Skip to content

පටුනට යන්න

ගොඩනැඟිල්ලේ කාර්යය වෙනස් වෙයි!

ගොඩනැඟිල්ලේ කාර්යය වෙනස් වෙයි!

ගොඩනැඟිල්ලේ කාර්යය වෙනස් වෙයි!

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

▪ වර්ෂ 1900දී ඉතාලියේ පිස්ටොයියා නම් කඳුකර ප්‍රදේශයේ කර්මාන්ත බොහෝමයක් බිහි වුණා. මෙම කර්මාන්තවලට අමුද්‍රව්‍ය මෙන්ම එහි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා විදුලියෙන් ක්‍රියා කරන දුම්රිය මාර්ගයක් ඉදි කරනු ලැබුවා. කඳු අතරින් හැරිහැරී යන මේ දුම්රිය මාර්ගය කිලෝමීටර් 16ක් පමණ ඈතට දිව ගියා. වර්ෂ 1926 ජූනි 21වෙනිදා මෙහි සේවය ආරම්භ කළා.

මෙම දුම්රියවලට විදුලි බලය සපයනු ලැබුවේ ඉහත පින්තූරයේ පෙන්වා ඇති විදුලි බලයේ වෝල්ටීයතාව අඩු කර බෙදාහරින උපසේවා කාර්යාංශයෙනුයි. කෙසේවෙතත් කාලයත් සමඟම මෙම දුම්රිය සේවාවේ අවශ්‍යතාව අඩුවීමට පටන්ගත් නිසා 1965 වන විට එම සේවය සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබුවා. ඒත් දුම්රිය මාර්ගය දෙපස ඉදි කර තිබූ ගොඩනැඟිලිවලට සිදු වුණේ කුමක්ද? සමහර ඒවා නඩත්තු නොකිරීම නිසා පාළුවට ගියා. තවත් සමහර ඒවා බීම හල් හා බස් ඩිපෝ සඳහා යොදාගත්තා.

එහි තිබුණු උපසේවා කාර්යාංශය අලුත් වැඩියා කරනු ලැබුවා. වර්ෂ 1997දී සැන් මාචෙලෝ පෙස්ටොයාසි සභාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එය මිල දී ගත්තා. එය (පහළ පින්තූරය) ටස්කනි නගරයේ තිබෙන වෙනත් රාජ්‍ය ශාලාවලට වඩා වෙනස් අද්විතීය රාජ්‍ය ශාලාවක් බවට පත් වී තිබෙනවා. මෙහි එක්රැස් වන සාමාජිකයන් අවට කඳුකර ප්‍රදේශයේ දෙවිගේ රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි නියැලෙමින් ‘ලෝකයෙහි ප්‍රදීප ලෙස බැබළෙනවා.’ (ෆිලිප්පි 2:15; මතෙව් 24:14) එදා විදුලිය සැපයූ ගොඩනැඟිල්ල අද සියලු මිනිසුන්ට දෙවි පිළිබඳ දැනුම සපයමින් ජීවිත ආලෝකවත් කරන ස්ථානයක් බවට පත් වී තිබීම සතුටට කාරණයක් නොවේද!—මතෙව් 5:14-16; 28:19, 20.