Skip to content

පටුනට යන්න

ඉපැරණි අය විනෝදයට කළ දේ

ඉපැරණි අය විනෝදයට කළ දේ

ඉපැරණි අය විනෝදයට කළ දේ

ඉතාලියේ ක්‍රීඩා ලෝලීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් දහස් ගණනකට තුවාල, දරුවන් ඇතුළු තවත් බොහෝදෙනෙක් මරුට. නිලධාරීන් විසින් ක්‍රීඩාංගණය වසර 10කට වසා දමයි.

අද දින මෙවැනි වාර්තාවන් දකින එක පුදුමයක් නූණත්, ඉහත සඳහන් සිද්ධිය වාර්තා වුණේ මීට වසර 2,000කට පමණ පෙරයි. ඒ රෝම බලධාරියා වන නීරෝගේ කාලයෙයි. පොම්පෙයි නගරයේ පිහිටා තිබූ ක්‍රීඩාංගණයක ග්ලැඩියේටර්වරු සටන් කරද්දී එහි නගරවාසීන් හා නුසෙරියා නගරයෙන් ආ ක්‍රීඩා ලෝලීන් අතර ඇති වූ මේ ගැටුම ගැන අපට විස්තර කළේ රෝම ඉතිහාසඥයෙකු වන ටැසිටස්.

පළමු සියවසේ සිටි අය විනෝද වෙන්න හා විනෝදාස්වාදය ලැබීමට පුදුම ලැදියාවක් දැක්වුව නිසා සෑම ප්‍රධාන නගරයකම නාට්‍ය ශාලාවක්, ක්‍රීඩාංගණයක් හෝ සර්කස් පිට්ටනියක් තනා තිබුණා. සමහර නගරවල ඒ තුනම තිබුණා. ඒවායේ සිදු කෙරෙන තරඟ ගැන එක් පොතක් විස්තර කළේ ‘ත්‍රාසය සාමාන්‍ය දෙයක් වූ අතර මිනි මැරුම් තියෙන්නම අවශ්‍ය වුණා’ කියායි. (එම පොත Atlas of the Roman World) අශ්ව රථ කණ්ඩායම්, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ පාටට හෝ සමාජීය තත්වයට අනුව ඇඳුම් ඇඳගෙන සිටි අතර තමන් කැමති කණ්ඩායම දකින විට නරඹන්නන් උද්දාමයට පත් වුණා. රථ පදවන්නන්ව සැලකුවේ දෙවියන් වගෙයි.

ග්ලැඩියේටර්වරුන්ගේ සටන්වලට අමතරව ජනප්‍රිය වූ තවත් ක්‍රීඩාවක් තමයි මිනිසුන් හා වන සතුන් අතර පැවැත්වූ සටන්. සමහර අවස්ථාවලදී මිනිසුන් ළඟ කිසිම ආයුධයක් තිබුණේ නැහැ. “සමහර අපරාධකරුවන්ව සතුන් මෙන් පෙනෙන්න සත්ව සම් අන්දලා, කුසගින්නේ සිටින ඇත්ත සතුන් එක්ක සටන් කරන්න පිට්ටනියට දැම්මා. මේ මිනිස්සු මැරෙන්න කලින් මොන තරම් වේදනාවක් විඳින්න ඇද්ද” කියා ඉතිහාසඥ විල් ඩරන්ට් පවසනවා.

මේ වගේ කෲර දේවලින් විනෝදාස්වාදයක් ලැබුවේ “මානසික වශයෙන් අන්ධකාරයේ” මෙන්ම “කිසිම සදාචාරමය හැඟීමක් නැති” අයයි. (එෆීස 4:17-19) දෙවන සියවසේ සිටි ටර්ටූලියන් එදා හිටපු ක්‍රිසතියානීන් ගැන පැවසුවේ “ඔවුන් අතර නම් මෙතරම් පහත් හැසිරීමක් අහන්නවත් දකින්නවත් තිබුණේ නැහැ. විනෝදය සඳහා නාට්‍ය ශාලාවල, ක්‍රීඩාංගණවල හා සර්කස් පිටිවල කළ අවිනීත, විකාර දේවලට ඔවුන් කොහොමටවත් සම්බන්ධ වුණේ නැහැ” කියායි. අද සිටින සැබෑ ක්‍රිසතියානීන්ද ප්‍රචණ්ඩකාරි විනෝදාස්වාදයෙන් වැළකී සිටිනවා. කියවන පොත් පත්, නරඹන රූපවාහිනි වැඩසටහන් හෝ යෙදෙන වීඩියෝ ක්‍රීඩාවන් යන මේ ඕනෑම දෙයකින් ප්‍රචණ්ඩත්වයට නිරාවරණය නොවී සිටීමට ඔවුන් සැලකිලිමත් වෙනවා. ඊට හේතුව ඔවුන් නමස්කාර කරන දෙවි වන යෙහෝවා ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ද්වේෂ කිරීමයි.’—ගීතාවලිය 11:5.

[30වන පිටුවේ පින්තූරය]

ජයග්‍රාහි රථ පදවන්නෙක්ගේ දර්ශනයක්

[30වන පිටුවේ පින්තූරය]

සිංහ ධේනුවක් සමඟ සටනක්

[30වන පිටුවේ පින්තූරය]

පළමු ශතවර්ෂයේ රෝමයේ පිහිටි ක්‍රීඩාංගණයක්

[හිමිකම් විස්තර]

Ciudad de Mérida

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top and bottom left: Museo Nacional de Arte Romano, Mérida