Skip to content

පටුනට යන්න

සැලකිලිමත් දෙවි කෙනෙක්!

සැලකිලිමත් දෙවි කෙනෙක්!

සැලකිලිමත් දෙවි කෙනෙක්!

ඒදන් උයනේදී කැරලිගැසූ අය සමඟ දෙවි ක්‍රියා කළ විදිහෙන් ඔහු අප එක් එක්කෙනාට දක්වන නොසැලෙන ප්‍රේමය හා අපේ අනාගතය ගැන දක්වන සැලකිල්ල පැහැදිලි වෙනවා. ඒ ගැන තිබෙන සාක්ෂි කියවන අතරේ මෙහි සඳහන් ශුද්ධ ලියවිලි පදත් ඔබේම බයිබලයෙන් කියවා බලන්න.

● ඔහු පොළොව සාදා තිබෙන්නේ වෛවර්ණ සත්තු හා සාරවත් භූමියකින් හෙබි සොබාදහමේ අලංකාරය ඇතුවයි.—ක්‍රියා 14:17; රෝම 1:20.

● අපට ලබා දී තිබෙන්නේ දිනෙන් දින ප්‍රණීත ආහාරයක රස බලන්න, බැස යන හිරු දෙස බලා ඉන්න, සිඟිති සිනා හඬට සවන් දෙන්න, ආදරය කරන්නෙකුගේ ස්නේහය විඳින්න හැකි විශ්මයජනක ශරීරයක්.—ගීතාවලිය 139:14.

● ගැටලු හා පීඩනවලට ඔරොත්තු දීමට අවශ්‍ය වන නැණවත් උපදෙස් ඔහු අපට ලබා දී තිබෙනවා.—ගීතාවලිය 19:7, 8; 119:105; යෙසායා 48:17, 18.

● පාරාදීස පොළොවක ජීවත් වීමේ හා අපේ මිය ගිය ප්‍රේමණීයයන්ව නැවත නැඟිටුවනවා දැකීමේ අපූරු බලාපොරොත්තුවත් අපිට ලැබී තිබෙන්නේ ඔහුගෙන්.—ලූක් 23:43; යොහන් 5:28, 29.

● අපට සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටිය හැකි වන පිණිස ඔහුගේ එකම පුත්‍රයාව එව්වා අප වෙනුවෙන් දිවි පිදීමට.—යොහන් 3:16.

● ඔහු ස්වර්ගයෙහි දේවරාජ්‍යය පිහිටුවා තිබෙන අතර ළඟදීම පොළොවේ පාලනය සම්පූර්ණයෙන්ම එම රාජ්‍යය යටතට ගන්නා බවටද බහුල ලෙස අපට සාක්ෂි දී තිබෙනවා.—යෙසායා 9:6, 7; මතෙව් 24:3, 4, 7; එළිදරව් 11:15; 12:10.

● යාච්ඤාව මගින් අපේ සිතේ තිබෙන දේ කියන්න කියා ඔහු අපෙන් ඉල්ලනවා. අනිවාර්යයෙන්ම ඔහු අපට සවන් දෙනවා.—ගීතාවලිය 62:8; 1 යොහන් 5:14, 15.

● මිනිසුන් කෙරෙහි ඔහු දක්වන ගැඹුරු ප්‍රේමය හා සැලකිල්ල ගැන ඔහු යළි යළිත් සහතික කරනවා.—1 යොහන් 4:9, 10, 19.