Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

සහයෝගිතාව—(2005 සැප්තැම්බර් 8) මුලින් මම මේ ලිපි පෙළ ගැන ඒ තරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. මට එයින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා හිතුවා. ඒත් සියලුම ලිපි කියෙව්වට පස්සේ මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා. යෙහෝවාගේ පුදුමාකාර නිර්මාණ ගැන කියවද්දී මම නිතර නිතර දෙවිට ස්තූති කළා. සතුන් සහයෝගයෙන් වැඩ කරන ආකාරය විශිෂ්ටයි.

එක්සත් ජනපදයේ බී. කේ.

යෞවන අය අසති . . . නුසුදුසු අය සමඟ බැඳීමක් ඇති කරගැනීමෙන් මම වළකින්නේ කොහොමද? (2005 සැප්තැම්බර් 8) බයිබල් සත්‍යයන් තුළ මුල් ඇද නැති “නුසුදුසු” කෙනෙකුට මගේ සිත ඇදී ගියා. මෙහි තොරතුරු මගින් දෙවි එක්ක හොඳ මිත්‍රකමක් නැති පුද්ගලයෙක් සමඟ ආශ්‍රය කිරීමේ අනතුර ගැන මම දැනගත්තා. එයින් පෙන්නුම් කරන්නේ යෙහෝවා දෙවි අපි ගැන සැලකිලිමත් වන බවයි. අවශ්‍ය වෙලාවට උපකාර කිරීම ගැන ඔබට ස්තුතියි.

සැම්බියාවේ ඒ. බී. කේ.

සුදුසු ආශ්‍රිතයන්ව තෝරගැනීම අවශ්‍ය බව තේරුණේ මේ ලිපිය කියවීමෙන් පසුවයි. නුසුදුසු ආශ්‍රිතයන්ව අයින් කරන එක අමාරු දෙයක් වුණා. ඒත් එය කිරීමට මේ ලිපිය මට හුඟක් උපකාර කළ නිසා මම එය නිතරම ළඟ තියාගන්නවා. ඔබ යෞවනයන්ට කරන උපකාරයට හා දිරිගැන්වීම්වලට ස්තුතියි.

එක්සත් ජනපදයේ එල්. ආර්.

බයිබලයෙන් පිළිතුරක්—ඔබ කන්‍ය මරියාට යාච්ඤා කළ යුතුද? (2005 සැප්තැම්බර් 8) ඔබේ ආදර්ශවත් හැසිරීම නිසා මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අගය කරනවා. ඒ වගේම ඔබේ සඟරාවලින් මට බොහෝ ප්‍රයෝජන ලැබිලා තියෙනවා. එහෙත් මරියාගෙන් උපකාර ඉල්ලීම අවශ්‍ය නැහැ කියා කියන්නේ කොහොමද? ඇය අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරනවා. ඇය නිසා තමයි අපට සාමයෙන් ඉන්න පුළුවන්.

ස්පාඤ්ඤයේ ඊ. ආර්.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: එම සඟරාවේ පැහැදිලි කළේ දෙවිට මිස වෙන කෙනෙකුට යාච්ඤා කරන්න බයිබලයේ අපට අවසර දී නැති බවයි. කතෝලික පූජකයෙක් මෙන්ම කර්තෘවරයෙක් වන ඇන්ඩෘ ග්‍රීලි පවසන පරිදි “ක්‍රිස්තියානි ධර්මයේ දේවමෑණියන් අප වෙනුවෙන් කන්නලව් කරයි යන අදහස මාතෘ දේවතාවියන්ට නමස්කාර කිරීම හා සම්බන්ධ දෙයක්. එම විශ්වාසය වෙනත් ඉපැරණි ආගම්වලට සෘජුවම සම්බන්ධයි.” මේ අනුව මරියාට යාච්ඤා කිරීම ක්‍රිස්තියානි ඉගැන්වීමක් නොවේ. මෙය අපගේ පාඨකයන්ට අලුත් අදහසක් නම් අපි ඔබට ආරාධනා කරන්නේ බයිබලයේ මේ ගැන ඇත්තටම කියන්නේ කුමක්ද කියා සොයා බලන්නයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙක් වරක් කතෝලිකයන්ව සිටි අතර බයිබලය පාඩම් කරන්න පටන්ගත් විට ඔවුන් දැනගත්තා යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසි කෙනෙකුගේ මැදිහත් වීමකින් දෙවිට යාච්ඤා කරන්න අවශ්‍ය නැති බව. (හෙබ්‍රෙව් 7:25) වැඩි විස්තර සඳහා “බයිබලේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගමු”  * යන ප්‍රකාශනයේ “දෙවි පිළිගන්නා නමස්කාරය” යන 15වන පරිච්ඡේදය බලන්න. අපේ විශ්වාසයන් ශුද්ධ ලියවිල්ලට එකඟ විය යුතුයි යන වැදගත් කාරණය එහි පැහැදිලි කරනවා.

සිනහවෙන් රෝගයට මුහුණ දීම (2005 අප්‍රියෙල් 22, සිංහලෙන් නැහැ.) මගේ බිරිඳ අක්මාවේ ඇති වූ රෝගයක් නිසා මාස 8ක් දුක් විඳලා 2002 දෙසැම්බර් මාසේදී මිය ගියා. ඒත් ඒ වෙනකම්ම ඇය සතුටින් සිටින්න උත්සාහ කළ අතර කතා කළේ හොඳ දේවල් ගැන විතරයි. මේ ලිපිය කියෙව්වට පස්සේ මට තේරුණා එයා එහෙම කරන්න හේතුව. කොන්චි වගේ ඇයටත් ශුභවාදී ආකල්පයක් තිබීමෙන් ඇගේ රෝගයත් වේදනාවත් දරාගන්න හැකි වුණා. මට මගේ බිරිඳව තේරුම්ගන්න උපකාර කළාට ඔබට ස්තුතියි.

එක්සත් ජනපදයේ ඩී. එච්.

අපගේ පාඨකයන්ගෙන් මම ආසාවෙන් “අපගේ පාඨකයන්ගෙන්” යන පිටුව කියවනවා. සමහරවෙලාවට පාඨකයෙක්ගේ අදහසක් කියවද්දී ‘මටත් හැඟෙන්නේ ඒ විදිහටමයි!’ කියලා මට හිතෙනවා. තවත් සමහර අදහස් කියවද්දී මටම තේරෙනවා ‘මම ඒ කරුණ දැක්කේ නැහැ’ කියලා. එවිට ඒ ලිපිය නැවතත් කියවන්න ආශාවක් ඇති වෙනවා. නිතරම මෙසේ කරද්දී සිතට කාවදිනවා වගේම දිරිගැන්වෙනවා.

ජපානයේ එම්. ටී.

[පාදසටහන]

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්