Skip to content

පටුනට යන්න

වියැකී නොයන තාරුණ්‍යය

වියැකී නොයන තාරුණ්‍යය

වියැකී නොයන තාරුණ්‍යය

“අප ආයු හැත්තෑ අවුරුද්දකි. සවි ශක්තිය ඇත්නම්, අසුවක් විය හැකිය. . . . අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේය.”—ගීතාවලිය 90:10, නව අනුවාදය.

තාරුණ්‍යයේ කඩඉම පසු නොකර හැමදාම ඉන්න පුළුවන් නම්! යොවුන් ශක්තියයි බුද්ධිමය හැකියාවයි ජීවිත කාලයටම තියෙනවා නම්! මෙවැනි අපේක්ෂාවන් සැබෑ නොවන සිහිනයක් විතරයි කියා ඔබ සිතනවාද? එසේනම් මෙම අසාමාන්‍ය කරුණ ගැනත් සිතා බලන්න. සමහර ගිරවුන්ට වසර සියයක ආයු කාලයක් තිබෙනවා. ඒත් මීයන්ට තිබෙන්නේ බොහෝදුරට වසර තුනක ආයු කාලයක්. විවිධ සතුන් අතර තිබෙන ආයු කාලයේ විශාල වෙනස නිසා සමහර ජීවවිද්‍යාඥයන් නිගමනය කරන්නේ වයසට යෑම සඳහා හේතුව සොයාගත හැකි නම් එයට විසඳමකුත් සොයාගන්න පුළුවන් විය යුතුයි.

වයසට යෑම නතර කළ හැකි ප්‍රතිකාර ක්‍රම සෙවීමේදී ඖෂධ නිපදවන සමාගම් ඒ සඳහා සෑහෙන මුදලක් යට කරමින් සිටිනවා. දෙවන ලෝක මහ යුද්ධයෙන් පසුව ඉපදී දැන් වයස 60 ගණන්වලට පා තබා සිටින අයත් වයසට යෑමෙන් වැළකීමට පෞද්ගලික උනන්දුවක් දක්වමින් සිටිනවා.

ප්‍රවේණි විද්‍යාව, අණුක ජෛව විද්‍යාව, සත්ව විද්‍යාව පිළිබඳව හා මහලු වීමේ ක්‍රියාවලිය පිළිබඳව පර්යේෂණ පවත්වන බොහෝදෙනෙකුගේ මූලික පරමාර්ථය වී තිබෙන්නේ වයසට යෑමේ හේතුව සොයාගැනීමයි. මහලු වීමට හේතු සඳහන් කර ඇති පොතක කර්තෘ වන ස්ටීවන් ඕස්ටඩ් මෙසේ පවසනවා. “මහලු වීමට හේතුව සොයන පර්යේෂකයන් එකට රැස් වෙද්දී ප්‍රසිද්ධියේ ඒ ගැන කතා නොකළත් ඔවුන් තුළ යම් උද්‍යෝගයක් ඇති වී තිබෙනවා. මෙසේ වී තිබෙන්නේ වයසට යෑමට හේතුව දැන් අපට ටිකෙන් ටික අවබෝධ වෙන නිසයි.”—එම පොත Why We Age.

වයසට යෑමේ හේතුව පිළිබඳ විවිධ මත තිබෙනවා. වයසට යන්නේ සෛල ගෙවී යන නිසයි කියා සමහරු පවසද්දී තවත් අය කියන්නේ එය කාටවත් නතර කළ නොහැකි දෙයක් කියායි. මේ මත දෙකම දරන අයත් ඉන්නවා. වයසට යෑමේ ක්‍රියාවලිය ගැන අපට පුළුල් අවබෝධයක් තිබෙනවාද? මේ සඳහා හොඳ ප්‍රතිකාර ක්‍රමයක් තිබෙන බව සිතීමට හේතු තිබෙනවාද?

[2, 3වන පිටුවල වගුව/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ආසන්න ආයු කාලය

මීමැස්සා

දවස් 90යි

මීයා

වසර 3යි

බල්ලා

වසර 15යි

වඳුරා

වසර 30යි

කිඹුලා

වසර 50යි

අලියා

වසර 70යි

මිනිසා

වසර 80යි

ගිරවා

වසර 100යි

යෝධ ඉබ්බා

වසර 150යි

දැවැන්ත සෙකුවා

වසර 3,000යි

පයින් ගස් වර්ගයක්

වසර 4,700යි

[3වන පිටුවේ පින්තූරය]

සමහර ගිරව් වසර 100ක් ජීවත් වුවත් මිනිසුන් ජීවත් වෙන්නේ අවුරුදු 80ක් වැනි කාලයක් “වයසට යෑමේ හේතුව කුමක්ද” කියා පර්යේෂකයන් අහනවා