Skip to content

පටුනට යන්න

වටිනා තෑග්ග අගය කරයි

වටිනා තෑග්ග අගය කරයි

වටිනා තෑග්ග අගය කරයි

තෑග්ගකින් යම් ප්‍රයෝජනයක් තිබෙනවා නම්, ඒ වගේම ලබන්නා එය අගය කරනවා නම් දෙපිරිසටම ඉන් ලැබෙන්නේ සතුටක්. මෙක්සිකෝවේ සිටි රජයේ උසස් නිලධාරිණියකට උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත ලැබුණ විට ඇය එම රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ස්තුතිය පළ කර ලිපියක් එව්වා. එහි මෙසේ සඳහන් වුණා.

“මේ පොත නම් මිල කරන්නවත් බැහැ. එහි තොරතුරු ඉපැරණි ග්‍රන්ථයක් මත පදනම් වී තිබුණත් අපේ කාලයටත් අදාළයි.

“අපේ දරුවන්ට හරි දේ ඉගැන්වීම අපේ වගකීමක් කියලා මම පිළිගන්නවා. පිරිහී තිබෙන සමාජයක ගෞරවය දෙන්නත් ගෞරවය ලබන්නත් ඒ වගේම අවංකව සිටින්නත් අපි දරුවන්ට ඉගැන්විය යුතුයි. වැදගත්ම දේ වන්නේ ඔවුන්ට ප්‍රේමණීය, කාරුණික දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කිරීමට උපකාර කිරීමයි. ඔබ මට තෑගි කළ මේ පොත ඇත්තටම වටිනවා. මගේ රැකියා ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි දෙමාපියෙක් හැටියටත් අපේ දරුවන්ව හරියාකාරයෙන් හදන්නත් මේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.”

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත මගින් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලින් හා ආදර්ශයෙන් වටිනා පාඩම් රාශියක් ගත හැකි බව මේ නිලධාරිණියට වැටහුණා. ඔබටත් පිටු 256කින් යුත් අලංකාර චිත්‍ර සහිත මෙම පොතේ පිටපතක් ලබාගත හැකියි. පිටපතක් ගෙන්වා ගැනීම සඳහා මේ කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි සඳහන් පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.