ජීවිත වෙනස් කළ බයිබල් උපදෙස්!
ජීවිත වෙනස් කළ බයිබල් උපදෙස්!
වාහන අළෙවි කරන පුද්ගලයෙක් භාවිත කළ වාහනයක් ඔබට විකුණන්න උත්සාහ දරන විටෙක හෝ දේශපාලනඥයෙක් ඡන්ද රැස්වීමකදී යම් පොරොන්දුවක් දෙන විටෙක හෝ ඔබට මෙසේ සිතෙන්න පුළුවන්. ‘මට මොහු කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ ඇත්තටම එතරම් වටිනාකමක් නැති භාණ්ඩයකට මුදල් වැය කරන්න හෝ එවැනි කතාවකට සවන් දීමට කාලය වැය කරන්න හෝ ඔබ අකැමති වන බව නම් ස්ථිරයි.
‘මට ප්‍රයෝජනවත් වන යමක් බයිබලයේ තිබෙනවාද, ඒ පොත කියවා එය අධ්‍යයනය කිරීමට මම යොදවන කාලයෙන් හා වෙහෙසින් පලක් තියෙයිද’ කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ සඳහා කදිම පිළිතුරක් බයිබලයේ සපයනවා. එනම් “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ” කියායි. (මතෙව් 11:19) ඇත්තටම යම් උපදෙසක් කොතරම් වටිනවාද යන්න එම උපදෙස නැත්නම් “ප්‍රඥාව” භාවිත කිරීමෙන් අත් වන ප්‍රතිඵලවලින් ඔප්පු වෙයි. පහත සඳහන් වන පුද්ගලයන් බයිබලයේ සඳහන් දේවල් ඉගෙනගන්න කාලය වැය කළ අයයි. ඔබටත් මෙම අද්විතීය පොත කියවා ඒ ගැන ඉගෙනගැනීම ඇත්තටම වටිනවාද කියා තීරණය කිරීමට ඔවුන් පවසන දේ මහඟු උපකාරයක් වෙයි.
මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද?
අමෙරිකාවේ ජීවත් වන කැරන් නම් කාන්තාව කුඩා කළ සිට විශ්වාස කළේ මිය යන සෑම යහපත් කෙනෙක්ම ස්වර්ගයට යන බවයි. ඇගේ මව මිය ගිය පසු මේ විශ්වාසය ඇයට එතරම් සහනයක් ගෙන දුන්නේ නැහැ. එමනිසා ඇයට මෙවැනි ප්‍රශ්න මතු වුණා. ‘මගේ අම්මා දැන් ඉන්නේ ස්වර්ගයේ නිසා ඇයට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද? මමත් ස්වර්ගයට ගියාම ඇයව මට හඳුනාගන්න පුළුවන් වෙයිද? ඒත් මම මැරුණාම වෙන කොහේට හරි යයිද?’
ඉන්පසු කැරන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය සාකච්ඡා කරන්න පටන්ගත් අතර ‘මළාහු කිසිවක් නොදන්නා’ බව ඒ තුළින් ඇය ඉගෙනගත්තා. (දේශනාකාරයා 9:5) ඒ නිසා මිය යන අය ස්වර්ගයට නොයන බවත් මිය ගිය පසු කෙනෙකු සිටින්නේ තද නින්දකට සමාන තත්වයක බවත් ඇය තේරුම්ගත්තා. ඒත් නැවතත් ඇයට ඇගේ මවව දැකගන්න පුළුවන් වෙයිද?
“මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට . . . [ඔවුන්] පිටතට එන්නෝය” යන බයිබලයේ සඳහන් පොරොන්දුව ඇයට මහත් සහනයක් හා බලාපොරොත්තුවක් ගෙන දුන්නා. (යොහන් 5:28, 29) බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි යේසුස් මාර්ගයෙන් මිය ගිය අයව මේ පොළොව මතට නැවත නැඟිටුවන බව කැරන් ඉගෙනගත්තා. ඇය මෙසේ පවසනවා. “මරණය හා නැවත නැඟිටීම ගැන බයිබලයේ උගන්වන දේට පිළිගත හැකි පදනමක් තියෙනවා.”
දෙවි අනුමත කරන නමස්කාරය කුමක්ද?
