Skip to content

පටුනට යන්න

කරදරයට පත් යෞවනියකට උපකාරයක්

කරදරයට පත් යෞවනියකට උපකාරයක්

කරදරයට පත් යෞවනියකට උපකාරයක්

සේබීයා සිටින්නේ මෙක්සිකෝවෙයි. වයස අවුරුදු 13ක සිටින ඇය පාසැල් ශිෂ්‍යාවක්. ඇගේ පන්තියේ ගැහැනු ළමයෙක් නිතර අඬ අඬා පාසැලට එනවා දුටු විට, මේ ළමයට යම් සහනයක් ලබා දෙන්න ඇය උත්සාහ කළා. දවසක් මේ ළමයා සේබීයාට කිව්වා එයාගේ තාත්තා ගොඩක් බොනවා. අම්මටත් ගහනවා කියලා.

ඒ ගැන සේබීයා මෙසේ සඳහන් කළා: “ඇය මට මෙහෙම කිව්වා. මට ජීවිතේ එපා වෙලයි තියෙන්නේ. මට කවුරුත් ආදරේ කරන්නේ නැති නිසා ජීවිතේ නැති කරගන්නත් උත්සාහ කරලා තියෙනවා. එතකොට මම එයාට කිව්වා විශ්වයේ ඉන්න උසස්ම පුද්ගලයා ඔයාට හුඟක් ආදරය කරනවා කියලා. ඒ වගේම යෙහෝවා දෙවිට මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තිබෙන අරමුණ ගැනත් පැහැදිලි කළා.”

පස්සේ සේබීයා ඇයට යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන ප්‍රකාශනය දීලා පාසැල් විවේක කාලයේදී ඇය සමඟ මේ ප්‍රකාශනයෙන් පාඩමක් කරන්න පටන්ගත්තා. ටිකෙන් ටික මේ ළමයා වෙනස් වුණා. අනිත් අය සමඟ කතා කරන්නත් හිනා වෙන්නත් පටන්ගත්තා. ඊට පස්සේ ඇය සේබීයාට එවූ ලිපියක මෙසේ සඳහන් කර තිබුණා. “මාව තේරුම්ගත්තට සහ මගේ යාළුවෙක් වුණාට ඔයාට ස්තුතියි. ඔයා මගේම සහෝදරියක් වගෙයි. දැන් මම දන්නවා මා ගැන සලකන කෙනෙක් ඉන්නවා කියලා, ඒ යෙහෝවා දෙවියි.”

යෞවනයන් අසන ප්‍රශ්න යන පොතෙන් ප්‍රයෝජන ගත හැකි යෞවනයෙක් ගැන සමහරවිට ඔබත් දන්නවා ඇති. පරිච්ඡේද 39න් යුත් මෙහි: “සැබෑ මිතුරන් ඇති කරගැනීමට මට හැක්කේ කෙසේද?,” “පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?” සහ “එය සැබෑ ප්‍රේමයද කියා මා දැනගන්නේ කෙසේද?” යන මාතෘකාද ඇතුළත්. මෙයින් පිටපතක් ලබාගන්න ඔබත් කැමති නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙම පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.