Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“ගෝලීය උෂ්ණත්වය නිසා හෝ වෙනත් හේතුවක් නිසා වර්ෂ 1970 සිට 1990 අතර කාලය තුළ සිදු වූ දේශගුණික විපත් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා.”—බ්‍රිතාන්‍යයේ THE ECONOMIST.

එක්සත් ජනපදයේ ඉලිනොයිස් නම් ප්‍රදේශයේ සිටින මාස දහයක පිරිමි දරුවෙකුට තුවක්කු බලපත්‍රයක් තිබෙනවා. මෙම බලපත්‍රය ඉල්ලුම් කර තිබෙන්නේ දරුවාගේ පියා විසිනුයි. මෙම දරුවාගේ උස අඩි දෙකයි අඟල් තුනක් වන අතර බර රාත්තල් 20යි. මෙයින් පැහැදිලි වෙන්නේ එම රටේ තුවක්කුවකට බලපත්‍රයක් ලබාගැනීමට වයස බලපාන්නේ නැති බවයි.—එක්සත් ජනපදයේ CABLE NEWS NETWORK.

ලෝකයේ දැනට අයිස් වර්ග 11ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මෑතකදී විද්‍යාඥයන් කළ පරීක්ෂණයකදී සෙල්සියස් අංශක 100ට වඩා උෂ්ණත්වයක් සහිත ජලය අධික පීඩනයකට ලක් කිරීමෙන් අයිස් නිපදවීමට ඔවුන්ට හැකි වුණා.—එක්සත් ජනපදයේ SANDIA NATIONAL LABORATORIES.

ආගමික නිදහස ලැබෙයි

ජෝජියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගම නිසා හුඟක් හිංසාවලට ලක් වුණා. මේ සම්බන්ධයෙන් එරට රජය කිසිම පියවරක් නොගත් නිසා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය ජෝජියා රජය වරදකරුවන් බවට ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ව නැවත ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ට රැස්වීම් පැවැත්වීමට හා බයිබල් පාඩම් පැවැත්වීමට අවසර දී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ට නීතියේ පිහිට පැතිමේදී කළ විය හියදම් හා වෙනත් පීඩා නිසා සිදු වූ හානිවලට වන්දි ගෙවීමටද රජයට නියම කරනු ලැබුවා. වර්ෂ 1999 ඔක්තෝබර් සිට 2002 නොවැම්බර් දක්වා කාලය තුළ සාක්ෂිකරුවන් දරුණු හිංසා 138කට මුහුණ දී තිබෙන අතර දමා තිබූ පැමිණිලි සංඛ්‍යාව 784ක් වුණා. නමුත් මේ කිසිම පැමිණිල්ලක් හරියාකාව ජෝජියාවේ බලධාරීන් විභාග කර තිබුණේ නැහැ. ඒ වගේම මෙවැනි පීඩා කාලවලදී ඒවාට මැදිහත්වීම පොලිසිය ප්‍රතික්ෂේප කළා. නමුත් 2003 නොවැම්බර් සිට ඔවුන්ට සිදු වන හිංසා ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වෙමින් පවතිනවා.

ඍතු දැනගත් ආකාරය

පේරු රටේ චික්ලායෝ නම් ප්‍රදේශයෙන් වසර 2,300ක් පැරණි නටබුන් සොයාගනු ලැබුවා. මෙහි කොටසක ඍතු දැනගැනීම සඳහා භාවිත කළ දේවල්ද ඇතුළත් බව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. එම ස්ථානයේ පේළියට කණු 13ක් පිහිටා තිබුණා. “ශීත ඍතුවේදී මෙම කණු පේළියේ පළමුවන කණුවේ හරි මුදුනට හිරු පිහිටන අතර ගිම්හාන ඍතුවේදී මෙම කණුවල අවසාන කණුවේ මුදුනට හිරු පිහිටනවා. මෙමගින් ඔවුන්ට එක් සූර්ය වර්ෂයක් ගණන කිරීමට හැකි වුණා” කියා සයන්ස් සඟරාවේ වාර්තා වුණා. මේ කණු අතර පිහිටි මැද කණුවේ මුදුනට හිරු පිහිටන විට දිවා කාලය සහ රාත්‍රී කාලය සමාන වන දවස (විෂුවය) බව දැනගත්තා. මෙසේ ඍතු හඳුනාගැනීම පේරු වැසියන්ට ඔවුන්ගේ කෘෂිකර්මාන්තය සඳහා බෙහෙවින් උපකාරවත් වුණා.

[29වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ජූනිවලදී හිරුගේ පිහිටීම විෂුවය දෙසැම්බර්වලදී හිරුගේ පිහිටීම

↑ ↑ ↑

නිරීක්ෂණ මධ්‍යස්ථානය

[හිමිකම් විස්තර]

REUTERS/​Ivan Ghezzi/​Handout

ශරීරයට අහිතකර පින්තූර

“සඟරාවක පළ වූ සිහින් සිරුරක් හිමි කාන්තාවකගේ පින්තූරයක් දකින කාන්තාවන්ට තමන්ගේ ශරීරයේ ප්‍රමාණය, හැඩය හා බර කුමක් වුවත් තමන් ගැන යම් කලකිරීමක් ඇති වෙනවා” කියා එක්සත් ජනපදයේ එක් විශ්වවිද්‍යාලයකින් ගත් වාර්තාවක සඳහන් වුණා. අධ්‍යාපන සහය මහාචාර්ය ලෝරි මින්ට්ස් පවසන්නේ මෙයයි. “මෙවැනි පින්තූර බැලීම වැඩියෙන්ම බලපාන්නේ සිහින් සිරුරක් හිමි කාන්තාවන්ට වඩා මහත සිරුරක් හිමි කාන්තාවන්ටයි. මින් පැහැදිලි වන්නේ මෙවැනි පින්තූර බැලීම ඕනෑම කෙනෙකුට අහිතකර ආකාරයෙන් බලපාන බවයි.”