වයස අවුරුදු 14ක්වූ රුමේනියානු ජාතික ආන්ජෙලාට අන්‍ය භාෂා කතා කිරීම සඳහා දෙවියන්ගෙන් බලය ලැබෙන්න කියා පෙන්තකොස්ත සභාවේ පූජකයෙක් යාච්ඤා කළා. පසුව ඇයට ඒ හැකියාව ලැබුණත් එම ධර්මයේ ඉගැන්වීම් බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි කියා ඇගේ දෙමව්පියන්ට හැඟුණා. ඒ නිසා ඔවුන් පල්ලි යෑම නතර කළ අතර සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.
මුලින්ම ආන්ජෙලා මේ ගැන සතුටට පත් නොවුණත් පසුව ඇය කලින් විශ්වාස කළ දේවල් හා බයිබලයේ ඉගැන්වීම් අතර වෙනස හොඳින් හඳුනාගත්තා. නිදසුනකට යොහන් 17:3හි පවසන දෙයට ඇගේ අවධානය යොමු වුණා. එහි පවසන්නේ මෙසේයි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” මෙහිදී ඇය තේරුම්ගත්තේ දෙවිගේ අනුමැතිය ලැබීමට නම් මුලින්ම දෙවි ගැන දැනුම ලබා ගත යුතු බවයි. ඇය මෙසේ පවසනවා. “දෙවියන් ගැන මම හරියට දැනගන්නේ නැතුව මට කොහොමද දෙවිගේ බලය ලැබෙන්නේ? ඇත්තටම බයිබලය තුළින් මට සත්‍යය වටහාගන්න උපකාර කළාට මම යෙහෝවා දෙවිට ස්තුති කරනවා.”
ජීවිත වෙනස් කළ උපදෙස්
ඉන්දියාවේ ජීවත් වෙන ගේබ්‍රියෙල් මෙවැනි දෙයක් පවසනවා. “මට ඉස්සර ඉක්මනින් කේන්ති යනවා. එතකොට මම කෑගහනවා, බඩු පොළොවේ ගහනවා, මිනිසුන්ට බණිනවා, ගහනවා. ඒත් බයිබලය ඉගෙනගන්න පටන්ගත්තාට පස්සේ මගේ කේන්තිය පාලනය කරගන්න මම පුරුදු වුණා. දැන් මට හුඟක් කේන්ති යන අවස්ථාවකදී වුණත් සන්සුන්ව කටයුතු කරන්න පුළුවන්.”
බයිබලයේ පවසන මෙවැනි වදන් ඔහුගේ සිත්ගත්තා. එහි පවසන්නේ මෙසේයි. “ඉක්මනින් කේන්ති නොයන්නා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය. ආත්ම දමනය ඇත්තා නුවරක් අල්ලාගන්නෙකුට වඩා බලවත්ය.” (හිතෝපදේශ 16:32, නව ලොව පරිවර්තනය, NW) ඩිරාජ් කියන්නෙත් කලින් හුඟක් ඉක්මනින් කෝපයට පත් වූ කෙනෙක්. ඔහු මෙසේ පවසනවා. “ඉක්මනින් කේන්ති යන එක දුර්වලකමක් කියන එකත් ඉවසන කෙනෙක් කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියන එකත් තේරුම්ගන්න ඒ බයිබල් පදය මටත් උපකාරවත් වුණා.”
ෆිලිප් කියන්නේ දකුණු අප්‍රිකාවේ අපරාධ කල්ලියක සාමාජිකයෙක් වෙලා සිටි කෙනෙක්. සොරකම් කිරීම, ගහගැනීම, අසභ්‍ය වචන භාවිත කිරීම ඔහුගේ ජීවිතේ සාමාන්‍ය දේවල් වුණා. අපරාධ ක්‍රියා නිසා ඔහු සිර ගෙදර ඉඳලත් තියෙනවා. කොහොමවුණත් ෆිලිප් දෙවි ගැන ඉගෙනගන්න ආශා කළා. ඔහු සාක්ෂිකරුවන් සමඟ බයිබල් සාකච්ඡාවක් පටන්ගත් අතර දෙවිට සේවය කරන්න ඔහු තුළ මහත් ආශාවක් ඇති වුණා. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පටන්ගත් ඔහු නරක මිතුරන්ගෙන්ද සම්පූර්ණයෙන්ම ඈත් වුණා. ඔහුගේ මෙම වෙනසට බලපෑවේ බයිබලයේ කුමන මඟ පෙන්වීමද?
“මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක” යන බයිබල් පදය සාක්ෂිකරුවන් ඔහුට පෙන්වා තිබුණා. (යොහන් 6:44) ෆිලිප් ඒ ගැන මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි මගේ හොඳ ගුණාංගයක් දැක්ක නිසා ඔහුගේ ප්‍රේමණීය සෙනඟ වෙතට මාව ගෙනාවා.” වැරදි මාර්ගයෙන් ඉවතට එන අයට දෙවි දක්වන දයාව ගැන බයිබලයේ සඳහන් වන දේ ඔහුගේ සිත්ගත්තා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “පසුතැවිලි වන පව්කාර මිනිසුන් සමඟ දෙවි කොච්චර සාධාරණව කටයුතු කරනවාද කියන එක මම ඒ තුළින් තේරුම්ගත්තා.”—2 සාමුවෙල් 12:1-14; ගීතාවලිය 51.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වේඩ් මත්ද්‍රව්‍යවලට හා සූදුවට ඇබ්බැහි වී සිටි අතර දුරාචාර ජීවිතයක්ද ගත කළා. නමුත් මේ කිසි දෙයකින්වත් ඔහු සතුටක් ලැබුවේ නැහැ. කොහොමවුණත් ඔහු සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න කැමති වුණා. එයින් ඔහු දැනගත්තේ මොනවාද?
වේඩ් මෙසේ පවසනවා. “යේසුස් මිනිසුන්ට සැලකූ ආකාරය මගේ හිතට හුඟක් කාවැදුණා. ඔහු පුංචි දරුවන් ඇතුළු හැම කෙනෙකුටම කරුණාවන්තව සැලකුවා, ප්‍රේම කළා, දයාව පෙන්වුවා. ඔහු ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්න විට ඔහු වගේ වෙන්න මටත් ඕනෙ වුණා. මට හොඳ කෙනෙක් වෙන්න මතෙව් 5:5) වේඩ් ඔහුගේ ජීවිතය වෙනස් කරගෙන දැන් පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතුව දෙවිට සේවය කරනවා.
උපකාර කළේ බයිබලයයි.” ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “මම කළ වැරදිවලින් ඉවත් වෙලා පසුතැවිලි වුණොත් දෙවි සමාව දෙන බව මම ඉගෙනගත්තා. මගේ අනාගතය දැන් පැහැදිලියි. පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව මට දැන් තියෙනවා.” (ඉහත සඳහන් අද්දැකීම් පැවසූ සෑම කෙනෙකුටම වුවමනා කළේ ඔවුන්ගේ ජීවිත හරි මඟට ගෙන එන්නයි. ඔවුන්ට තිබූ ගැටලුවලට විසඳුම් බයිබලයේ තිබෙනවාද කියා ඔවුන් පරීක්ෂා කර බැලුවා. අවසානයේදී ඔවුන් ලැබූ සාර්ථක ප්‍රතිඵලවලින් ඔවුන්ට ඔප්පු වුණේ බයිබලයේ දෙන ප්‍රායෝගික මඟ පෙන්වීම් ඇත්තටම විශ්වසනීය ඒවා බවයි. ඔබටත් එසේම කළ හැකිද?
බයිබලය තුළ මෙවැනි දෙයක් සඳහන් වී තිබෙනවා. “ප්‍රඥාවද, වටහාගැනීමේ හැකියාවද ලද තැනැත්තා සන්තෝෂවත්ය. මන්ද එයින් ලැබෙන ප්‍රයෝජනය රිදීවලටත් වඩා අනර්ඝය. එහි ප්‍රතිඵල රනටත් වඩා අනර්ඝය. එය මැණික්වලටත් වඩා අගනේය. ඔබ ආශා කරන කිසිම දෙයක් ඊට සම කළ නොහැක. දීර්ඝායුෂ එහි දකුණතේය. වස්තුවද ගෞරවයද එහි වමතේය. එහි මාවත් ප්‍රසන්නකමේ මාවත්ය. එහි සියලු මාර්ගවල සමාදානය ඇත. ප්‍රඥාව අල්ලාගන්නන්ට එය ජීවන වෘක්ෂයකි. එය තදින් අල්ලාගෙන සිටින්නන් සන්තෝෂවත්යයි පවසනු ලැබේ.”—හිතෝපදේශ 3:13-18, NW.
[25වන පිටුවේ කොටුව/පින්තූරය]
අඳුරු කුටියක දැල් වූ පහන
සතුටින් විවාහ දිවියක් ඇරඹූ බිල් නම් තැනැත්තාට විවාහ වී වසරක් ගත වෙන්නත් පෙර නොසිතූ විරූ දෙයක් සිදු වුණා. එනම් අවුරුදු කිහිපයකට පෙර ඔහු කළ වරදක් නිසා ඔහුව සිරගත කරනු ලැබීමයි.
