Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

මෙක්සිකෝ නගරයේ මාස 15ක කාලයක් ඇතුළත අලුත උපන් දරුවන් 82ක් පාරේ දමා ගොස් තිබෙනවා. ඉන් 27ක් මිය ගොස් සිටියා.—මෙක්සිකෝවේ EL UNIVERSAL. 

අමෙරිකාවේ කැලිෆෝනියාවල තිබෙන ජාතික වනෝද්‍යාන දෙකක ඇති ගුහාවල කළ පර්යේෂණ මගින් අලුත් සත්ව විශේෂ 27ක් සොයාගනු ලැබුවා. මේ පිළිබඳ විශේෂඥයෙක් වන ජොයෙල් ඩිස්පේන් පැවසුවේ “මේකෙන් පේන්නේ අපි ඉන්න ලෝකය පිළිබඳව අපි දන්නේ ඉතා ස්වල්පක්” කියායි.—අමෙරිකාවේ SMITHSONIAN. 

ලෝක ජනගහනයෙන් සියයට විස්සකටම පානීය ජලය නැහැ. ඒ වගේම සියයට හතළිහකටම මූලික සනීපාරක්ෂක පහසුකම්ද නැහැ.—මෙක්සිකෝවේ MILENIO. 

සරෙන්ගෙටි ජාතික වනෝද්‍යානයේ පමණක් වසරකට සතුන් 20,000ත් 30,000ත් අතර සංඛ්‍යාවක් දඩයක්කාරයන්ට ගොදුරු වෙනවා.—ටැන්සානියාවේ THE DAILY NEWS. 

ස්පාඤ්ඤයේ බාසිලෝනාවල සිදු කළ සමීක්ෂණයකින් හෙළි වුණේ 16-හැවිරිදි සිසුන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් පුරුද්දක් ලෙස ගන්ජා උරන බවයි.—ස්පාඤ්ඤයේ LA VANGUARDIA. 

කාර්යාලවල විෂබීජ

ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීවී විද්‍යාඥයන් එක්සත් ජනපදයේ නගර කීපයක කාර්යාලවල තිබෙන විෂබීජ ප්‍රමාණය ගැන අධ්‍යයනයක් කළා. “වැඩියෙන්ම විෂබීජ රැඳී ඇති තැන් පහ ලෙස නම් කළේ, දුරකථන, ලියන මේස, ජල කරාම, උදුන්වල දොරවල් සහ යතුරු පුවරුයි. ලියන මේසයක් මත තිබෙන විෂබීජ ප්‍රමාණය සාමාන්‍යයෙන් කුස්සියේ මේසයක රැඳී තිබෙන විෂබීජ ප්‍රමාණයට වඩා 100 ගුණයකිනුත් වැසිකිළියේ කොමෝඩ් පෝච්චියේ වාඩි වෙන කොටසේ රැඳී තිබෙන විෂබීජ ප්‍රමාණයට වඩා 400 ගුණයකිනුත් වැඩියි” කියා එක් පුවත්පතක වාර්තා වුණා.—එම පුවත්පත Globe and Mail.

නමට පමණක් ක්‍රිස්තියානීන්’

ආසියාවේ එකම “ක්‍රිස්තියානි” රට ලෙස හඳුන්වන්නේ පිලිපීනයයි. නමුත් පිලිපීනයේ අගරදගුරුවරයෙක් වන එෆ්රායිම් ටෙන්ඩේරෝ කියන්නේ “අපි හුඟදෙනෙක් නමින් පමණයි ක්‍රිස්තියානීන්, ක්‍රියාවලින් ඒ බව ඔප්පු වෙන්නේ නැහැ” කියලයි. එක් පුවත්පතක පවසන විදිහට යම් දුරකට මෙයට වග කිව යුත්තේ පල්ලි නායකයන්. හේතුව ඔවුන් “බයිබලයට නිසි අවධානයක් නොදීමයි.” සමහර පල්ලිවල ධර්ම දේශනා වෙනුවට පවත්වන්නේ දේශපාලනික දේශනයි.—එම පුවත්පත Manila Bulletin.

සතුන්ටත් ආහාර හිඟයක්

“සෝමාලියාවේ තිබෙන නියඟය නිසා බැබුන් සහ බලු වර්ගයට අයත් හයීනාවන් ගම්මානවලට කඩාවැදීම දැන් බහුලව සිදු වෙනවා” කියා නයිරෝබි පුවත්පතක වාර්තා වුණා. ගොවිපොළකට බැබුන්ලා කඩාවැදුණු එක් අවස්ථාවකදී සිදු වූ දෙයින් අවසන් ප්‍රතිඵලය වුණේ බැබුන්ලා කිහිපදෙනෙක් මිය ගොස් සත්ව පාලකයින් කිහිපදෙනකුට තුවාල වීමයි. සමහර වඳුරු රංචු “මංසන්ධිවල හෝ පාලම්වල” හැංගිලා ඉඳලා පොළට යන වාහනවලට පැනලා ආහාර ගන්නවා. “වඳුරන් මේ විදිහට කෙසෙල් කැන් හා පැණිකොමඩු ආදී පලතුරු අරන් යන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා” කියා එම පුවත්පත තවදුරටත් පවසයි.—එම පුවත්පත The East African.

නැව් ගමනාගමනය හා කාලගුණය

නැව්වල ගමනාගමනය වැඩි වන විට කාලගුණයට එය බලපායි කියා ජර්මනියේ පුවත්පතක වාර්තා වුණා. හැම්බර්ග්හි කාලගුණ විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනය කළ පර්යේෂණ මගින් හෙළි වුණේ ඉංග්‍රීසි ඕඩයේ නැව් ගමනාගමනය වැඩි වෙද්දී ඒ අවට ගොඩ බිම් ප්‍රදේශයේ ඉහළින් තිබෙන වලාකුළු අඩු වන අතර මුහුදට ඉහළින් තිබෙන වලාකුළු වැඩි වෙන බවයි. නැව්වලින් පිට වන දුම, ජලවාෂ්ප වැහි බින්දු බවට පත් කිරීමට දායක වීම මෙයට හේතුවක් ලෙස දක්වා තිබෙනවා. “මීට වසර 50කට පෙර නැව් ගමනාගමනය සඳහා පාවිච්චි කළ ඉන්ධන ප්‍රමාණය දැන් හතර ගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.”—එම පුවත්පත Kölner Stadt-Anzeiger.