Skip to content

පටුනට යන්න

පවුලේ සන්තෝෂය විය හැකි දෙයක්ද?

පවුලේ සන්තෝෂය විය හැකි දෙයක්ද?

පවුලේ සන්තෝෂය විය හැකි දෙයක්ද?

ගිය අවුරුද්දේ මෙක්සිකෝවේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වෙත ලිපියක් ලැබුණා. එය එවා තිබුණේ තරුණ මවක්. ඇය සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා උපකාර ඉල්ලා තිබුණා. පිබිදෙව්! සඟරාව කියවීම ගැන ඇගේ හැඟීම් ඇය පැහැදිලි කළේ මෙලෙසයි:

“මම විවාහ වෙලා දැනට අවුරුදු තුනක් වෙනවා. හොඳ පවුල් ජීවිතයක් ගොඩනඟන්න අවශ්‍ය උපදෙස් හා තොරතුරු දැනගන්න කැමතියි. මීට අවුරුදු දෙකකට කලින් අපිට ලස්සන පුතෙක් හම්බ වුණා. එයාව හොඳින් ඇතිදැඩි කරන්නත් මං කැමතියි.”

මේ මව පවුලේ සන්තෝෂයට රහස යන ප්‍රකාශනය ගැන අසා තිබුණ නිසා එයින් පිටපතක් ඉල්ලුම් කළා. දහසකුත් දෙනාද කර ඇත්තේ මේ හා සමාන දෙයක්. මේ පොත කියවූ බොහෝ අය එයින් තමන්ට ප්‍රයෝජන ලැබුණ බව වාර්තා කළා. පොතේ උපදේශාත්මක පරිච්ඡේද කීපයක් නම් “බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න,” “ඔබේ පවුල විනාශකාරී බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” සහ “ඔබේ පවුල තුළ සාමය පවත්වාගන්න” යන පරිච්ඡේදයි.

පවුලේ සන්තෝෂයට රහස යන ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට මෙහි ඇති කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ පවුලේ සන්තෝෂයට රහස යන පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.