Skip to content

පටුනට යන්න

නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක්

නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක්

නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක්

මම වසර 40කට වැඩි කාලයක් පුරා නාවික නිර්මාණ ශිල්පියෙක් හා ඉන්ජිනේරුවෙක් ලෙස සේවය කර තිබෙනවා. ඒ කාලය තුළදී විවිධ ප්‍රමාණයෙන් යුත් අංග සම්පූර්ණ බෝට්ටු හා නැව් ගණනාවක්ම සැලසුම් කළා. වර්ෂ 1963දී එක් දවසක මම කැනඩාවේ ඉන්න විට යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මට බයිබලයේ උත්පත්ති පොතෙන් පෙන්නුවා නෝවාගේ කතාව. එහි විස්තර කර තිබෙනවා නෝවා නැවක් හැදුවා කියලා. ඒක හරියට පෙට්ටියක් වගේ. මේ විස්තරය කියවද්දී මට කුතුහලයක් ඇති වුණා. ඒ නිසා මම ඒ ගැන ටිකක් විස්තර හෙව්වා.

බයිබලයේ කියන්නේ දෙවි සියලුම දුෂ්ටයන්ව මහා ජල ගැලීමකින් විනාශ කරන්න තීරණය කළා කියලයි. ඒ නිසා නෝවාවත්, ඔහුගේ පවුලේ අයවත්, සතුන්වත් බේරාගැනීමට විශාල නැවක් හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. නැවේ ප්‍රමාණය නම්, දිග රියන් 300යි, පළල රියන් 50යි හා උස රියන් 30යි. (උත්පත්ති 6:15) මේ අනුව නැව මීටර් 134ක් දිග, මීටර් 22ක් පළල හා මීටර් 13ක් උසකින් යුක්තයි. * එහි ප්‍රමාණය ඝනමීටර 40,000ක් වෙනවා. මෙහෙම බලද්දී නෝවාගේ නැව දැවැන්ත ටයිටැනික් නැවට වඩා ටිකයි පොඩි.

නැවේ සැකැස්ම

නෝවාගේ නැව තට්ටු තුනකින් සමන්විතයි. මෙම තට්ටු තුන නිසා නැව දෙපැත්තට වැනෙන්නේ නැතුව ශක්තිමත්ව තබාගැනීමට හැකියි. ඒ වගේම තට්ටු තුනේම බිම් ප්‍රමාණය වර්ග මීටර් 8,900ක් පමණ වෙයි. ඊට අමතරව මෙය සාදා තිබුණේ වතුරට ඔරොත්තු දෙන දැව වර්ගවලින්. සමහරවිට සයිප්‍රස් ලී වෙන්නත් පුළුවන්. එහි පිටත හා ඇතුළත තාර ආලේප කර තිබුණා. (උත්පත්ති 6:14-16) නෝවා මේ ලෑලි එකිනෙකට සවි කළේ කෙසේද කියා බයිබලයේ විස්තර කරන්නේ නැහැ. නමුත් නෝවාගේ කාලයටත් කලින් තඹ හා යකඩ ආයුධ භාවිත කළා කියා බයිබලයේ පවසා තිබෙනවා. (උත්පත්ති 4:22) ඒ වගේම අද දිනත් වඩු කර්මාන්තයේදී ලී කූඤ්ඤ භාවිත කරන නිසා සමහරවිට ඒවා ඟාවිත කරන්නත් ආති.

මේ නැවේ කාමර තිබුණා වගේම එක් පැත්තක දොරක් තිබුණා. තවදුරටත් වාතාශ්‍රය සහ ආලෝකය සඳහා වහළට හා බිත්තියට අතරින් රියනක පමණ උස කවුළු තිබුණා. මෙම නැව ගැන උත්පත්ති පොත විස්තර කරද්දී වෙනත් නැව්වලට මෙන් එහි රුවල්, හබල්, හෝ සුක්කානමක් තිබුණ බව සඳහන් කරන්නේ නැහැ. මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් නෝවාගේ නැව විස්තර කරන්නේ ළදරු මෝසෙස්ව නයිල් ගඟේ පා කර හැරීම සඳහා භාවිත කළ තාර ගෑ කූඩය විස්තර කරන්න භාවිත කළ වචනයෙන්මයි.—නික්මයාම 2:3, 10.

