අපගේ පාඨකයන්ගෙන්
අපගේ පාඨකයන්ගෙන්
වීදුරුවේ මර උගුල—ඔබ ඉන්නේ අනතුරකද? (2005 ඔක්තෝබර් 8) බෙහෝවිට පාඨකයන් ලියා එවන්නේ “ඒ ලිපිය ලැබුණේ නියම වෙලාවට” කියලයි. හැබැයි මීට කලින් කවදාවත් මට එහෙම හිතිලා නැහැ. නමුත් මේ ලිපි පෙළ දැක්ක විට මටත් එහෙම හිතුණා. දැන් කාලයක් තිස්සේ මමත් ටිකක් වැඩියෙන් බොනවා කියලා මටම තේරුණා. මම බේබද්දෙක් නූණත් මෙහි තිබෙන අන්තරාව ගැන කියෙව්වට පස්සේ මගේ මේ ප්රශ්නය විසඳගන්න ඕනෙ කියලා මම තීරණය කළා.
ජර්මනියේ කේ. ඩබ්ලිව්.
අවුරුදු 30ක් පුරා බීමත්කමට වැටී සිටි හිලාරියෝගේ අද්දැකීම මේ කලාපයේ සඳහන් කර තිබුණා. ඔහු තම සභාවේ සිටින අය ගැන පවසන්නේ “ඒගොල්ලන් කවදාවත් මාව අත්හැරියේ නැහැ වගේම නිතරම මාව දිරිගැන්නුවා” කියලයි. නමුත් ඇයි ඔහුට තරවටු කිරීමක් කළේ නැත්තේ? ඇයි ඔහුව ක්‍රිස්තියානි සභා ඇසුරෙන් කපාහැරියේ නැත්තේ?
එක්සත් ජනපදයේ ආර්. එල්.
“පිබිදෙව්!” පිළිතුරු දෙයි: මෙය හිලාරියෝගේ ජීවිත කතාව නෙවෙයි. එම අවුරුදු 30 ඇතුළත මොන කාලයේදී ඔහු බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙක් වුණාද කියා අපි හරියටම දන්නේ නැහැ. ඊට අමතරව සභාවේ වැඩිමහල්ලන් ඔහුට තරවටු කළාද කියා ලිපියේ සඳහන් කර නැති වුණත් ඔහුට බයිබලය තුළින් උපදෙස් ලැබුණ බව එහි පවසයි. සමහරවිට මෙවන් උපදෙස් ලැබෙන්නේ විනිශ්චය කමිටුව තුළින්. හිලාරියෝට සිදු වුණා වගේ සමහරවිට කෙනෙක් එම ප්‍රශ්නයෙන් ගොඩ ආවත් විටින් විට එම තත්වයට නැවත ගොදුරු වෙන්න පුළුවන්. බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙක් එම තත්වයේ සිටිනවා නම් කාරණා හසුරවන ආකාරය ගැන 1983 මැයි 1 මුරටැඹ සඟරාවේ 8-11 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)
යෞවන අය අසති . . . නුසුදුසු අය වෙතට මගේ සිත ඇදී යන්නේ ඇයි? (2005 අගෝස්තු 8) මම වහාම තීරණයක් ගන්න ඕනෙ කියලා මේ ලිපියෙන් මට වැටහුණා. ඒ නිසා නරක ආශ්රයෙන් අයින් වීමට මට හැකි වුණා. දැන් මට සභාව තුළ කිට්ටුවෙන් බැඳුණු බාල මහලු හුඟදෙනෙක් ඉන්නවා. යෙහෝවාට ආදරය කරන ඒ අයගෙන් මට ආදරය වගේම ජීවන මාර්ගයේ ගමන් කිරීමට දිරිගැන්වීම්ද ලැබෙනවා.
මෙක්සිකෝවේ එම්. ඩී.
ඉලක්කය අත් කරගන්න මම අදිටන් කරගත්තා (2005 ජූලි 8) මම මාර්ටාගේ අද්දැකීම කියවද්දී මගේ ඇස්වලින් කඳුළු කඩා වැටුණා. මමත් අපස්මාරයෙන් හුඟක් දුක් විඳලා තියෙනවා. මම පසුගිය අවුරුදු දහය පුරා පූර්ණකාලීන දේවසේවකයෙක් ලෙස සේවය කළත් මගේ රෝගය දරුණු වන අවස්ථාවලදී එය මට දුෂ්කර කාර්යයක්. මාර්ටාගේ අද්දැකීම තුළින් මගේ අධිෂ්ඨානය ශක්තිමත් වූ අතර එය මට විශාල සැනසිල්ලක් වෙලා තිබෙනවා.
පෝලන්තයේ ජේ. එස්.
මාර්ටාට තිබුණා වගේ ගැටලු සමඟ මමත් සටන් කර තිබෙනවා. ඒත් ඇගේ අද්දැකීම කියෙව්වට පස්සේ මම මගේ ආහාර පාලනය කරන්න පටන්ගත්තා. අවුරුදු දහයකට වඩා මගෙන් යෙහෝවා දෙවිට විය යුතු සේවය අපස්මාරය නිසා අඩපණ වුණා. නමුත් දැනට අවුරුදු තුනකට ඉස්සර මම තීරණය කළා පූර්ණකාලීන දේවසේවකයෙක් වෙන්න. මම දැන් ඉන්නේ ලොකු සතුටකින්. මෙවැනි දිරිගැන්වෙන අද්දැකීම් ලබා දෙනවට යෙහෝවා දෙවි ඔබට ආශිර්වාද කරයි!
බ්‍රසීලයේ බී. සී. සී.
මාර්ටාගේ අඛණ්ඩතාව ගැන කියවද්දී මට මොන තරම් දිරිගැන්වීමක් ලැබුණද! ඇගේ සේවය ඇයට නතර කරන්න සිදුවීම ගැන මට දුකයි. නමුත් මාර්ටාගේ සමබර ආකල්පයත්, යෙහෝවා දෙවි ඇගේ සේවය අගය කරන බවට ඇයට තිබූ විශ්වාසයත් මටත් ලොකු සහනයක් වුණා.
ජපානයේ එස්. එච්.
මාර්ටා මෙන් මටත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. මගේ සීමාවන් මොනවාද කියා මම තේරුම් අරන් තිබෙන නිසා මාර්ටා වගේ පූර්ණකාලීන දේවසේවකයෙක් හැටියට සේවය කරන්න මට හැකි වුණා. ඇගේ ජීවිත කතාව මට ලොකු දිරිගැන්වීමක්.
ස්විට්සර්ලන්තයේ එෆ්. ජී.