Skip to content

පටුනට යන්න

යෞවනයන්ට අගනා පොතක්!

යෞවනයන්ට අගනා පොතක්!

යෞවනයන්ට අගනා පොතක්!

ජර්මනියේ තිබෙන එක් වෘත්තිය පුහුණු පාසැලක ඉන්දියාව, ජෝජියාව, දකුණු අප්‍රිකාව, පෝලන්තය, ප්‍රංශය, යුක්රේනය, යුගෝස්ලාවියාව, රුසියාව, ලෙබනනය හා වියට්නාමය වැනි රටවලින් පැමිණි ශිෂ්‍යයන් හුඟක් ඉන්නවා.

එහි සිටි එක් ශිෂ්‍යාවක් මෙසේ පැවසුවා. “දවසක් කැමති ඕනෑම විෂයක් ගැන කතා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ සඳහා මම තෝරගත්තේ ‘යෞවනයන් අසන ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම්’ යන මාතෘකාවයි. මේ කතාවට මම තොරතුරු ලබාගත්තේ යෞවයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතෙනුයි. මේ පොතේ කතා කරලා තිබෙන විෂයන් සහ ඒවාට දීලා තිබුණ ප්‍රායෝගික යෝජනා අනික් ළමයින්ගේ සිත්වලට හොඳින් කාවැදුණා.

“මගේ කතාව ඉදිරිපත් කරලා ඉවර වෙනවාත් එක්කම අනික් ළමයි අත්පුඩි ගැහුවා. ඊට පස්සේ මම ඒ පොතෙන් ඉංග්‍රීසි පිටපත් 30ක් බෙදා දුන්නා. ඒ වගේම අපේ ගුරුතුමියට ජර්මන් භාෂාවෙන් පිටපතකුත් දුන්නා.”

පසුව ඇය පන්තියේ ළමයින් කිහිපදෙනෙක් සමඟ බයිබලයේ සඳහන් විෂයන් ගැන කතා කළා. ඊට හොඳ ප්‍රතිචාරයක් ඇයට ලැබුණා. මේ නිසා ඇයට අරාබි, ජෝජියානු, පෝලන්ත, බෙංගාලි, රුසියානු, වියට්නාම, ස්පාඤ්ඤ යන භාෂාවලින් බයිබලයේ සඳහන් ඉගැන්වීම් ඇතුළත් වෙනත් පොත් පත්ද බෙදා දෙන්න හැකි වුණා.

පරිච්ඡේද 39කින් සමන්විත යෞවන අය අසති නමැති මේ පොත ප්‍රයෝජනවත් වෙයි කියා සිතෙන කෙනෙකුව ඔබ දන්නවාද! “සැබෑ මිතුරන් ඇති කරගැනීමට මට හැක්කේ කෙසේද?” “පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?” “එය සැබෑ ප්‍රේමයද කියා මා දැනගන්නේ කෙසේද?” යන මාතෘකාද මේ පරිච්ඡේද අතරට අයත් වෙනවා. ඉන් පිටපතක් ලබාගැනීමට ඔබටත් අවශ්‍ය නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.