Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ ආයු කාලය එතරම් දිගුද?

ඔවුන්ගේ ආයු කාලය එතරම් දිගුද?

ඔවුන්ගේ ආයු කාලය එතරම් දිගුද?

බයිබලයේ සඳහන් වන ආදම් සහ සෙත් නම් මිනිසුන්ගේ ආයු කාලය පිළිවෙළින් වයස අවුරුදු 930ත් 912ත් වුණා. මෙතුසෙලා නම් මිනිසාගේ ආයු කාලය අවුරුදු 969ක්. වයස අවුරුදු 1000 වෙන්න ඔහුට අවශ්‍ය වුණේ තව අවුරුදු 31යි! (උත්පත්ති 5:5, 8, 27) එදා ඔවුන් අවුරුදු ගණන් කළේ අද අපි අවුරුදු ගණන් කරන ක්‍රමයටමද? නැත්නම් ඔවුන්ගේ අවුරුද්දක කාලය අපේ අවුරුද්දකට වඩා අඩුද?

ඈත අතීතයේදී අවුරුදු ගණන් බැලූ ආකාරය, අද අවුරුදු ගණන් බලන ආකාරයට සමාන බව බයිබලයෙන් සොයාගත හැකියි. ඈත අතීතයේ අවුරුද්දක් අද අපේ මාසයකට සමාන වුණා නම් බයිබලයේ සඳහන් වන කේනාන් නමැති මිනිසා වයස අවුරුදු හය වෙන්න පෙරත්, මහලලේල් හා ඒනොක් නම් අය ඔවුන්ගේ වයස අවුරුදු පහේදීත් පියවරුන් බවට පත් වී තිබිය යුතු වෙනවා. එය සිදු විය හැකි දෙයක්ද?—⁠උත්පත්ති 5:12, 15, 21.

ඈත අතීතයේදීත් ඔවුන් කාලය මැන්නේ දින, මාස, අවුරුදු වශයෙනුයි. (උත්පත්ති 1:14-16; 8:13) කොහොමවුණත් ඒ කාලයේ මාසයක් කොපමණ දීර්ඝද කියා දැනගැනීමට නෝවාගේ වාර්තාව උපකාර වෙනවා. නිදසුනකට බයිබලයේ උත්පත්ති 7:11, 24 සහ උත්පත්ති 8:3, 4 කියවන විට පෙන්නුම් කරන්නේ මාස පහක කාලයක් දවස් 150කට සමාන බවයි. (දෙවන මාසයේ 17 වන දින සිට හත් වන මාසයේ 17 වන දින දක්වා කාලය) ඒ අනුව නෝවාගේ කාලයට අයත් මාසයකට දින 30කුත් අවුරුද්දකට මාස 12කුත් ඇතුළත් වුණා.—⁠උත්පත්ති 8:5-13. *

අවුරුදු 900ක් හෝ ඊට වඩා වැඩි කාලයක් මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? බයිබලයේ පවසන ආකාරයට දෙවි මිනිසුන්ව මැව්වේ සදාකල් ජීවත් වීමටයි. නමුත් ආදම් නම් මිනිසා කළ පාපය නිසා සියලුදෙනාම මහලු වී මිය යන්න පටන්ගත්තා. (උත්පත්ති 2:17; 3:17-19; රෝම 5:12) නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මට කලින් ජීවත් වූ මිනිසුන් අපට වඩා සෞඛ්‍ය සම්පන්නව සිටි නිසා ඔවුන්ගේ ආයු කාලය දිගු වූ බවට කිසිම සැකයක් නැහැ. නිදසුනකට, ආදම්ගෙන් පැවතෙන පරම්පරා අතුරින් මෙතුසෙලා අයත්ව සිටියේ හත්වෙනි පරම්පරාවටයි.—⁠ලූක් 3:37, 38.

ආදම්ගෙන් උරුම වූ පාපයේ බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකි වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබුවොත් පමණයි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය.” (රෝම 6:23) එදාට මෙතුසෙලා ජීවත් වූ ඒ අවුරුදු 969 ඉතා කෙටි කාලයක් බව හැඟේවි!

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, දෙවන වෙළුමේ 1214 වන පිටුව බලන්න.—සිංහලෙන් නැහැ.

[30වන පිටුවේ ප්‍රස්තාරය]

(මුද්‍රිත පිටපත බලන්න)

1000

මෙතුසෙලා

ආදම්

සෙත්

900

 

 

 

800

 

 

 

700

 

 

 

600

 

 

 

500

 

 

 

400

 

 

 

300

 

 

 

200

 

 

 

100

අද ආයු කාලයේ සාමාන්‍යය