මෙම තත්වය යටතේ කනස්සල්ලෙන් සිටිනවා වෙනුවට බිල් ඉදිරි දවස් යහපත් ආකාරයෙන් ගත කරන්න තීරණය කළා. ඔහු මෙසේ පවසනවා. “මගේ ඇඳ උඩට වෙලා මම හැමදාම බයිබලය කියෙව්වා.” එමෙන්ම ඔහු කියවා ඉගෙනගත් දේ අදාළ කරගත්තා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “මම අනික් හිරකරුවන්ට හුඟක් කාරුණික වුණා. ඔවුන් කරන වැරදි දේවල් කරන්න මම කැමති නැති බව ඔවුන් තේරුම්ගත්තා. මම දෙවියන් ගැනත් බයිබලය ගැනත් ඉගෙනගනිමින් මගේ කාලය වෙනස්ම ආකාරයකට ගත කරනවා කියලත් මගෙන් කාටවත් කරදරයක් නැහැ කියලත් ඔවුන් කිව්වා.
“මං ගැන තිබුණු හොඳ හැඟීම නිසා අනික් හිරකරුවන් මාව ඒගොල්ලන්ගේ රණ්ඩු සරුවල්වලට හවුල් කරගත්තේ නැහැ. සිරගෙදර නිලධාරීන්ටත් මං ගැන තිබුණේ හොඳ ආකල්පයක්. ඒ නිසා මං ගැන සැක නොකර මාව හුදෙකලා තැන්වල පවා වැඩ කරන්න දැම්මා. බයිබලයේ ඇති මඟ පෙන්වීම් මගේ ජීවිතයට ලොකු ආරක්ෂාවක් වුණා.”
බිල් සිරගෙදර සිටිද්දී එහි පවත්වනු ලැබූ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වුණා. එමෙන්ම ඔහු ඉගෙනගන්නා දේවල් අනික් සිරකරුවන් සමඟත් කතා කරන්න ඔහු පසුබට වුණේ නැහැ. සිරගෙදර සිටි කාලයේදීම ඔහු බව්තීස්ම වී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බවට පත් වුණා. ඔහු ඒ කාලය ගැන මෙසේ පවසනවා. “මගේ ජීවිතේ අවුරුදු 50ක්ම මම නිකරුණේ නාස්ති කරගත්තා. මට ඒ තත්වයෙන් ගොඩ එන්න ඕනෙ වුණා. සිරකරුවෙක්ට හරි මඟට එන්න හොඳම ක්‍රමය බයිබලයේ දෙන මඟ පෙන්වීම් පිළිපැදීම බව මම තේරුම්ගත්තා. බයිබලයේ ඇති සත්‍යය නිවැරදිව තේරුම්ගන්න නම් සාක්ෂිකරුවන් සමඟ සාකච්ඡා කරන්න. එහි ඇති සත්‍යය නිවැරදිව උගන්වන්නේ ඔවුන් පමණයි.”
බිල් දැන් අමෙරිකාවේ තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක ක්‍රියාශීලි සාමාජිකයෙක් ලෙස සේවය කරනවා. ඔහුත් ඔහුගේ බිරිඳත් දිගටම බයිබලය ඉගෙනගනිමින් ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ දරමින් සිටිනවා. බයිබලයේ ඇති මෙම වදන් සත්‍යය බව ඔවුන් ඇත්තටම අද්දකිමින් සිටිනවා. “ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේත් ඔබ යා යුතු හරි මාර්ගය ඔබට කියා දෙන්නේත් ඔබේ යෙහෝවා දෙවි වන මමය. ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය කිසිදා නොසිඳෙන ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම සාගරයේ අනන්ත අප්‍රමාණ දිය රැළි මෙන්ද වෙයි.”—යෙසායා 48:17, 18, NW.
[23වන පිටුවේ පින්තූරය]
අමෙරිකාවේ කැරන්
[23වන පිටුවේ පින්තූරය]
රුමේනියාවේ ආන්ජෙලා
[24වන පිටුවේ පින්තූරය]
ඉන්දියාවේ ගේබ්‍රියෙල්
[24වන පිටුවේ පින්තූරය]
ඉන්දියාවේ ඩිරාජ්
[24, 25වන පිටුවේ පින්තූරය]
දකුණු අප්‍රිකාවේ ෆිලිප් සහ පවුලේ අය
[24වන පිටුවේ පින්තූරය]
ඕස්ට්‍රේලියාවේ වේඩ්