Skip to content

පටුනට යන්න

“ඔයා ආච්චිලාගේ දිනය සමරනවාද?”

“ඔයා ආච්චිලාගේ දිනය සමරනවාද?”

“ඔයා ආච්චිලාගේ දිනය සමරනවාද?”

නටාල්යා පෝලන්තයේ සිටින 16-හැවිරිදි යෞවනියක්. එක් සීතල උදෑසනක ඇය කෝච්චිය එනකම් බලා ඉද්දී පුවත්පතක වාර්තාකරුවන් දෙන්නෙක් ඇවිත් ඇයගෙන් මෙසේ ඇසුවා. “ඔයා ආච්චිලාගේ දිනය සමරනවාද?”

සාමාන්‍යයෙන් පෝලන්තයේ, ආච්චිලාගේ දිනය, සීයලාගේ දිනය, මව්වරුන්ගේ දිනය, කාන්තා දිනය හා ගුරු දිනය යන දින විශේෂ කොට සලකනවා. ඒ නිසා කුඩා දරුවන් සුභ පැතුම් පත් හදලා ආච්චිලාගේ හෝ සීයලාගේ දිනයේදී ඔවුන්ට දෙන අතර බොහෝ වැඩිහිටි දරුවන් තෑගි හෝ මල් පොකුරු දෙනවා.

ඒත් නටාල්යාගෙන් ඒ ප්‍රශ්නය අහපු ගමන්ම ඇය ටිකක් තිගැස්සුණා. නමුත් ඇය නිහඬව යාච්ඤා කරලා පසුව මෙසේ පැවසුවා. “මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නිසා මේ දිනය සමරන්නේ නැහැ.” පුවත්පත් වාර්තාකරුවන් පුදුමයෙන් මෙන් බැලුවා. එවිට නටාල්යා හිනා වෙලා මෙහෙමත් කිව්වා. “අවුරුද්දකට එක සැරයක් විතරක් මම ආච්චිට ගෞරව කරන්නේ ඇයි? මම ඉන්නේ ආච්චිත් එක්කනෙ. ඉතිං මට පුළුවන් හැමදාම වුණත් එයාට මල් දෙන්න, කතා කරන්න, එයාගේ කරුණාවන්තකම අගය කරන්න.”

මෙය පුවත්පත් වාර්තාකරුවන්ගේ හිතට කාවැදුණා. ඊළඟ දවසේ නටාල්යා කියපු දේවල් ඇගේ පින්තූරය සමඟ පත්තරේ දමා තිබුණා.

නටාල්යා මෙන් බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී, ඔබේ විශ්වාසයන් ගැන සහ හැසිරීම ගැන ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවොත් ඊට පිළිතුරු දීමට ඔබටත් හැකි වේවිද? දෙවිට සැබෑ ලෙස නමස්කාර කරන්නන් ඔහුට ගෞරව කරන්නේ සෑමවිටම ඔවුන්ගේ විශ්වාසයන්ට හේතු ඉදිරිපත් කිරීමෙන් හා ඒවා ක්‍රියාවට නැංවීමෙනුයි.—1 පේතෘස් 3:15.