Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

මිහිතලය උණුසුම් වීමට මූලික හේතුව වන්නේ මිනිස් ක්‍රියාකරකම් බවයි පෙනී ගොස් තිබෙන්නේ.—ස්විට්සර්ලන්තයේ, INTERGOVERNMENTAL PANEL ON CLIMATE CHANGE (IPCC).

ජර්මනියේ වැසියන් මිලියන 1.4ත් 1.9ත් අතර ප්‍රමාණයක් ඖෂධවලට අබ්බැහි වී තිබෙනවා. මෙහි බරපතළකම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම හා සමානයි.ජර්මනියේ TAGESSCHAU නම් පුවත්පත.

බ්‍රිතාන්‍යයේ වැඩියෙන්ම ඝාතනයට ලක් වෙන්නේ වයස අවුරුදු එකට අඩු බිළිදුන්.බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත.

එක්සත් ජනපදයත් කැනඩාවත් අතර දේශ සීමාව ගස් වැල්වලින් වැසී පවතිනවා. නිලධාරීන්ට “දේශ සීමාව සොයාගන්න නොහැකි වී තිබෙන නිසා ආරක්ෂාව සැලැසිය නොහැකියි” කියා ජාත්‍යන්තර දේශ සීමා කොමිසමේ ඩෙනිස් ෂොර්නා පවසනවා.එක්සත් ජනපදයේ, ASSOCIATED PRESS.

සිරුර තුළම වෛද්‍යවරයෙක්

“වැලඳෙන රෝගවලින් සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයක් ඉබේටම සුවවීමේ හැකියාව මිනිස් සිරුරේ තිබෙනවා” කියා ජර්මනියේ එසන් නගරයේ පිහිටි එක් රෝහලක (Miners’ Hospital) ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වූ මහාචාර්ය ගුස්ටාෆ් ඩොබොස් පවසනවා. අපේ ශරීරය තුළ ඖෂධ වර්ග 30ක් 40ක් පමණ නිපදවෙනවා. නිදසුනකට වකුගඩුවල ගල් ඇතිවීම වැළැක්වීමට කෝටිසෝන් හා වෙනත් ඖෂධ නිපදවෙනවා. ඉබේම රෝග සුව වන ක්‍රියාවලි කිහිපයක් පර්යේෂකයන් හඳුනාගෙන තිබුණද තවමත් හඳුනාගෙන නැති බොහොමයක්ද තිබෙනවා. “හෝමෝන අතර සිදු වන ක්‍රියාවලිය, ආසාදිත සෛල විනාශ කරන සෛල, හෝමෝනයක් මෙන් ක්‍රියා කරන වෙනත් රසායනික ද්‍රව්‍ය රෝග ඉබේම සුවවීමට දායක වන බව” විද්‍යාඥයන් සොයාගෙන තිබෙන බව විටාල් නම් සඟරාවෙහි පැවසෙනවා. “ඒත් අපේ සිතුවිලි හා හැඟීම් රෝග සුවවීමට බොහෝ සේ බලපාන බවත්” දිගු කල් පවතින මානසික පීඩන හා පෞද්ගලික ගැටලු අපේ “ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය දුර්වල කිරීමට හේතු විය හැකි බවත්” එහි තවදුරටත් පැවසෙනවා.

ඇති නැති පරතරය

“ලොව ධනවත්ම සියයට එක, මුළු ලෝකයේම ධනයෙන් සියයට 40කටම හිමිකම් කියයි. මේ අයගෙන් වැඩිදෙනෙක් මූල්‍ය සේවාවන් සපයන ආයතනවල හා අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අයයි” කියා ලන්ඩනයේ ගාඩීයන් නම් පුවත්පතෙහි සඳහන් වුණා. එම පිරිසගෙන් සියයට 37ක් අමෙරිකාවේද, සියයට 27ක් ජපානයේද සියයට 6ක් එංගලන්තයේද වෙසෙන බව ජාතීන්ගේ සංවිධානය සොයාගෙන තිබෙනවා. ලෝක ජනගහනයෙන් දිලිඳුම සියයට 50 ලබන්නේ ලෝකයේ මුළු ධනයෙන් සියයට එකක් පමණයි. මේ ගැන එක් ආයතනයක (Britain’s charity Oxfam) ප්‍රධානියෙක් වන ඩන්කන් ග්‍රීන් මෙසේ පවසනවා. “මෙපමණ ධනස්කන්ධයක් තිබුණත් මිලියන 800ක් පමණ දිනපතා නින්දට යන්නේ කුසට ආහාරයක් නොමැතිවයි. මෙවැනි ඇති නැති පරතරයක් කොහෙත්ම සාධාරණීකරණය කරන්න බැරිවීම හරිම පුදුමසහගතයි.”

චීනයේ දරු උපත්

වර්ෂ 2005දී චීනයේ උපත් අනුපාතය ගැහැනු දරුවන් 100දෙනෙකුට පිරිමි දරුවන් 118ක් වුණා. එහි සමහර ප්‍රදේශවල අනුපාතය “ගැහැනු දරුවන් 100දෙනෙකුට පිරිමි දරුවන් 130ක් පමණ” වූ බව චයිනා ඩෙලි නම් පුවත්පත වාර්තා කරනවා. මෙවැනි වෙනසකට හේතුව කලල පරීක්ෂණයකින් පසු ගැහැනු දරුවන්ව ගබ්සා කිරීමයි. බලධාරීන් පවසන්නේ මේ තත්වය චීනයේ පවුල් සැලසුම් ක්‍රමයට සම්බන්ධ බවයි. ඊට හේතුව නගරවල ජීවත් වන අයගේ දරු උපත් එක දරුවකට සීමා කිරීමට උපදෙස් දී තිබීමයි. තවදුරටත් එම පුවත්පතෙහි මෙසේ සඳහන් වුණා. “වර්ෂ 2020 වන විට විවාහ වන වයසේ පසුවන පිරිමින් ගැහැනුන්ට වඩා මිලියන 30කින් පමණ වැඩි වෙයි. එය සමාජය තුළ විශාල පෙරළියකට හේතු වෙයි.”