Skip to content

පටුනට යන්න

මේ ධනස්කන්ධයේ හිමිකරැ කවුද?

මේ ධනස්කන්ධයේ හිමිකරැ කවුද?

මේ ධනස්කන්ධයේ හිමිකරැ කවුද?

ධනයෙන් පිරී ඉතිරෙන ලෝකයක්! එය ඔබට විශ්වාස කළ හැකිද? ලෝකයේ සමහර රටවල් කොතරම් ධනවත්ද කියා කියනවා නම් ඔවුන් සතු ධනයෙන් මොනවා කරන්නද කියලවත් ඔවුන්ට හිතාගන්න බැහැ. දැනට ලැබී තිබෙන වාර්තාවලට අනුව 2005 වසරේදී ලොව පුරා නිපදවූ භාණ්ඩ හා සේවාවල වටිනාකම පොළොවේ සිටින ජනගහනයෙන් බෙදුවා නම් එක් පුද්ගලයෙකුට රුපියල් 9,00,000ක පමණ මුදලක් හිමි වෙයි. ඒ වගේම මේ අගය දිනෙන් දින වැඩි වෙනවා.

මෙතරම් ධනවත් ලොවක දිලිඳුකම ගැන කුමක් කිව හැකිද? මෑතකදී පළ වූ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක වාර්තා වී තිබුණේ ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ ධනය එකට එකතු කර බලන විට එම ධන සම්භාරය දිලිඳුම රටවල් 48ක තිබෙන ධන එකතුවටත් වඩා වැඩි බවයි. තවත් එක්සත් ජාතීන්ගේ වැඩ සටහනකින් හෙළි වුණේ ලෝක ජනගහනයෙන් බිලියන 2.5කටම දිනකට රුපියල් 200ක වැටුපක්වත්, මිලියන සිය ගණන් ජනතාවකට හරිහැටි පෝෂණයක් හා පානීය ජලයවත් නොලැබෙන බවයි.

එක්සත් ජනපදයේ සිටින සමාජ විද්‍යාඥයන් “දුගීකමට ආසන්නව” සිටින තවත් කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා. එම රටේ විශාල ධන සම්භාරයක් තිබුණත් මිලියන 50කටත් වඩා ජනගහනයක් සිටින්නේ දුගීකමේ එළිපත්තෙයි.

ලොව පුරා භාණ්ඩාගාරවලට හා බැංකුවලට දිනපතා මුදල් කන්දරාවක් ගලා ආවත් මිලියන සිය ගණන් ජනතාවක් තවමත් දිලිඳුකමින් පෙළෙනවා. ඒ ඇයි? මෙතරම් විශාල ධනස්කන්ධයකින් මොවුන්ට කිසි යහපතක් සිදු නොවන්නේ ඇයි?

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන් තුන්දෙනා සතු ධනය දිලිඳුම රටවල් 48ක ධන එකතුවටත් වඩා විශාලයි

[2, 3වන පිටුවේ පින්තූරය]

ගඩොල් කපන මේ ළමුන්ට දිනකට ලැබෙන්නේ රුපියල් 50ක පමණ වැටුපක්

[හිමිකම් විස්තර]

© Fernando Moleres/ Panos Pictures

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Giacomo Pirozzi/Panos Pictur