Skip to content

පටුනට යන්න

7 ආදර්ශයෙන් උගන්වන්න

7 ආදර්ශයෙන් උගන්වන්න

7 ආදර්ශයෙන් උගන්වන්න

ඇයි මෙය වැදගත්? අවවාදයට වඩා ආදර්ශය උතුම්. නිදසුනකට අනිත් අයට කතා කරන විට ගෞරවාන්විත වෙන්න කියලා දෙමාපියන් දරුවන්ට කියන්න පුළුවන්. ඒ වගේම හැමවිටම ඇත්ත කතා කරන්න කියලත් කියන්න පුළුවන්. ඒත් මෙවැනි උපදෙස් දෙන දෙමාපියන්ම, ඔවුන් එකිනෙකාට හෝ දරුවන්ට බැණවදිනවා නම් නැත්නම් යම් අවස්ථාවලදී බොරු කියනවා නම් ඔවුන් දරුවන්ට හොඳ ආදර්ශයක්ද? “දරුවන් විශේෂයෙන්ම ඉගෙනගන්නේ” දෙමාපියන්ගේ ආදර්ශයෙන් කියා ආචාර්ය සැල් සර්වැ පැවසුවා.

අභියෝගය: බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ, “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව” සිටියි කියායි. (රෝම 3:23) අපේ කතා බහ පාලනය කිරීම කොතරම් අසීරුද කියා යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ් පැවසූ මේ දෙයින් පැහැදිලියි. “දිව මෙල්ල කිරීමට මනුෂ්‍ය වර්ගයා අතරින් කිසිවෙකුට නොහැක.” (යාකොබ් 3:8) සමහර අවස්ථාවලදී දරුවන් දෙමාපියන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන තරමට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සන්සුන්ව හා ඉවසීමෙන් කටයුතු කරන දෙදරු පියෙක් වන ලැරී මෙසේ පවසනවා. “මගේ දරුවන්ට ලෙහෙසියෙන්ම මගේ ඉවසීම නැති කරන්න පුළුවන්.”

විසඳුම: හොඳ දෙමාපියෙක් වෙන්න වෑයම් කරන්න. ඉඳ හිට ඔබේ අතිනුත් යම් අඩු පාඩුවක් සිදු වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබ ක්‍රියා කරන ආකාරයෙනුත් ඔබේ දරුවාට පාඩමක් උගන්වන්න. මෙවැනි අවස්ථාවක දෙදරු පියෙක් වන ක්‍රිස් කටයුතු කළ ආකාරය සලකා බලන්න. “මට තරහා ගියා නම් එහෙම නැත්නම් මම ගත්ත තීරණයක් දරුවන්ට නරක විදිහට බලපෑවා නම් මගේ අතින් සිදු වුණු වරද මම පිළිගන්නවා. මෙහෙම කරන කොට දෙමාපියන් අතින් වැරදි සිදු වෙන බවත්, අපි හැමෝටම අපේ ජීවිතයේ හදාගන්න හුඟාක් පැති තියෙන බවත් ඔවුන් ඉගෙනගන්නවා.” කලින් අදහස් දැක්වූ කොස්ටාස් නම් පියා මෙසේද පවසනවා. “මට යම් කාරණයක් නිසා තරහා ගියා නම් මම පස්සේ ඒ ගැන කියලා මගේ දුක ප්‍රකාශ කරනවා. මම එහෙම කරන නිසා මගේ දුවලා දෙන්නා ඒ අයගේ අතින් යම් වරදක් වුණාම සමාව ඉල්ලන්න ඉගෙනගෙන තියෙනවා.”

යෙහෝවා දෙවි දෙමාපියන්ට මෙසේ උපදෙස් දෙනවා. “ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.” (එෆීස 6:4) අධිකාරියක් හොබවන කෙනෙක්, කියන්නේ එකක් කරන්නේ තවත් එකක් නම් එය ඕනෑම කෙනෙකුට බලපානවා. නමුත් මෙවැනි දෙයක් වැඩිහිටියන්ට වඩා බලපාන්නේ දරුවන්ටයි. ඒ නිසා දවසක් අවසානයේදී දෙමාපියෙක් හැටියට ඔබ මේ ප්‍රශ්නය ගැන සිතා බැලීම ප්‍රයෝජනවත් විය හැකියි. වචනයක්වත් කතා නොකර, මගේ හැසිරීමෙන් දරුවන්ට යමක් උගන්වන්න මට පුළුවන් වුණාද?

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“වෙන කෙනෙකුට උගන්වන්නාවූ ඔබ, ඔබටම උගන්වාගන්නේ නැද්ද?”—රෝම 2:21

[9වන පිටුවේ පින්තූරය]

දෙමාපියෙක් තමන්ගේ වරදක් පිළිගන්න විට දරුවනුත් ඒ දෙයම කරන්න ඉගෙනගන්නවා