Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

පිබිදෙව්! සඟරාවේ අලුත් සැකැස්ම ඊයේ රෑ තමයි මම 2006 ජනවාරි පිබිදෙව්! සඟරාව කියවලා ඉවර කළේ. ඇත්තටම මේ අලුත් සැකැස්මට මම හරි ආසයි! එහි දැන් ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා වගේම පාඨකයාට හිතන්නත් පොලඹවනවා. යෙහෝවා දෙවි ඔහුගේ කැමැත්තට එකඟව තව තවත් දේවල් කරන්න මේ සඟරා තුළින් අපට උපකාර කරනවා.

කැනඩාවේ, බී. එන්.

පිබිදෙව්! සඟරාවේ තිබෙන අලුත් දේවල් බයිබල් අධ්‍යයනය දියුණු කරගැනීමට ආධාරකයක්. සමහර ලිපිවල පාඨකයාට තමා කියවපු දේ නැවත කල්පනා කර බලන්න ප්‍රශ්න පෙළක් තිබෙනවා. මගේ පාසැලේ පැවරුම්වලදීත් පිබිදෙව්! සඟරාව පාවිච්චි කරන්න මම හුඟක් කැමතියි. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ ලිපිවලත් මේ වගේම ප්‍රයෝජනවත් සහ පුදුම කරවන තොරතුරු අපට ලබා දෙයි කියලා. මට අවුරුදු 16යි.

නැමීබියාවේ, එස්. එන්.

දරුණු රෝගයක් තිබුණත් දිවි ගෙවෙන්නේ ඇදහිල්ල නිසයි (2006 ජනවාරි) ජේසන් ස්ටුවට්ගේ අද්දැකීම කියෙව්වට පස්සේ, මට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතුණා. අපේ තත්වයට අනුව අපි දෙන දේ යෙහෝවා දෙවිට වටිනවා කියා මම තේරුම් ගත්තා. ජේසන්ගේ භාර්යාව යෙහෝවා දෙවි කෙරෙහි තිබුණ විශ්වාසය හා ඇගේ ආත්ම පරිත්‍යාගශීලීකම මම හුඟක් අගය කරනවා. ඒ වගේම ඉදිරියේදී මට එන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට මේ අද්දැකීම මට ලොකු උපකාරයක් වේවි. මම එය හුඟක් අගය කරනවා.

පේරූවල, සි. ආර්. එස්.

මේ අද්දැකීම කියවද්දී මට ඇඬුණා. ජේසන්ගේ වේදනාව මොන තරම්ද! එහෙත් ඔහුගේ ඇදහිල්ල ගැන කියවද්දී මම පුදුම වුණා. මේ වගේ සහෝදරයෙක් සිටීම මට ලොකු ශක්තියක්. “නොසිතන වෙලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම්” ඕනෑම කෙනෙකුට සිදු වෙන්න පුළුවන් කියා මෙම ලිපියෙන් මට කාවැදුණා. ඒ නිසා ඒවාට අපි කලින්ම සූදානම් විය යුතුයි.—දේශනාකාරයා 9:11.

හංගේරියාවේ, ටී. ඒ.

ජේසන්ගේ ජීවිත කතාව මට ගොඩක් බලපෑවේ මගේ අම්මත් මාංස පේශීන් ක්ෂය වීමේ රෝගයෙන් මිය ගිය නිසයි. සේවය සඳහා මගේ උපරිමය කරන්න මේ අද්දැකීම මට දිරිගැන්වීමක් වුණා. මම යෙහෝවා දෙවිට යාච්ඤා කරන්නේ මේ සහෝදරයාට සහ ඔහුගේ භාර්යාවට දිගටම ශක්තිය දෙන්න කියලයි.

පැරගුවේ, එල්. ඉසෙඩ්. ජී.

ජේසන් අසනීප වූ කාලයේදීත් ඔහුට යෙහෝවා දෙවි සමඟ හොඳ සම්බන්ධයක් තියාගන්න හැකි වුණේ, ඔහු අසනීප වෙන්න කලින් පෞද්ගලික අධ්‍යයනයට ගොඩක් කාලය වැය කරලා තිබුණ නිසයි. මෙය මා ගැනම කල්පනා කර බලන්න සැලැස්සුවා. මගේ අධිෂ්ඨානයත් බයිබලය අධ්‍යයනය කිරීමට වැඩි කාලයක් පාවිච්චි කරන්නයි.

