Skip to content

පටුනට යන්න

ජනයා ඇදී එයි ඔබටත් ඇරයුම්

ජනයා ඇදී එයි ඔබටත් ඇරයුම්

ජනයා ඇදී එයි ඔබටත් ඇරයුම්

▪ කොතැනටද? “ගැලවීම අත ළඟයි!” නමැති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවට. මැයි මස අවසාන සති අන්තයේදී එක්සත් ජනපදයෙහි පටන්ගත් තුන් දින සමුළුව ලොව පුරා නගර සිය ගණනක පැවැත්වීමට සැලසුම් යොදා හමාරයි. මෑතකදී එවැනි තුන් දින සමුළු 2,981කට මිලියන 11කට ආසන්න සෙනඟක් රැස් වුණා.

බොහෝ ස්ථානවල සැසිවාරය ඇරඹෙන්නේ පෙරවරු 9:30ට සංගීත වාදනයක් සමඟයි. සිකුරාදා “ගැලවීම පිළිබඳ යෙහෝවාගේ පොරොන්දු හොඳින් සිතට ගන්න” සහ “යෙහෝවා දෙවි දුක් විඳින්නන්ව ගලවන අයුරු” යන විෂයන් යටතේ සාකච්ඡා කෙරෙනවා. “යෙහෝවා අපිට ‘සදාකාලික මිදීම’ සලසා දෙන අයුරු” යන මූලික ඇමතුමෙන් පෙරවරු සැසිවාරය අවසන් වෙයි.

සිකුරාදා පස්වරු සැසිවාරයේදී “යෙහෝවා දෙවි මහලු අයව ආදරෙන් රැකබලා ගනියි,” “වේදනාකාරී විපත්වලින් ගැලවීම” සහ “දේවදූතයන්ගෙන් ඉටු වන සේවය” යන කතා ඉදිරිපත් කෙරෙනවා. “ඔබට විරුද්ධව සාදන කිසි ආයුධයක් සඵල නොවෙයි” යන අවසන් කතාවට කලින් කොටස් හතරකින් සමන්විත “යෙහෝවා මිදුම්කාරයාණෝ වූ අයුරු” යන කතා මාලාව ඉදිරිපත් කරයි.

සෙනසුරාදා පෙරවරු සැසිවාරයට “දේවසේවය ‘අත් නෑර’ කරන්න” යන තේමාව යටතේ කොටස් තුනකින් යුත් කතා මාලාවක් මෙන්ම “දඩයක්කාරයාගේ උගුලෙන් ගැලවෙමු” සහ “දෙවිගේ ගැඹුරු දේවල් සොයන්න” යන කතාද ඇතුළත්. උදෑසන සැසිවාරය අවසන් වන්නේ බව්තීස්ම කතාවෙන් හා බව්තීස්මය සඳහා සුදුසුකම් ලැබූ අයව බව්තීස්ම කිරීමෙන්.

සෙනසුරාදා පස්වරුවේ තිබෙන්නේ “ශරීර සෞඛ්‍යය ගැන දේවවචනයේ දී ඇති මඟ පෙන්වීමට කීකරු වෙමු,” “ඔබේ ජීවිතය පාලනය වන්නේ කුමකින්ද?,” “ඔබේ විවාහය තුන්පට ලණුවක් සේ ශක්තිමත්ද?,” යෞවනයෙනි ‘ඔබේ මැවුම්කාරයාණන් සිහි කරන්න’” යන කතායි. “ඔබ ජීවත් වන්නේ යෙහෝවාගේ දවස මනසේ ප්‍රමුඛව තබාගෙනද?” යන අවසාන කතාවෙන් අපේ කාලයට අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් සපයනු ලබයි.

ඉරිදා පෙරවරු වැඩසටහනට “ස්වර්ග රාජ්‍යය පිළිබඳ උපමා . . . ” නම් තේමාව යටතේ කතා මාලාවක් ඇතුළත්. මෙහිදී කතා හතරකින් යේසුස්ගේ උපමා කීපයක් ගැන කෙටියෙන් සාකච්ඡා කෙරෙයි.

සමුළුවේ විශේෂාංගයක් වන නාට්‍යය හඳුන්වා දීමට කතාවක් දෙනු ලබයි. නාට්‍යය පදනම් වී තිබෙන්නේ බයිබලයේ පළමුවන රාජාවලිය පොතේ 13වන පරිච්ඡේදය මතයි. මෙදින පස්වරුවේ සමුළුවේ අවසාන සැසිවාරයේදී “දේවරාජ්‍යය ගෙන එන ගැලවීම අතළඟයි” යන ප්‍රසිද්ධ කථාව අසන්න ලැබෙයි.

පැමිණීමට දැන්ම සැලසුම් යොදන්න. ඔබේ ප්‍රදේශයට කිට්ටුම ස්ථානය දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවකින් විමසන්න. නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශිතයන්ට ලියන්න.