Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

කැනඩාවේ ගෘහස්ථ විදුලි බිලට සියයට පහක් පමණ එකතු වෙන්නේ විදුලි උපකරණ සම්පූර්ණයෙන්ම නිවා නොදැමීම නිසයි.කැනඩාවේ, NATIONAL POST.

රුසියානුවන් පවසන ආකාරයට, රජය විසින් විසඳිය යුතු මූලික ගැටලුව වන්නේ “වංචාව” හා “ජීවන වියදම ඉහළ යෑම” කියා එක් සමීක්ෂණයකින් හෙළි වුණා.රුසියාවේ, PRAVDA.

එක් සමීක්ෂණයකට අනුව, තායිවානයේ පහ සහ හය ශ්‍රේණිවල ළමුන්ගෙන් සියයට 26.4ක් පමණ “සිය දිවි නසාගැනීමට සිතා තිබෙන බව” අනාවරණය වුණා.තායිවානයේ, THE CHINA POST.

තාක්ෂණයේ දියුණුව නිසා පසුගිය ශතවර්ෂය තුළ අමෙරිකාවේ සේවකයන් සතියකට වැඩ කරන පැය ප්‍රමාණය සියයට 38කින් අඩු වී තිබෙනවා. නමුත් වාහන තදබදය, වැඩිහිටියන් හදාරන පාඨමාලාවන් හා වැඩිපුර ගෙදර දොරේ වැඩ කිරීම නිසා ඔවුන්ට කාලය ඉතුරු වෙලා නැහැ.එක්සත් ජනපදයේ, FORBES.

වර්ෂ 2003 සිට 2004 දක්වා කාර්මික රටවල ඕසෝන් ස්ථරයට හානි කරන වායු පිට කිරීම සියයට 1.6කින් වැඩි වුණා. “දශකයක් ඇතුළත මුදාහැර තිබෙන වැඩිම වායු ප්‍රමාණය මෙයයි.”නෝර්වේ, REUTERS, OSLO.

චීනයේ ජල අර්බුදයක්

චීනය “විශාල ජල අර්බුදයකට මුහුණ පා සිටියි. කර්මාන්ත ශාලා හා නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය මෙන්ම ගොවිපොළවල්වලින් රසායනික ද්‍රව්‍යය බොහෝ ඇළ, දොළ හා ගංගාවලට එකතු වීමෙන් ජලය දූෂණය වෙලා. මිලියන 300කට පමණ පානීය ජලය නැහැ” කියා ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පැවසුවා. එහි බොහෝ නගරවල ජලය පිරිසිදු කරන ක්‍රම තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ඔවුන් ළඟ නැති බවත් තවදුරටත් එහි පවසා තිබුණා. මේ නිසා තත්වය දිනෙන් දින උග්‍ර වෙයි.

“යෙහෝවාගේ සාක්ෂිකාරයෝද?”

ඉතාලියේ කතෝලික යෞවනයන්ට එක් බිෂොප්වරයෙක් පැවසුවේ ක්‍රිස්තියානියෙකුව සිටින්න ඕනෙ නම් තම ආගම ගැන අන් අයට දේශනා කළ යුතු බවයි. මෙය පිළිගත් යෞවනයන් පසුගිය වසරේ ඉතාලියේ එල්බා දූපතට ආ සංචාරකයන්ට දේශනා කරන්න පටන්ගත්තා. සංචාරකයන් හැමෝම මේ යෞවනයන්ගෙන් ඇසුවේ “ඔයගොල්ලෝ කවුද? යෙහෝවාගේ සාක්ෂිකාරයෝද?” කියලයි කියා ඉල් ටෙම්පො පුවත්පත වාර්තා කළා.

කාමුක හැඟීම් අවුස්සන ගීත

“කාමාතුර හැඟීම් අවුස්සන ගීතවලට” සවන් දෙන අයට එවැනි ක්‍රියා සඳහා තිබෙන පෙලඹවීම සාමාන්‍ය සංගීතයට සවන් දෙන අයට වඩා වැඩියි කියා එක් සමීක්ෂණයකින් හෙළි වුණා. “පද රචනයෙන් ලිංගික හැසිරීම් විස්තර කරන නිසා ඊට සවන් දෙන නහඹරයන්ට ලිංගික ක්‍රියා සඳහා පෙලඹීමක් ඇති වෙනවා. මේ නිසා දෙමාපියන් හා ගුරුවරුන් නහඹරයන් සවන් දෙන ගීතවල පද රචනය ගැන කල්පනාකාරි විය යුතු අතර නහඹරයන්ද තමන් අසන ගීත ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි” කියා එම වාර්තාවේ තවදුරටත් සඳහන් වුණා.

නාස්තිකරන්නෝ

වර්ෂ 2004 තුළදී ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක වටිනා ආහාර නාස්ති කර තිබෙනවා කියා එහි එක් සමීක්ෂණ ආයතනයකින් හෙළි කළා. එය 2003 වසරේදි ඕස්ට්‍රේලියාවෙන් වෙනත් රටවලට දුන් සහනාධාරවල වටිනාකම මෙන් 13න් ගුණයකටත් වඩා වැඩියි. සමස්තයක් හැටියට වසරකට ඕස්ට්‍රේලියාවේ නාස්ති කරන භාණ්ඩ හා සේවාවල වටිනාකම ඩොලර් බිලියන 8.1කටත් වඩා වැඩි. එම රටේ විශ්වවිද්‍යාල හා පාරවල් සඳහාවත් මෙතරම් මුදලක් වැය කරන්නේ නැහැ.