Skip to content

පටුනට යන්න

දෙවි දුන් පුහුණුවෙන් ප්‍රයෝජන ලැබ . . .

දෙවි දුන් පුහුණුවෙන් ප්‍රයෝජන ලැබ . . .

දෙවි දුන් පුහුණුවෙන් ප්‍රයෝජන ලැබ . . .

දරුවන්ව කුඩා කාලයේ සිටම පුහුණු කිරීමෙන් මහත් පල ප්‍රයෝජන ලැබෙන බව එසේ කර තිබෙන දෙමාපියන් දන්නවා. දකුණු අමෙරිකාවේ පේරූ රටේ ඩෝරියන් නම් දරුවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ (සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම් පහෙන් එකක්) කතාවක් ඉදිරිපත් කළේ ඔහුට වයස අවුරුදු හතරේදීයි. ඩෝරියන් පාසැල් යෑමට පටන්ගත් අවදියේදී ඔහුගේ ගුරුවරයාට මෙන්ම යාළුවන්ට ඔහු නත්තල් උත්සවය පවත්වන්නේ නැත්තේ ඇයි කියා බයිබලයෙන් පෙන්වීමට ඔහුට හැකිකම තිබුණා.

ඔහුට අවුරුදු පහේදී ඔහුගේ පාසැලේ කදිම පැවරුමක් ලැබුණා. පාසැලේ සිටින 500ක් පමණ සිසුන් ඉදිරිපිට පියවරුන්ගේ දිනය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ඉදිරිපත් කරන්න ඔහුට සිදු වුණා. ඔහු “පියාගේ වගකීම්” යන මාතෘකාව යටතේ විනාඩි දහයක කතාවක් සුදානම් වුණා. මෙම කතාව පදනම් වුණේ බයිබලයේ එෆීස පොතේ 6වෙනි පරිච්ඡේදයේ 4වෙනි ඡේදය මතයි. ඔහු කතාව අවසන් කළේ “අවුරුද්දට එක වතාවක් පියවරුන්ගේ දිනයක් කියා දිනයක් සමරනවාට වඩා අපි සෑම කෙනෙක්ම සෑමදාම අපේ දෙමාපියන්ට ගෞරවය කරන්නත් කීකරු වෙන්නත් බැඳී සිටිනවා” කියායි.

දිව්‍යාණ්ඩු සේවා පාසැල ආරම්භ වූයේ 1943දීයි. එහි අරමුණ වන්නේ බාල මහලු සෑමදෙනෙකුටම චකිතයකින් තොරව ප්‍රසිද්ධියේ කතා කිරීමට ඉගැන්වීමයි. එදා පටන් මෙම රැස්වීම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම සතියකම පවත්වනවා. මෙමගින් දෙමාපියන්ට බයිබලයේ අඩංගු උපදෙස් අදාළ කරගෙන, දරුවන්ව පුහුණු කළ හැකි ආකාරය ගැන තවත් මඟ පෙන්වීම් ලබා දෙනවා.—හිතෝපදේශ 22:6.

ස්විට්සර්ලන්තයේ වෙසෙන සයිමන් නම් අවුරුදු හයක් වයසැති පිරිමි දරුවා 2005 නොවැම්බර් මාසයේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ඔහුගේ පළමුවෙනි බයිබල් කියවීම ඉදිරිපත් කළා. ඉන් අවුරුද්දකට පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශාල එක්රැස්වීමකදී මේ දරුවාව සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. දෙවි පිළිබඳ දේවල් ඉගෙනගැනීම සම්බන්ධයෙන් ඔහු වර්ධනය කරගෙන තිබුණේ මොන වගේ ආකල්පයක්ද?

ඔහු ක්‍රිස්තියානි රැස්වීම්වලට එන්න ලොකු ආශාවක් දැක්වුවා. ඔහු මහන්සි වී සිටින අවස්ථාවලදී පවා රැස්වීම් අතපසු කරන්න කැමති වුණේ නැහැ. ඒ වගේම තම පවුලේ අය සමඟ දේශනා සේවයේ හවුල් වුණා. ඔහු සෑම මාසයකම මුරටැඹ හා පිබිදෙව්! සඟරා 30ත් 50ත් අතර සංඛ්‍යාවක් සෑම වයස් මට්ටමකම අය අතරේ බෙදාහරිනවා. ඔහු නිතරම වාගේ බයිබලයේ තිබෙන අදහස් තම පියා සමඟ බෙදාගන්නා අතර පියාටත් පවුලේ අනිත් අය සමඟ රැස්වීම්වලට යන්න උනන්දු කරනවා.

‘යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න උගන්වන’ දෙමාපියන්ට තම දරුවන් ඊට ප්‍රතිචාරය දක්වා යහපත් පුද්ගලයන් වෙනවා දකින්න ලැබෙන විට දැනෙන සතුට අපමණයි!—එෆීස 6:4; යාකොබ් 3:17, 18.

[28වන පිටුවේ පින්තූරය]

ඩෝරියන් පාසැලේදී

[28වන පිටුවේ පින්තූරය]

සයිමන් රාජ්‍ය ශාලාවේදී