Skip to content

පටුනට යන්න

ඔබට මේ දුක මුදල් නිසාද?

ඔබට මේ දුක මුදල් නිසාද?

ඔබට මේ දුක මුදල් නිසාද?

හෙට ඔබ ලොකු පොහොසතෙක් වුණොත් මොනවද කරන්නේ? විවේකයෙන් කාලය ගත කරමින් සතුටු වෙයිද? රැකියාවෙන් ඉවත් වී පවුලේ අය හෝ මිතුරන් සමඟ වැඩියෙන් කාලය ගත කරයිද? ඔබට වඩාත් සතුටක් ලැබෙන වෙනත් රැකියාවක් සොයාගනියිද? කෙසේවෙතත් පොහොසතුන් වුණ බොහෝදෙනෙක් ඉහත සඳහන් කළ කිසිවක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ තව තවත් මුදල් එකතු කරගන්නයි.

එවන් අය අද්දැක තිබෙන්නේ එයින් ඔවුන්ගේ, සෞඛ්‍යයටත්, පවුල් ජීවිතවලටත් හානි සිදු වී ඇති බවයි. ඒ වගේම ඔවුන්ගේ දරුවන් නොමඟ යන්නත් එය හේතුවක් වෙලා තිබෙනවා. ඒත් මෑතක සිට සමහර පොත් පත්, ලිපි, රූපවාහිනි වැඩසටහන් වැනි දේවල් තුළින් දිරිගන්වන්නේ “චාම් දිවි පෙවෙතක්” ගත කිරීමටයි. ඊට හේතුව කෙනෙකු තුළ මුදලට ඇති තණ්හාව ඔහුව ශාරීරිකව, මානසිකව මෙන්ම චිත්තවේගීයවත් රෝගියෙක් බවට පත් කළ හැකි නිසයි.

කොහොමවුණත් වසර 2,000කට පමණ පෙර මෙහි තිබෙන භයානකකම ගැන බයිබලයේ අනතුරු ඇඟෙව්වා. එහි පවසන්නේ මෙසේයි. “එහෙත්, පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය. මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.

මෙය සැබෑවක්ද? මුදල් පසුපස හඹා යෑම අනතුරුදායකද? එසේ නැත්නම් එවන් අයට ධනය, හොඳ සෞඛ්‍යයක් හා සන්තෝෂවත් පවුල් ජීවිතයක් යන සියල්ලම අත් කරගත හැකිද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.