Skip to content

පටුනට යන්න

සෙල්ලම් බඩුවලට වඩා ආසයි

සෙල්ලම් බඩුවලට වඩා ආසයි

සෙල්ලම් බඩුවලට වඩා ආසයි

කුඩා දරුවන් සෙල්ලම් බඩු වෙනුවට පොතකට කැමති වෙයිද? ඇත්තටම දෙමාපියන් දරුවන් කුඩා කාලයේ සිටම පොත පතට හුරු කළොත් එහෙම වෙන්න පුළුවන්. කැලිෆෝනියාවේ ජීවත් වන මෙබ්‍රාටු සහ ඇන්ජලාට සිඟිති දියණියක් සිටිනවා. ඇය ඉපදුණ දා සිටම ඔවුන් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත ඇයව ළඟ තබාගෙන කියෙව්වා.

ඒ ගැන මෙම යුවළ මෙසේ පවසනවා. “අපි එහෙම කළ නිසා දුව මේ පොතට තියෙන්නේ පුදුම ආසාවක්. එයා ඒකට කියන්නේ යේසු පොත කියලයි. දුවට අවුරුද්දක් විතර වෙනකොට එයාම පොත ඉල්ලන්න පටන්ගත්තා. දැන් අපේ දුව ජූලියානාට වයස අවුරුදු තුනයි. හැමදාම අම්මාගේ හරි තාත්තාගේ හරි තුරුල්ලට වෙලා පොත කියවන වෙලාව එන කල් එයා බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. අපේ දුව සෙල්ලම් බඩුවලට වඩා ඇත්තටම මේ පොතට හුඟක් ආසයි. මේ පොතේ තියෙන පින්තූර සහ උදාහරණ නිසා උගන්වන්නත් ලේසියි. ඒ විතරක් නෙවෙයි දෙමාපියන් හැටියට අපිත් මේ පොතෙන් හුඟක් දේවල් ඉගෙනගන්නවා.”

සිත්ගන්නාසුලු උදාහරණවලින් යුත් පිටු 256කින් සමන්විත මේ පොතේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

❑ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.

❑ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.