හොඳින් ඔරොත්තු දෙයි

නැවේ දිග එහි උස මෙන් දස ගුණයක් වූ අතර පළල මෙන් හය ගුණයක් වුණා. බොහෝ නවීන දින නැව් නිර්මාණය කරන්නේ මේ අනුපාතයෙනුයි. නමුත් නවීන දින නැව් යන්ත්‍රයක උපකාරයෙන් ඉදිරියට යාත්‍රා කළත් නෝවාගේ නැව ගැන අපට කියන්න තියෙන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් මුහුදේ යාත්‍රා කරන යාත්‍රාවලට රළ පහරට මෙන්ම සුළඟට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන්න අවශ්‍යයි. මේ හැකියාවට යාත්‍රාවේ ප්‍රමාණය කෙළින්ම බලපානවා. බයිබලයේ විස්තර කර තිබෙන ආකාරයට නෝවාගේ කාලයේදී ජලගැල්ම ඇති වෙලා තිබෙන්නේ ධාරාණිපාත වර්ෂාවක් හේතුකොට ගෙනයි. ඒ වගේම දෙවි සුළඟක් හමන්නත් සැලැස්සුවා. (උත්පත්ති 7:11, 12, 17-20; 8:1) සුළඟේ වේගය හා රළ පහර කොතරම් දරුණුද කියා බයිබලයේ විස්තර කර නොතිබුණත් ඒවා භායානක වූවා කියා අපට හිතන්න පුළුවන්. ඊට අමතරව භූමිකම්පා වැනි සිද්ධීන් සිදු වී තිබුණා නම් එයිනුත් විශාල රැළි ඇති වුණා විය හැකියි.

නමුත් නෝවාගේ නැවේ ප්‍රමාණය නිසා මේ හැම බාධාවකටම ඔරොත්තු දීමේ හැකියාව තිබුණා. සාමාන්‍යයෙන් මුහුදේ යාත්‍රා කරන යාත්‍රාවකට තවත් බාධාවක් තිබෙනවා. එය නම් රැළි දෙකක් එක විට දෙපැත්තෙන් නැව ඉස්සුවොත් නැවේ මැදින් කැඩෙන්න ඉඩ තිබීමයි. එහෙමත් නැත්නම් විශාල රළක් නැව මැදින් ඉස්සුවොත් එවිට නැව දෙපැත්තෙන් පාත් වෙලා මැදින් කැඩෙන්න පුළුවන්. මේ තත්වයට ඔරොත්තු දීමට යාත්‍රාවකට අවශ්‍ය නියම ප්‍රමාණය සොයාගනු ලැබුවේ අත්හදා බැලීම් කරලා කිහිප සැරයක්ම වැරදුණායින් පසුවයි. නමුත් නෝවාට නැව සෑදීමට අවශ්‍ය නියම අනුපාතය එනම් දිග හා උස 10:1 අනුපාතය ලබා දුන්නේ දෙවියි. එමනිසා නෝවාගේ නැව මේ බාධාවටත් ඔරොත්තු දුන්නා.

ආරක්ෂාව හා පහසුව

නෝවාගේ නැව පෙට්ටියක් මෙන් තිබුණ නිසා එය පහසුවෙන්ම ජලයෙහි පා වුණා. නමුත් එයට දමන ලද බඩු ටිකත් සමබරව දැමුවේ නැත්නම් විශාල හානියක් සිදු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට හිතාගන්න පුළුවන් ඔහු නැවට ගත් සතුන්ගේ හා අවුරුද්දකට ප්‍රමාණවත් ආහාරවල බර සමබරව බෙදා දමන්න ඇති කියලා. මෙහෙම කිරීමෙන් යාත්‍රාවට ඇති වන පීඩනය අඩු වෙනවා. කෙසේවෙතත් නෝවා සහ ඔහුගේ පවුල විශාල ජලගැල්මෙන් බේරෙන්න මූලික හේතු දෙකක් තිබුණා. එය නම් එහි සැලැස්ම නෝවාට දෙවි ලබා දීම හා දෙවි ඔවුන්ව රැක බලාගැනීමයි. අවසානයේදී වතුර සිඳී ගිය පසුව නැව නතර විය යුතු ස්ථානයත් යෙහෝවා දෙවි නියම කළා කියා අපිට සිතන්න පුළුවන්.

