෙනවා.”—දකුණු අප්‍රිකාවේ ඩුවාන්, අවුරුදු 19යි.
“අනිත් අය මට කියන දේවල් එකපාරටම විශ්වාස නොකර ඒවා ඇත්තද කියලා මටම හොයාන්න පුළුවන් වුණේ මම කියවන නිසයි.”—මෙක්සිකෝවේ ආබියූ, අවුරුදු 16යි.
කියවීමෙන් රස වින්දනයක් ලබන්න උපකාර වුණේ මොකක්ද?
“පොඩි කාලේ ඉඳන්ම ශබ්ද නඟා කියවන්න දෙමාපියන් මට උනන්දු කා.”—ඉන්දියාවේ ටාන්යා, අවුරුදු 18යි.
“කියවද්දී කියවන දේ සිතෙන් මවාගන්න මගේ දෙමාපියන් මට උනන්දු කළා.”—එංගලන්තේ ඩැනියෙල්, අවුරුදු 18යි.
“තාත්තා කිව්වා හිතෝපදේශ, ගීතාවලිය වගේ මම ආස කරන බයිබල් පොත් මුලින්ම කියවන්න කියලා. දැන් බයිබලය කියවන එක බරක් නෙමෙයි ප්‍රීතියක්.”—දකුණු අප්‍රිකාවේ ෂාරින්, අවුරුදු 16යි.
“මට අවුරුදු හතරක් වෙද්දීම මගේ දෙමාපියන් මට මේසයකුයි, පොත් රාක්කයකුයි දුන්නා. ඒ රාක්කේ මම ඉපදුණු දවසේ ඉඳන් මට ගත්තු පොත් දාලා තිබුණා.”—ජපානයේ අයිරී, අවුරුදු 14යි.
බයිබලය කියවීම වැදගත් කියා ඔබ සිතන්නේ ඇයි?
“මිනිසුන්ට බයිබලය ගැන හුඟාක් වැරදි අදහස් තියෙනවා. එනිසා තමන්ම හරි දේ මොකක්ද කියලා සොයා බලනවා නම් තමයි හොඳ.” (ක්‍රියා 17:11)—එක්සත් ජනපදයේ මැතිව්, අවුරුදු 15යි.
“බයිබලය තේරුම්ගන්න මහන්සි වෙන්න ඕනේ. ඒත් එය කියවීමෙන් මගේ විශ්වාසයන් ගැන අනිත් අයට බය නැතුව පැහැදිලි කරන්න මට පුළුවන්.” (1 තිමෝති 4:13)—එංගලන්තයේ ජේන්, අවුරුදු 19යි.
“බයිබලය කියවන කොට මට හිතෙන්නේ යෙහෝවා මටම කතා කරනවා කියලා. මගේ හිතට තදින් කාවදිනවා.” (හෙබ්‍රෙව් 4:12)—ඉන්දියාවේ ඔබදියා, අවුරුදු 15යි.
“බයිබලය කියවන නිසා යෙහෝවා මා ගැන හිතන විදිහ දැනගන්නත්, හොඳ උපදෙසුත් ලැබෙනවා. ඒ නිසා මම බයිබලය කියවන්නේ ලොකු ආසාවකින්.” (යෙසායා 48:17, 18)—රුසියාවේ වික්ටොර්යා, අවුරුදු 14යි.
බයිබලය හා බයිබලයේ දැනුම අඩංගු පොත් පත් කියවීමට කාලය සොයාගන්නේ කොහොමද?
“මගේ කාලසටහනට අනුව හැමදාම උදේට නැඟිට්ට ගමන්ම බයිබලයේ පරිච්ඡේදයක් කියවනවා.”—බ්‍රසීලයේ ලායිස්, අවුරුදු 17යි.
“මම කෝච්චියේ ඉස්කෝලෙට යන ගමන් බයිබලය සහ අනෙකුත් පොත් පත් කියවනවා. පහුගිය අවුරුදු හතර පුරා මේ පුරුද්ද දිගටම කරගෙන එනවා.”—ජපානයේ ටායිචි, අවුරුදු 19යි.
“මම හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා බයිබලයෙන් පොඩි කොටසක් කියවනවා.”—රුසියාවේ මරියා, අවුරුදු 15යි.
“මම හැමදාම මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවේ පිටු හතරක් කියවනවා. ඊළඟ කලාපය එන්න කලින් මුළු සඟරාවම කියවන්න පුළුවන් වෙලා තියෙනවා.”—ජපානයේ එරිකෝ, අවුරුදු 18යි.
“මම හැමදාම ඉස්කෝලේ යන්න කලින් බයිබලය කියවනවා.”—එංගලන්තේ ජේම්ස්, අවුරුදු 17යි.
කියවීමෙන් ඔබේ ආත්ම විශ්වාසය ගොඩනැඟෙන අතර ඔබේ දැනුමත් පුළුල් වෙන බව ඉහත අදහස්වලින් ප්‍රකාශ වුණා. විශේෂයෙන්ම බයිබලය සහ මෙම සඟරාව ඇතුළු බයිබලයේ දැනුම අඩංගු ප්‍රකාශන කියවීමෙන් ඔබට “දෙවිට ළං වන්න” උපකාරයක් ලැබෙනවා. (යාකොබ් 4:8) ඒ නිසා කියවීම අභියෝගයක් වුණත් උත්සාහය අත්හරින්න එපා!
සිතා බලන්න
▪ දෙවිගේ වචනය කියවීම වැදගත් වන්නේ ඇයි?
▪ බයිබලය හා ඊට අදාළ පොත් පත් කියවීමට හැකි ‘සෑම අවස්ථාවක්ම’ සොයාගන්නේ කොහොමද?—එෆීස 5:15, 16.
[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]
කියවන විට
ඔබ කියවන දේ ඔබ දැනටමත් දන්න දේ සමඟ සම්බන්ධ කරන්න. පහත සඳහන් ප්‍රශ්න ඔබෙන් අසන්න:
▪ කියවන දේ හා කියවූ දේ කලින් කියවූ පොත් පත්, සඟරා හෝ නවකතාවල හිටිය චරිත හෝ තිබණ තත්වයන් දැන් කියවන දෙයට සමානද?
▪ කියවන දේ හා මම මේ කියවන දේ මගේ තත්වයට, සංස්කෘතියට හෝ ගැටලුවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ තොරතුරුවලින් මගේ ජීවිතය යහපත් අතට හරවාගන්න පුළුවන් වෙයිද?
▪ කියවන දේ හා වටපිටාව මෙම තොරතුරු මගින් ස්වභාව ධර්මය, පරිසරය, වෙනත් සංස්කෘති හෝ සමාජයේ තිබෙන ගැටලු ගැන මාව කොතරම් දැනුවත් කරනවාද? මැවුම්කරු ගැන මොනවාද කියා දෙන්නේ?