Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

උපමාව විස්තර කරන්න

ලූක් 10:29-37හි යේසුස් පැවසූ උපමාවේ ඇති චරිත තුනක් හඳුනාගන්න. ඒවා පහත ලකුණු කරන්න.

1. .....

2. .....

3. .....

සාකච්ඡා කිරීමට: සමරිතානුවරයා ක්‍රියා කළ ආකාරයට ඔබ කැමති ඇයි? ඔබට හොඳ අසල්වැසියෙක් වෙන්න පුළුවන් කොහොමද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත් ලියූ ලේඛකයා(යෝ) නම් කර පොත ලියා අවසන් කළ ආසන්න දිනට ඉරක් අඳින්න.

537 ක්‍රි.පූ. 460 455 50 - 52 ක්‍රි.ව. 66 - 70 ක්‍රි.ව.

4. 2 ලේකම්

5. එස්රා

6. ගලාති

මම කවුද?

7. මම මහලු අයගෙන් හා යෞවනයන්ගෙන් උපදෙස් ලබාගත්තත් වැඩ කළේ යෞවනයන් කියූ විදිහටයි.

මම කවුද?

8. පාවුල් මාව ගිවිසුමටත්, සීනයි කන්දටත්, යෙරුසලමටත් සමාන කළා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

9වන පිටුව දෙවිගේ කැමැත්ත කරන්නා නෝවාට සමාන වන්නේ කෙසේද? (2 පේතෘස් 2:․․․)

10වන පිටුව ධර්මිෂ්ඨයන්ට උරුම වන්නේ කුමක්ද? (ගීතාවලිය 37:․․․)

12වන පිටුව අන් අය සමඟ ඔබව සසඳන විට කෝප නොවී සිටිය හැක්කේ කෙසේද? (හිතෝපදේශ 19:․․․)

26වන පිටුව යේසුස්ගේ මිතුරෙක් විය හැක්කේ කෙසේද? (යොහන් 15:․․․)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 29වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. පූජකයෙක්.

2. ලෙවීවරයෙක්.

3. සමරිතානුවරයෙක්.

4. එස්රා, ක්‍රි.පූ. 460දී.

5. එස්රා, ක්‍රි.පූ 460දී.

6. පාවුල්, ක්‍රි.ව. 50-52දී.

7. රෙහොබොවම්.—2 ලේකම් 10:3-14.

8. හාගර්—ගලාති 4:22-25.