Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“උතුරු අර්ධගෝලයේ උෂ්ණත්වය ඉහළටම නැග්ගෙත්, ඉන්පසු ලොව පුරා උෂ්ණත්වය වැඩි වුණෙත්” පසුගිය වසරෙයි. “උණුසුම්ම වසර 10න් අටක් තිබී ඇත්තේ පසුගිය වසර දහය ඇතුළතයි.”—බ්‍රිතාන්‍යයේ, BBC NEWS.

වර්ෂ 2005දී අත්ලාන්තික් සාගරය හරහා සැඩ කුණාටු හැමූ කාලයේ තමයි “දරුණුම” හා “විශාලතම විනාශය” සිදු වුණේ. වාර්තා වූ සැඩ කුණාටු දාහතරෙන් හතක්ම පැයකට කිලෝමීටර් 177කට වඩා වේගයෙන් හැමුවා.—එක්සත් ජනපදයේ NATIONAL OCEANIC AND ATMOSPHERIC ADMINISTRATION.

“[අමෙරිකාවේ] මොන්ටානා ජාතික උද්‍යානයේ 1850දී කඳු 150ක් අයිස්වලින් වැසී තිබුණත් දැන් එසේ වී තිබෙන්නේ 27ක් පමණයි.”—එක්සත් ජනපදයේ THE WALL STREET JOURNAL.

“පරිසරය උණුසුම් වීමේ අභියෝගයට මූණ දීම සඳහා මුදල් යට කරමින් තම ආර්ථිකය දුර්වල කරගැනීමට කිසිම රජයක් කැමති නොවන බවයි සත්‍යය.”—බ්‍රිතාන්‍ය අගමැති TONY BLAIR.

කතෝලික බැතිමතුන් ගෙයින් ගෙට යයිද?

සඕ පවුලෝවල අගරදගුරු ක්ලෝඩියෝ හ්‍යුම්ස් පවසන්නේ බ්‍රසීලයේ සිටින කතෝලිකයන්ගේ සංඛ්‍යාව ඉකුත් වසර 14 පුරා සියයට 83න් සියයට 67 දක්වා පහත බැස ඇති බවයි. කතෝලික සභාව “තමන්ගේ බව්තීස්ම ලත් සාමාජිකයන්ට ශුභාරංචි පොත්වල තිබෙන දේ හරිහැටි දේශනා නොකිරීම” ගැන ඔහු එම සභාවට දොස් පැවරූ අතර මෙසේද පැවසුවා. “පල්ලියට එන අයව විතරක් නෙවෙයි ගෙවල්වල, පාසැල්වල, ආයතනවල ඉන්න කතෝලිකයන්වත් හමු වෙන්න ඕනේ.” එක් පුවත්පතක සඳහන් වුණේ මේ වැඩේ කරන්න ඕන පූජකයන් නෙවෙයි මිෂනාරිවරුන් ලෙස පුහුණුව ලබා සිටින ගිහි ජනතාව කියායි. (එම පුවත්පත Folha Online) උතුරු අමෙරිකාවේ මෙක්සිකෝව සහ බ්‍රසීලය ඇතුළු දකුණු අමෙරිකාවේ කතෝලික සභාවේ ප්‍රධාන ගැටලුවක් වී තිබෙන්නේ පූජකයන්ගේ හිඟයයි.

ජර්මනියේ නීතික පිළිගැනීම

ජර්මනියේ ලයිප්සිග්හි ෆෙඩරල් පරිපාලන උසාවිය ගත් තීරණයක් 2006 පෙබරවාරි 10වෙනිදා පළ කරනු ලැබුවා. ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානය නීතියෙන් පිළිගත් සංස්ථාවක් ලෙස පිළිගත යුතු බවට බර්ලින් ප්‍රාන්තය මගින් නියෝගයක් පැනෙව්වා. මෙම නඩුව වසර 15ක් පුරා ජර්මනියේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණය ඇතුළු තවත් අධිකරණ කීපයකින් විභාග කළ පසුවයි එවැනි තීන්දුවක් ලැබුණේ. සංස්ථාවක් ලෙස ජර්මනියේ ලියාපදිංචි කළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානයට එම රටේ ප්‍රධාන ආගම්වලට හිමි වරප්‍රසාද ලැබුණ අතර සමහර බදු ගෙවීම්වලින්ද නිදහස් වෙන්න ඔවුන්ට හැකි වුණා.

චීන යෞවනයන් අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වී

“චීනයේ යෞවනයන් අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වීම වැඩි වෙමින් පවතිනවා” කියා පුවත්පතක සඳහන් වෙනවා. (එම පුවත්පත South China Morning Post) හොං කොං, ජපානය හා කොරියානු ජනරජයෙත් යෞවනයන් අතර දකින්න තියෙන්නේ මේ දේම තමයි. එම පුවත්පතේ මෙසේද පැවසුවා. “දෙමාපියන් දරුවන්ව හොඳින් බැරි නම් නරකින් හෝ විශ්ව විද්‍යාලයට ඇතුල් කිරීමේ අදහසින් ඔවුන් පිට මහත් බරක් පටවන නිසා දරුවන් සමාජ ආශ්‍රයට වැඩි කැමැත්තක් නොදක්වා මේ ක්‍රීඩාවලට ඇලුම් වෙනවා.” ගණන් බලා ඇති ආකාරයට, චීන දරුවන් මිලියන හයකට පමණ මෙම ඇබ්බැහිවීමෙන් ඉවත් වෙන්න උපකාර අවශ්‍යයි.