Skip to content

පටුනට යන්න

මේ පොරොන්දුවෙන් පලක් ඇද්ද?

මේ පොරොන්දුවෙන් පලක් ඇද්ද?

මේ පොරොන්දුවෙන් පලක් ඇද්ද?

‘අපි විවාහ වන තුරු ලිංගිකව හැසිරෙන්නේ නැහැ!’ මෙසේ කීම නූතන සමාජයේ යෞවනයන් අතර පවතින අලුත්ම රැල්ලක් වී තිබෙනවා. එකිනෙකාට මෙවැනි පොරොන්දුවක් දීම ගැන ඇත්තටම ප්‍රශංසා කළ යුතුයි. මෙය ශුද්ධ බයිබලයේ සඳහන් ආඥාවටත් එකඟයි. (1 කොරින්ති 6:18; එෆීස 5:5) නමුත් ඊට එකඟව ජීවත් වෙන්න ඔවුන්ට හැකිද? එක් සමීක්ෂණයකින් හෙළි වුණේ ඔවුන්ගෙන් සියයට 60ක් විතර වසරක් ඇතුළත තම පොරොන්දුව කඩ කරන බවයි.

සැලකිය යුතු තවත් පැත්තක් නම් මෙවැනි යෞවනයන් ලිංගිකව හැසිරෙන්නේ නැහැ කියා කීමෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද යන්නයි. ෂාලීන් සී. ජියානෙත්ති සහ මාග්‍රට් සාගාරේසි ඔවුන් ලියූ පොතක පවසන්නේ “මුඛ හා ගුද සංවාසය වැනි ලිංගික ක්‍රියා වැඩි වන බවයි. විද්වතුන්ගේ අදහසට අනුව බොහෝ යෞවනයන් සිතන්නේ මෙම ක්‍රියාවන් නියම ලිංගික හැසිරීම නොවෙයි කියායි. ඒ නිසා එවැනි ක්‍රියාවල යෙදෙන ඔවුන් හිතන්නේ තම පොරොන්දුව කඩ කර නැති බවයි.”—එම පොත, Boy Crazy!

බොහෝ යෞවනයන්ගේ ආකල්පය මෙයයි. එක් කර්තෘවරයෙක් යෞවන යෞවනියන් දහසකට පමණ කතා කිරීමෙන් පසුව පැවසුවේ මෙසේයි. “ලිංගිකව හැසිරීමට මුඛ සංවාසය ඇතුළත් බව සලකන්නේ සියයකින් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණයි. සමහරවිට ඔබේ යෞවන දරුවනුත් එහෙම හිතනවා ඇති.”

ශුද්ධ බයිබලය පැහැදිලිව කියන්නේ අප “වේශ්‍යාකමින් (“කාමයෙහි වරදවා හැසීරීමෙන්,” නව අනුවාදය) වැළකී සිටිය යුතු” බවයි. මෙයට අවිවාහක අය අතර සිදු වන සෑම ලිංගික ක්‍රියාවක්ම ඇතුළත් බව පැහැදිලියි. මේ ගැන සමාජය විවිධ මත දැරුවත් බයිබල් ප්‍රමිතිවලට ඇලී සිටින අය දන්නවා මුඛ සංවාසය හා ගුද සංවාසය නුසුදුසු ක්‍රියාවන් බව. ඒවායින් අප වැළකී සිටිය යුතුයි.—1 තෙසලෝනික 4:3