ජපානයේ, වයි. එම්.

යෞවන අය අසති—ඇයි මම මටම රිදවගන්නේ? (2006 ජනවාරි) යෞවන කාලයේදී මමත් මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ගොදුරු වුණා. ඒත් මට තිබුණ ලොකුම ගැටලුව තමයි මම මටම රිදවගන්න එක. එම ගැටලුව තවම තිබුණත් මෙම ලිපිය මට උපකාර කරනවා ඒකෙන් මිදෙන්න දරන වෑයම අත්නාරින්න. මගේ ස්තුතිය වචනයෙන් කියලා නිම කරන්න බැහැ.

එක්සත් ජනපදයේ, ඊ. සී.

මගේ වයස අවුරුදු 56යි. ඒත් යෞවන කාලයේ සිට ශරීරයට වද දීම මගේ පුරුද්දක් වෙලා තිබුණා. මේ පුරුද්ද මීට අවුරුදු හතරකට ඉස්සෙල්ලා මම නතර කළත්, සමහර වෙලාවට නැවතත් ඒ පුරුද්ද ඉස්මතු වෙනවා. මේ ලිපියේ තොරතුරු මගේ හදවතටම කිඳා බැස්සා. අපි වගේ අයට ජීවිතය නැවත වරක් හොඳින් ගත කරන්න මෙයින් ලැබෙන්නේ ලොකු උපකාරයක්.

නෙදර්ලන්තයේ, නම සඳහන් කර නැහැ

මගේ වයස අවුරුදු 17යි. මේ ලිපිය පළ කළාට ඔබට ස්තුතියි. මටත් තිබෙන්නේ මේ ප්‍රශ්නයමයි. ළඟදී නැවත වතාවක් මම මාවම තුවාල කරගත්තා. ඊට පස්සේ, මම අම්මගෙන් ඇහුවා මාත් එක්ක යාච්ඤා කරන්න පුළුවන්ද කියලා. මේ වගේ පුරුද්දක් තිබුණත් යෙහෝවා දෙවි මට ආදරෙයි කියලා මම ඉගෙනගත්තා. මේ ලිපිය මට ලොකු උපකාරයක්. ඒ සඳහා මම දෙවිටත් ස්තුති කරනවා!

චෙක් ජනරජයේ, එන්. එම්.

“මේක නම් මටමයි!” මෙම ලිපිය දැකපු ගමන්ම මට හැඟුණේ එහෙමයි. මගේ වයස අවුරුදු 18යි. මගේ හැඟීම් පාලනය කරගන්නේ මටම රිදවාගැනීම තුළින්. එහෙත් සමහරවෙලාවට මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැහැ. එවැනි තත්වයක සිටින විට මේ වගේ ලිපියක් ලැබීම ලොකු දෙයක්. මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නා. යාච්ඤාවෙන් මම යෙහෝවා දෙවිට ස්තුති කළා. මේ වගේ සහනයක් ලබා දෙන්නේ යෙහෝවා දෙවිගේ සංවිධානය විතරයි!

රුසියාවේ, ඒ. පී.

මටම රිදවාගැනීම තුළින් මගේ හැඟීම් පාලනය කරන්න පටන්ගත්තේ මට වයස අවුරුදු 14දීයි. එක් අවස්ථාවක රෝහලට යන්නත් සිදු වුණා. මගේ තත්වය පාලනය කිරීමට එක් උපකාරයක් වුණේ දිනපොතක සටහන් කර තැබීමයි. ඒ වගේම පීඩනයක් ආ වෙලාවට මාව තේරුම්ගන්න පුළුවන් යාළුවෙකුට කතා කිරීමත් සහනයක්. යාච්ඤාවත් ලොකු උපකාරයක්. යාච්ඤා කිරීමට තරම්වත් මම වටින්නේ නැහැ කියලා හැඟෙද්දී මම වෙනුවෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හා මගේ යාළුවෝ මාත් එක්ක එකතු වෙලා යාච්ඤා කරනවා. මේක මට අමාරු ගැටලුවක් වුණත් සාර්ථකව කටයුතු කරන ආකාරයත්, ලැබුණ උපකාර අදාළ කරගන්නත් මම ඉගෙනගත්ත නිසයි මගේ ශරීරයට රිදවගන්න මට දැන් අවශ්‍ය නැත්තේ.

