Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

යෞවන අය අසති . . . මට කියවන්න ආසාවක් නැත්තේ ඇයි? ( 2006 මැයි) මේ ලිපිය මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. මට අවුරුදු 15යි. මම මේ සඟරාව ඉස්කෝලෙටත් ගෙනිච්චා. ගුරුතුමියත් ඒක බලලා පොත් කියවීම ගැන පන්තියේදී කතා කළා. පිබිදෙව්! සඟරාව පන්තියේ ළමයින්ටත් පෙන්නුවා. ගුරුතුමිය ඒ ලිපිය හුඟක් අගය කළා විතරක් නෙවෙයි ඒක කියවන්න කියලත් හැමෝටම දිරිගැන්නුවා.

බ්‍රසීලයේ ඩී. ඒ. සී.

සාමාන්‍යයෙන් මම කියවන්නේ මට ආස හිතෙන දෙයක් තිබුණොත් විතරයි. සඟරාව ගත්ත ගමන්ම හැම ලිපියක්ම කියවන්න ආසාවක් ඇති නොවුණත් දැන් මම උත්සාහ කරන්නේ හැම එකක්ම කියවන්නයි. කියෙව්වට පස්සේ ඒ ලිපිවලින් සමහර ඒවා මගේ ප්‍රියතම ලිපි බවටත් පත් වෙනවා. ඔයාලට බොහොම ස්තුතියි.

එක්සත් ජනපදයේ ඊ. ජී.

මම බව්තීස්ම වුණේ අවුරුදු 14දී. ඒත් දැන් මගේ වයස අවුරුදු 40යි. යෞවනයෙක්ව හිටිය කාලයේදී මම කළා වගේ දේවල් කරන යෞවනයෝ අදත් ඉන්න එක ගැන මම සතුටු වුණා. බව්තීස්ම වෙන්න ටික කාලෙකට ඉස්සර ඉඳලම හැමදාම මුරටැඹ සඟරාවෙන් හරි පිබිදෙව්! සඟරාවෙන් හරි පිටු කීපයක්ම කියවීම මම පුරුද්දක් කරගෙන තිබුණා. එදා ඇති කරගත්ත ඒ පුරුද්ද අදටත් එහෙමමයි. ඒ නිසයි දෙවි සමඟ තවමත් මට හොඳ මිත්‍රත්වයක් පවත්වාගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ජපානයේ එස්. ඕ.

තනිවම සත්‍ය සෙවූ—මයිකල් සර්වෙටස් (2006 මැයි) දේශනා සේවය දිගටම කරන්නත් යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් කරන්නත් දිරිගැන්වීමක් මට මේ ලිපියෙන් ලැබුණා. මේ වටිනා ලිපියට ඔබට ස්තුතියි.

බ්‍රසීලයේ එම්. ආර්.

සර්වෙටස්ව හුඟක් අය දන්නේ වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයෙක් හැටියටයි. ඒ වුණත් මේ ලිපියෙන් ඔහුගේ අවංකකම ගැනත්, සත්‍යය සෙවීමට දැරූ වෙහෙස ගැනත්, තොරතුරු දැනගන්න ලැබුණා. මෙවැනි ලිපියක් පළ කළාට ස්තුතියි.

ස්පාඤ්ඤයේ එම්. ජේ.

පිළිපැද්ද නිසා උපදෙස් ගැලවුණා දිවි (2006 ජූනි) කැට්රිනා කුණාටුවෙන් අපේ ගෙදරට හුඟක් හානි සිදු වුණා. ඒ වෙලාවේ අපිට ආදරයෙන් උදව් කළ සහෝදර සහෝදරියන්ට මම හද පත්ලෙන්ම ස්තුති කරනවා. ඇත්තටම යෙහෝවා දෙවිගේ සංවිධානයේ කෙනෙක් වෙන්න ලැබීම පුදුමාකාර දෙයක්.

එක්සත් ජනපදයේ අයි. එෆ්.

සිල්ක්—“නූල්වල රැජිණ”(2006 ජූනි) සිල්ක් හදන විදිහ මට පුංචි කාලේ ඉඳලම ප්‍රශ්නයක් වී තිබුණ නිසා පිබිදෙව්! සඟරාවේ මේ ලිපිය දැකලා මම පුදුම වුණා! ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. යෙහෝවා දෙවිගේ මැවිලි ගැන මගේ අගය තවත් වැඩි වුණා.

බ්‍රසීලයේ ඒ. සී. එල්.

මෙලනෝමා රෝග ලක්ෂණ හඳුනාගනිමු (2005 ජූනි 8, සිංහලෙන් නැහැ.) මේ ලිපියේ තිබූ වර්ණ ඡායාරූප තුළින් මට දැනගන්න පුළුවන් වුණා මටත් මෙලනෝමා රෝග ලක්ෂණ තිබෙනවා කියලා. ඒ නිසයි රෝගයේ මුල් අවස්ථාවේදීම සැත්කමකින් රෝගය සුව කරගන්න හැකි වුණේ. මේ වගේ ප්‍රායෝගික උපදෙස් දීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.

ජපානයේ කේ. එන්.