Skip to content

පටුනට යන්න

සියලුම ජනයා සඳහා පොතක්

සියලුම ජනයා සඳහා පොතක්

සියලුම ජනයා සඳහා පොතක්

ඉහත වදන් සමඟ හොඳින්ම ගැළපෙන පොත කුමක් කියලද ඔබ සිතන්නේ? අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ජීවත් වන එක් කාන්තාවකට සියලුම ජනයා සඳහා පොතක් යන ප්‍රකාශනය ලැබුණා. එහි බයිබලයේ අඩංගු දේවල් සහ එය අප සෑම කෙනෙක්ම කියවීම කොතරම් වැදගත්ද කියාත් විස්තර කර තිබෙනවා. ඇය තම අගය පළ කරමින් එවූ ලිපියේ සඳහන් වුණේ මෙසේයි:

“මේ පොත කියවීමෙන් මම ලොකු සතුටක් ලැබුවා. ඒක සම්පූර්ණයෙන්ම මම කියවලා ඉවර කළා. කියවන එක අතරමඟ නතර කරන්න හිතුණේම නැහැ. බයිබලයේ ඇති විශේෂ කාරණා මෙහි හොඳින් විස්තර කර තිබෙනවා. බයිබලය සහ විද්‍යාව එකිනෙක කොතරම් එකඟද කියලා මෙහි කදිමට විස්තර කර තිබෙනවා. ඒ වගේම සෑම කෙනෙකුටම කියවීම සඳහා බයිබලය පරිවර්තනය කළ ආකාරයත් එය අද දක්වා ආරක්ෂා වී තිබෙන ආකාරයත් මෙම ප්‍රකාශනයේ හොඳින් විස්තර කර තිබෙනවා.”

ඇත්තටම බයිබලය මෙතෙක් ලියා ඇති සියලුම පොත්වලට වඩා විශිෂ්ට පොතක් වන අතර එය ඉතිහාසය පුරා වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොතද වෙනවා. බයිබලය මීට අවුරුදු 2000කට පමණ පෙර ලියා තිබුණත් එය විද්‍යාත්මකව නිවැරදි පොතක් වගේම එහි ඉගැන්වීම් අදටත් ප්‍රායෝගිකයි.

පිටු 32කින් සමන්විත මේ ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

❑ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

❑ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.