ජර්මනියේ, එන්. ඩබ්ලිව්.

එම ලිපියේ මුල් පිටුවේ පින්තූරයට අනුව “සාරා” නමැති තරුණිය ඇයටම රිදවාගන්නේ හිස කෙස් ගලවාගැනීමෙන්. මගේ දුවටත් මේ හා සමාන රෝගයක් තිබෙනවා. (Trichotillomania) මෙම රෝගය නිසා මගේ දියණියට ඇගේ ක්‍රියා පාලනය කරන්න බැරි වෙලා තිබෙනවා. ඇය නිතරම ඇගේ හිස කෙස් ගලවාගන්නේ ඇගේ රෝගය නිසා මිස ශරීරයට රිදවගන්න අවශ්‍ය නිසා නෙවෙයි.

එක්සත් ජනපදයේ, එම්. එච්.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: මේ රෝගය මුල් වතාවට නම් කළේ 19වන සියවසේ අගභාගයේදීයි. එම රෝගයේ ලක්ෂණ වන්නේ කෙනෙකුට පාලනයකින් තොරව තමාගේ හිස කෙස් ගලවාගැනීමට තිබෙන පෙලඹීමයි. අපගේ පින්තූරයෙන් පෙන්නුම් කරන්න උත්සාහ කළේ සමහර අය තමාටම රිදවගන්නේ මේ ආකාරයට කියායි. කෙසේවෙතත් අපගේ පාඨකයා පෙන්නුම් කරන ආකාරයට සමහරුන් මෙය කරන්නේ රිදවගැනීමට තිබෙන කැමැත්ත නිසා නොව තමන්ට තිබෙන රෝගය නිසයි.

විශේෂඥයන් කියන්නේ ප්‍රතිකාර කිරීම සඳහා එක් එක් කෙනාව සෝදිසි කර බලා ප්‍රතිකාර කරන්න අවශ්‍යයි කියලයි. එමනිසා මෙවැනි ගැටලුවක් තිබෙන කෙනෙකුට පෞද්ගලිකව ගොස් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමයි නුවණට හුරු දෙය.

දැනුම මිනුම (2006 ජනවාරි) මෙම විශේෂාංගය ගැන මම හුඟක් උනන්දු වෙනවා! අපේ මුනුපුරන් දිනපතා බයිබලය කියවනවා. පාසලේදී ලැබෙන පැවරුම් සඳහාත් පිබිදෙව්! ලිපි කියවනවා. ඊට අමතරව මෙයිනුත් අපට හැකියි ඔවුන්ට උගන්වන්න. පොඩිත්තන් ගැන දක්වන සැලකිල්ලට ඔබට ස්තුතියි.

එක්සත් ජනපදයේ, බී. ඊ.

මෙම කොටස අමාරුයි වගේ තිබුණත් එයට පිළිතුරක් සොයාගත්තම මට හරි සතුටුයි! මුළු හවස් වරුවෙම මේ පිටුවේ තිබුණ අභ්‍යාසය කළා. ඒක හරිම රසවත් කොටසක්! මම ලොකු වුණාම මේ සඟරා හදන්න උදව් කරන්න ආසයි. එතකොට අනිත් අයටත් පුළුවන් යෙහෝවා දෙවි ගැන දැනගන්න!

එක්සත් ජනපදයේ, ඩී. එච්.

මගේ වයස අවුරුදු 8යි. අපි අපේ පවුල් පාඩම කරන්නේ මේ කොටසින්. අපි උත්තර හොයන්නේ හරිම ආසාවෙන්. “මම කවුද?” කියන කොටස අමාරු වුණත් අපි ඒකට හරි කැමතියි. මේ වගේ වැඩ හැමදාම දෙන්න.

එක්සත් ජනපදයේ, සී. ඩබ්ලිව්.