Skip to content

පටුනට යන්න

“යේසුස්ව ආදර්ශයට ගනිමු!”

“යේසුස්ව ආදර්ශයට ගනිමු!”

“යේසුස්ව ආදර්ශයට ගනිමු!”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවේ තේමාව එයයි

මැයි මාසයේදී එක්සත් ජනපදයෙන් ආරම්භ කළ දින තුනක සමුළුව, 2008 දක්වා ලොව වටා නගර සිය ගණනක පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. බොහෝ ස්ථානවල සිකුරාදා පෙරවරු 9:20ට වැඩසටහන ආරම්භ වෙන්නේ සංගීතයත් සමඟයි. සමුළුවේ සෑම දිනකම මූලික අවධානය යොමු කරන්නේ යේසුස් වෙතටයි.

සිකුරාදා වැඩසටහනේ තේමාව “අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු” යන්නයි. (හෙබ්‍රෙව් 12:2) මූලික ඇමතුම “‘යේසුස්ව’ ආදර්ශයට ගත යුත්තේ ඇයි?” කොටස් තුනකින් සමන්විත කතා මාලාව “යේසුස් ඉටු කරන උතුම් සේවය මෝසෙස්ට සමානව, දාවිත්ට සමානව, සලමොන්ට සමානව.” පෙරවරු සැසිවාරය අවසන් වෙන්නේ “යේසුස්ට හිමි සුවිශේෂී කාර්යභාරය” යන කතාවෙනුයි.

සිකුරාදා පස්වරු සැසිවාරයේ “‘අපිට මෙසියස් සම්බ විය!’” සහ “ඔහු තුළ නිධාන කර තිබෙන වස්තුව සොයාගනිමු’” යන කතා ඉදිරිපත් කෙරෙනවා. ඉන්පසු පැවැත්වෙන “යේසුස්ට තිබූ ආකල්පයම තබාගනිමු” යන කොටස් පහකින් යුත් කතා මාලාවට “ඔහු ‘ඔවුන්ව කාරුණිකව පිළිගත්තා’” “ඔහු ‘මරණය දක්වාම යටහත් වී කීකරු වුණා’” සහ “ඔහු ඔවුන්ට අවසානය දක්වාම ප්‍රේම කළා” යන කතාවන් ඇතුළත්. එමෙන්ම “බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුන් නොකඩවා ඔහු පසුපස යයි” යන කතාවෙන් එදින වැඩසටහන අවසන් වෙයි.

සෙනසුරාදා වැඩසටහනේ තේමාව “මාගේ බැටළුවෝ මාගේ හඬට ඇහුම්කන් දෙති. . . . ඔවුහුද මා පසුපස එන්නෝය.” (යොහන් 10:27) “දේවසේවයේදී යේසුස්ව ආදර්ශයට ගනිමු” යන කතා මාලාවට දේවසේවය සඳහා ප්‍රායෝගික මඟ පෙන්වීම් ඇතුළත් වී තිබෙනවා. ඉන්පසු “ඔහු මෙන් ඔබත් ‘ධර්මිෂ්ඨකමට ප්‍රේම කර අධර්මිෂ්ඨකමට වෛර’ කරනවාද?” සහ “යේසුස් මෙන් ‘යක්ෂයාට විරුද්ධ වන්න’” යන කතාවන් ඉදිරිපත් කෙරෙනවා. පසුව බව්තීස්ම කතාව හා බව්තීස්මය සඳහා සුදුසුකම් ලැබූ අයව බව්තීස්ම කිරීමෙන් අනතුරුව පෙරවරු සැසිවාරය අවසන් වෙයි.

සෙනසුරාදා පස්වරු සැසිවාරය “යේසුස්ව ආදර්ශයට ගනිමින් . . . ” යන කොටස් හයකින් යුත් කතා මාලාවෙන්ආරම්භ වේ. “‘සමූහයා’ අනුව නොයන්න,” “‘ඔබගේ සිත් හා ඇස්වල’ ආශා අනුව නොයන්න,” “‘නිරර්ථක දේ’ අනුව නොයන්න,” “‘බොරු ගුරුවරුන්’ අනුව නොයන්න,” “‘නිෂ්ඵල වූ අසත්‍ය කතා’ අනුව නොයන්න” සහ “‘සාතන්’ අනුව නොයන්න” යන කතාවන් මීට ඇතුළත්. තවදුරටත් “යෙහෝවා දෙවිගෙන් ඉගෙනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන” සහ “රැළ වෙත නැවත එන්න ඔවුන්ට උපකාර කරන්න” යන කතාවන්ටද, අවසානයේදී සමුළුවේ විශේෂාංග අතුළත් “මාගේ අනුගාමිකයා වන්න” යන කතාවටද සවන් දිය හැකියි.

ඉරිදා තේමාව දිගටම මා අනුව එන්න.” (යොහන් 21:19) “‘නිදහසට හේතු’ නොකියන්න” යන කතාවෙන් පසුව “කන්ද උඩ දේශනාවෙන් වටිනා පාඩම්” යන කොටස් හයකින් යුත් කතා මාලාව ආරම්භ වෙයි. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය” “පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න” සහ “දීමට පුරුදු වන්න එවිට අන් අය ඔබටද දෙන්නෝය” යන කතා ඊට ඇතුළත්. පෙරවරු සැසිවාරය අවසානයේදී “සැබවින්ම යේසුස්ව ආදර්ශයට ගන්නේ කවුද?” යන ප්‍රසිද්ධ කථාවට සවන් දිය හැකියි. පස්වරුවේ බයිබලයේ සඳහන් දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන එලීෂාගේ සේවකයා වන ගෙහාසි අලළා සැකසූ නාට්‍යය නැරඹිය හැකියි. සමුළුවේ අවසන් කතාව “අපේ අපරාජිත නායකයා වන යේසුස්ව දිගටම ආදර්ශයට ගනිමු!” යන්නයි.

පැමිණීමට දැන්ම සැලසුම් කරන්න. ඔබේ ප්‍රදේශයට කිට්ටුම ස්ථානය දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවකින් විමසන්න. නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශිතයන්ට ලියන්න.