Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“වැඩිපුරම ජීවීන් සිටින වාසස්ථානය වන්නේ ගැඹුරු මුහුදයි. ගැඹුරු මුහුද මිනිසාට ඉතා දුෂ්කර වුවත් . . . බලන බලන හැම පැත්තෙම ජීවීන් ඉන්නවා. සමහරවිට උන්ගේ සංඛ්‍යාව දෙස බලද්දී අපිටත් පුදුමයි.”බ්‍රිතාන්‍යයේ, NEW SCIENTIST.

ළඟදී අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ හැරිස්බර්ග්හි ෆෙඩරල් උසාවියේ විනිශ්චයකරුවෙක් ගත් තීරණය ගැන ප්‍රකාශ කළේ “රජයේ පාසැලක පරිණාමවාදය වෙනුවට [බුද්ධිමත් නිර්මාතෘවරයෙක්] ගැන ඉගැන්වීම ව්‍යවස්ථානුකූල නැහැ” කියලයි.එක්සත් ජනපදයේ NEW YORK TIMES.

වර්ෂ 2005දී එක් වාර්තාවක පෙන්නුම් කළේ “අමෙරිකාවේ සියයට 51දෙනෙක්ම පරිණාමය ගැන ඉගැන්වීම ප්‍රතික්ෂේප කළා” කියායි.එක්සත් ජනපදයේ NEW YORK TIMES.

වයස අවුරුදු 175ක් වන කිලෝ 150ක් බර හැරියට් නම් යෝධ ඉබ්බා ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් සත්වෝද්‍යානයෙයි. “දැනට ලෝකයේ ජීවත් වන වයසකම සත්වයා මේ ඉබ්බා” කියා විශ්වාස කරනවා.ඔස්ට්‍රේලියාවේ AUSTRALIAN BROADCASTING CORPORATION.

ස්විට්සර්ලන්තයේ පර්යේෂකයන් විසින් විශේෂ බඩ ඉරිඟු වර්ගයක් සොයාගෙන තිබෙනවා. ඒවාට හැකියාව තිබෙනවා තමාවම කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්න. එම පැළෑටිය යම් සුවඳක් පොළොවට පිට කරනවා. එම සුවඳට ආකර්ෂණය වන පණුවන් විසින් පැළෑටියට එන කෘමීන්ව විනාශ කර දමනවා.ජර්මනියේ, DIE WELT.

යෝධ දැල්ලෙකුගේ ඡායාරූපයක්

ජපානයේ බෝනින් දූපත් අසල මුහුදෙන්, පළමු වරට ලෝකයේ සිටින යෝධ දැල්ලෙකුගේ ඡායාරූපයක් ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. ඔවුන්ට එය කිරීමට හැකි වුණේ මේ ආකාරයටයි. බිලි කොකුවලට කුඩා දැල්ලන් හා කූනිස්සන් අමුණා ඊට ඉහළින් කැමරාවල් සවි කර ඒවා මුහුදට දැම්මා. පස්සේ මීටර් 900ක් පමණ ගැඹුරින් සිටි යෝධ දැල්ලාගේ ඡායාරූපයක් ගන්න ඔවුන්ට හැකි වුණා. උගේ දිග මීටර් 8ක් පමණ වෙයි කියා සඳහන් කරනවා.

“ඩයිනෝසෝරයන් ආහාරයට ගත්තේ තණ කොළ”

“ඩයිනෝසෝරයන් ආහාරයට ගත්තේ තණ කොළ” බව සොයාගැනීම “විද්‍යාඥයන්ට අදහාගන්නත් බැහැ” කියා එක් වාර්තාවක් පෙන්නුම් කළා. ඉන්දියාවෙන් සොයාගත් ඩයිනෝසෝරයන්ගේ අසූචි ෆොසීලයක් පරීක්ෂා කළ පසුවයි මෙවැනි නිගමනයකට ආවේ. විද්‍යාඥයන්ට මෙය අදහාගන්න බැරි වුණේ ඇයි? ඔවුන් හිතුවේ “ඩයිනෝසෝරයන් ජීවත් වූ කාලයේදී තණ කොළ තිබුණේවත් ඒවා කෑමට අවශ්‍ය ආකාරයේ දත් උන්ට තිබුණේවත් නැහැ” කියා, එම වාර්තාවේ තවදුරටත් සඳහන් වුණා. මේ කණ්ඩායමේ නායිකාව හා ෆොසිල ශාක පිළිබඳ විද්‍යාඥවරියක් වූ කැරලයින් ස්ට්‍රොම්බර්ග් මෙසේ පැවසුවා. “ඩයිනෝසෝරයන් තණ කොළ කෑවා කියලා බොහෝ මිනිසුන්ට විශ්වාස කරන්න අමාරුයි.”

මී මැස්සෝ ඉගිලෙන්නේ කොහොමද?

මී මැස්සන්ට ඉගිලෙන්න බැරි බව ඔප්පු කරන්න පුළුවන් කියා ඉන්ජිනේරුවන් විහිළුවට පවසා තිබෙනවා. ඊට හේතුව උගේ ශරීරයේ ‘බරට’ සරිලන පියාපත් නොතිබීම හා ඒවා කුඩා නිසා ඉගිලීමට නිකම් පියාපත් සැලීම පමණක් ප්‍රමාණවත් නොවීමයි. උන් පියාපත් සලන ආකාරය දැනගැනීමට ඔවුන් පරීක්ෂණයක් කළා. ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙසේ පැවසුවා. “උන් පියාපත් සලන්නේ සාමාන්‍ය විදිහට නෙවෙයි. තත්පරයකට 230 වාරයක් රවුමක හැඩයටයි පියාපත් සලන්නේ . . . එය හරියට ඉහළ යෑම සඳහා අහස් යානයක සවි කර ඇති අවර පෙත්ත කරකැවෙනවා වගෙයි.” නමුත් පරීක්ෂණය කරද්දී ඔවුන් “මී මැස්සෙකුගේ පියාපත් සැලීම තත්පරයකට රූප 6,000ක් සිටින සේ චිත්‍ර දර්ශනයකට නැඟුවා” කියා New Scientist සඟරාවේ සඳහන් වෙනවා. මේ නව සොයාගැනීම ඉන්ජිනේරුවන්ට ගුවන් යානාවල තාක්ෂණය වැඩි දියුණු කිරීමට උපකාර විය හැකියි.

ගී කියන මීයන්

“කුරුල්ලන්ට වගේ මීයන්ටත් උන්ගේ සහකාරයා හෝ සහකාරිය ආකර්ෂණය කරගැනීමට ගී කියන්න පුළුවන්” කියා New Scientist සඟරාවේ සඳහන් වෙනවා. මීයන්ගේ ගී මිනිසුන්ට ඇහෙන්නේ නැත්තේ මිනිසුන්ට ඇසෙන මට්ටමට වඩා උස් හඬකින් ගයන නිසයි. එක්සත් ජනපදයේ මිසූරිවල මේ ගැන පරීක්ෂණය කළ අය පැවසුවේ මෙවැනි සංකීර්ණ ගී ගැයීමට වෙනත් ජීවීන්ගෙන් හැකියාව තිබෙන්නේ තල්මසුන්ට, ඩොල්ෆීනයන්ට සමහර වව්ලන්ට හා මිනිසුන්ට පමණයි කියායි.