මේ තොරතුරු හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු මට පැහැදිලි වුණේ බයිබලයේ සඳහන් කරන නෝවාගේ නැවේ කතාව නිකම්ම නිකම් සුරංගනා කතාවක් නොවන බවයි. උත්පත්ති පොතේ නැව සහ ජලගැල්ම ගැන සියලුම තොරතුරු නොතිබුණත් එහි දී ඇති තොරතුරු නවීන දින නැව් නිර්මාණයටත් එකඟයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා නැවත නැඟිටීමෙන් පස්සේ දවසක මිහිපිටදීම නෝවාව මුණගැහෙන්න. යහපත් මිනිසුන්ව හා සතුන්ව ගලවාගැනීම සඳහා නැවක් සෑදීමට ඔහු හුඟ කාලයක් මහන්සි වෙලා වැඩ කළා. (ක්‍රියා 24:15; හෙබ්‍රෙව් 11:7) මුලින්ම මම කරන්නේ නෝවාටත් ඔහුගේ පවුලටත් ස්තූති කිරීමයි. ඊට පස්සේ ප්‍රශ්න වැලක්ම තියෙනවා අහන්න.

[පාදසටහන]

^ 3 ඡේ. රියනක් කියන්නේ ඉපැරණි කාලේයේදී දිග මැනීම සඳහා භාවිත කළ මිනුම් ඒකකයක්. කෙනෙකුගේ වැලමිටේ සිට මැඳැගිල්ලේ කෙළවර දක්වා ප්‍රමාණය රියනක් ලෙස සැලකුවා. ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයේ ඔවුන්ගේ රියනකට සෙන්ටිමීටර් 44.5ක් (අඟල් 17.5ක්) ඇතුළත් වුණා.

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නැවක් හදමු?

මෙහි දී තිබෙන චිත්‍රය දෙස බලා ඔබටත් පුළුවන් නෝවාගේ නැව වගේ නැවක් හදන්න. (මීටත් වඩා ලොකු නැවක් හදන්න අවශ්‍ය නම් ආකෘතියේ පෙන්වා තිබෙන ආකාරයට ඔබේ නැවට සරිලන අනුපාතයන් සකස් කරගන්න.) මේකට සාමාන්‍ය කඩදාසි පාවිච්චි කරන්න පුළුවන්. එත් වතුරට ඔරොත්තු දීමට හැකි වන පිණිස කොළේට ඉටි ගාන්න. ඊට පස්සේ ආකෘතියේ පෙන්නුම් කර තිබෙන විදිහට ඔබේ කඩදාසිය නවලා ගම්වලින් හරි ටේප්වලින් හරි අලවාගන්න. දැන් ඔබේ නැවට ටිකක් බර පටවන්න. ඒකට කරන්න තියෙන්නේ කාසි දෙක තුනක් අරගෙන නැවේ දිග පැත්තට සමබරව තියලා ගම්වලින් හරි ටේප්වලින් හරි ඇලවීමයි. දැන් ඔබේ නැව වතුරට දමන විට නැවේ තුනෙන් එකක් වතුරට යට වෙලා තියෙයි.

නැව රළවලට ඔරොත්තු දෙනවාද කියා බලන්න කැමති නම්, දිග වතුර බේසමක මැද දිග අතටම නැව තියන්න. ඊට පස්සේ ජලයේ රළ ඇති කිරීමට ටිකක් ගනකම තියෙන ලෑලි කෑල්ලක් අරන් බේසම අයිනේ වතුරේ හරස් අතට තියන්න. දැන් ලෑලි කෑල්ල වතුරට තද කර කර අතහරින්න.

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

නවන්න නවන්න

 

නවන්න නවන්න

[පින්තූරය]

නෝවාගේ නැවේ හා “ටයිටැනික්” නැවේ ජලපීඩනය බොහෝදුරට සමාන වුණා

[20, 21වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉදිරිපස

පැත්තක්

ඉහළ

ඉදිරිපස

පැත්තක්

ඉහළ

[පින්තූර]

නෝවාගේ නැවේ අනුපාතයන් නවීන දින නැවක අනුපාතයන්ට සමානයි

[හිමිකම් විස්තර]

Titanic plan: Courtesy Dr. Robert Hahn/​www.titanic-plan.com; photo: Courtesy of The Mariners’ Museum, Newport News, VA