Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

මේ ආදරය හැමදාටම තියෙනවා නම් (2006 මාර්තු) සමාජය ආදරය කියන දේ විකෘති කරනවා වගේම සාතන්ටත් ඕනෙ එය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නයි. පරාර්ථකාමී ආදරයක් විදහා පෙන්වීමට මෙහි තොරතුරු අපට උපකාරි වුණා. යෙහෝවා දෙවි කැමති ආකාරයෙන් ආදරය පෙන්වීම ගැන ඔබ මගේ අවබෝධය වැඩි කළා. ඔබට ස්තුතියි.

එක්සත් ජනපදයේ වයි. බී.

මගේ කිට්ටුම යාළුවන් දෙන්නා, විදේශ භාෂාවක් කතා කරන සභාවක සේවය කරන්න ගියාම මට තනිකමක් දැනුණා. මගේ තනිකම දරාගන්න බැහැ කියා හිතෙනකොටම මට මේ සඟරාව ලැබුණා. “ඔබට ආදරය ලබන්න ඕනෙ නම්, ආදරය පෙන්වන්න” යන කරුණ මතක් කළාට ඔබට ස්තුතියි. මම තීරණය කළා “සිත් විශාල” කර හදපත්ලෙන්ම ආදරය පෙන්වන්න. එහෙම කරනවා නම් මට අලුත් යාළුවන් ඇති කරගන්න පුළුවන්.—2 කොරින්ති 6:12, 13.

ජපානයේ එම්. ටී.

මහලු විය—කටුක වුණත් ගෙවිය හැකියි ප්‍රීතියෙන් (2006 පෙබරවාරි) වයසක අය කොන් වෙලා කියලා සමහර වෙලාවට මට හැඟෙනවා. අවුරුදු 11ක් තිස්සේ මම ඉන්නේ මගේ අසනීප වුණ පුරුෂයත් එක්කයි. මට වෙලාවකට තනිකමක් දැනෙනවා. එතකොට මේ පිබිදෙව්! සඟරාවේ ලිපි නැවත නැවත කියවනවා. මම කැසට්පටයට සවන් දුන්නා. මට අවශ්‍ය වෙලා තිබුණේ මෙවැනි සඟරාවක්. ඔබට හුඟක් ස්තුතියි.

ජපානයේ එස්. ටී.

කෘත්‍රිම අත් පා (2006 පෙබරවාරි) කෘත්‍රිම අත් පා ගැන ලිපියට හුඟක් ස්තුතියි. මම මාස හතරක ගැබිණියක්ව සිටිද්දී, අපිට දැනගන්න ලැබුණා අපේ දරුවාට අත් පා නැති බව. කෘත්‍රිම පාද සවි කරන්න පුළුවන් වන්නේ පුතාට අවුරුද්දක් පහු වුණාමයි. ඩැරල්ට වයස අවුරුද්දක් වෙනකොටම මේ ලිපිය ලැබුණා. දැන් ඔහු හිටගන්න සහ ඇවිදින්න ඉගෙනගනිමින් ඉන්නවා. ඩැරල්ට ‘මුවෙකු මෙන් පැන යන’ කාලය එනකන් මමත් මගේ පුරුෂයාත් ආසාවෙන් බලාගෙන ඉන්නවා.—යෙසායා 35:6.

ප්‍රංශයේ වයි. ඒ.

ඔබේ ජීවිතය රැකගත යුතු සම්පතකි (2001 නොවැම්බර් 8) මම අධෛර්යයට පත් වුණ වෙලාවට 2001 නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාව නැවත නැවතත් කියවනවා. මේ වගේ අවස්ථාවකට සාර්ථකව මුහුණ දෙන්න මෙහි තොරතුරු මට හුඟක් උපකාර වුණා. එහි ඇති උපදෙස් හා විසඳුම් අපේ ගැටලුවලට ඇත්තෙන්ම ප්‍රයෝජනවත්. පිබිදෙව්! සඟරාව මගේ ආත්ම ශක්තිය වැඩි කරනවා වගේම අපි වගේ අය ගැනත් පුද්ගලිකවම සැලකිල්ල දක්වනවා. “ඔබේ ජීවිතය රැකගත යුතු සම්පතක්” කියා මතක් කිරීම ගැන මම හුඟක් සතුටු වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා.

මැඩගස්කරයේ පී. ටී.

ආගමික නිදහස සෙවූ පිරිසක් (2006 පෙබරවාරි) මේ ලිපියේ ස්තුති දීමේ දිනය ගැන නිවැරදි තොරතුරු ඔබ ඉදිරිපත් කර නොතිබීම ගැන මම පුදුම වුණා. රතු ඉන්දියානුවන් මෙම උත්සවය නොපැවැත්වීමට විශේෂ හේතුවක් තියෙනවා. නමුත් ඔබ එය පැහැදිලි කළේ නැහැ.

එක්සත් ජනපදයේ, නම සඳහන් කර නැහැ

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: මෙම ලිපියේ අරමුණ ස්තුති දීමේ දිනය ගැන විස්තර සැපයීම නොවන බව කරුණාවෙන් සලකන්න. “එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා” ඇතුළු බොහෝ මූලාශ්‍ර පෙන්නුම් කරන්නේ 1621දී, පියුරිටන්වරු දින තුනක් තිස්සේ තම රතු ඉන්දියානු යහළුවන් සමඟ මෙය සැමරූ බවයි. මේ ගැන එඩ්වඩ් වින්ස්ලෝ 1621 දෙසැම්බර් 11වෙනිදා ලියූ ලිපියකත් විස්තර කර තිබෙනවා. කෙසේවෙතත් පසු කාලවලදී ස්තුති දීමේ දිනයට අස්වැන්න නෙලීම පමණක් සීමා නොවී වෙනත් සිද්ධීන් සැමරීමන් සිදු වුණා. වර්ෂ1637දී පීක්වොට් ගෝත්‍රයට අයත් රතු ඉන්දියානුවන් සිය ගණනක් ඝාතනය කළායින් පසුව මැසචුසෙට්ස් ජනපදයේ ආණ්ඩුකාරයා වන ජෝන් වින්ත්‍රොප් විසින් එය “ස්තුති දීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත් කළා. මේ හේතුව නිසා සමහර පාඨකයන්ට ස්තූති දීමේ දිනය ගැන කතා කරන විට සිත් තැවුලක් ඇති වෙනවා.