Skip to content

පටුනට යන්න

ස්තුතිවන්ත වන බව පෙන්වන්න

ස්තුතිවන්ත වන බව පෙන්වන්න

ස්තුතිවන්ත වන බව පෙන්වන්න

▪ දෙවිගේ නමස්කාරකයන්ට බයිබලයේ නැවත නැවතත් දිරිගන්වා තිබෙන්නේ ස්තුතිවන්ත වන්න කියායි. “යෙහෝවාට ස්තුති කිරීම . . . යහපත” බව බයිබලයේ ගීතාවලිය 92:1හි පවසනවා. එමෙන්ම පාවුල් නම් දෙවිගේ සේවකයා එක් අවස්ථාවක මෙසේ පැවසුවා. ‘ස්තුතිවන්ත වන බව පෙන්වන්න.’—කොලොස්සි 3:15.

ස්තුතිවන්ත වීමෙන් සිදු වන යහපත ගැන කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් වන රොබට් ඉමන්ස් මෙසේ පවසනවා. “ස්තුතිවන්ත වීමේ ආකල්පයෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙන බව මෙතෙක් කළ අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. මේ නිසා මිනිසුන්ට දිනපතා මුහුණ දීමට සිදු වන ප්‍රශ්න හා විශේෂයෙන්ම මානසික පීඩනය සමඟ සාර්ථකව කටයුතු කරන්න හැකි වී තිබෙනවා. එමෙන්ම තමා ගැන හොඳ හැඟීමක් ඇතිව සිටීමටත් හැකි වී තිබෙනවා.”

මින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ගැන ටයිම් සඟරාවේ මෙසේ සඳහන් වුණා. “මිනිසුන් කෘතඥතාවේ හැඟීමකින් කටයුතු කිරීම හොඳ ශරීර සෞඛ්‍යයකටත් ශුභවාදී වීමටත් පීඩනය අඩු කරගැනීමටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු මානසික පීඩනයෙන් බේරීමටත් උපකාර වෙනවා.”

කෙසේවෙතත් බයිබලයේ පවසා තිබෙන්නේ “අන්තිම දවස්වල” ජීවත් වන බොහෝ මිනිසුන් “තමුන්ටම ප්‍රේම කරන” “ස්තුතිවන්ත නොවන” අය වන බවයි. (2 තිමෝති 3:1-5) ඒත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්නන් තුළ එවැනි ගුණාංග ඇතිවීම වළක්වාගත හැක්කේ කෙසේද? ඒ ගැන බයිබලයේ කර්තෘ මෙසේ පවසනවා. “ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මමය.” (යෙසායා 48:17) දෙවිගේ නීති පිළිපැදීමෙන්, ආත්මාර්ථකාමී හැඟීම් නිසා අන් අය අද්දකින දුක්ඛිත තත්වයන්වලින් බොහෝදුරට බේරී සිටීමට අපට හැකි වෙනවා. එමෙන්ම ඒ සඳහා අප දරන උත්සාහය යෙහෝවා දෙවි දකින අතර එයට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාදය කරනවා. (හෙබ්‍රෙව් 6:10) මෙවැනි යහපත් ප්‍රතිඵල ‘යෙහෝවා දෙවිට . . . ස්තුති කිරීමට’ අපව පොලඹවනවා.—ගීතාවලිය 107:8.