Skip to content

පටුනට යන්න

ඉතිහාසයේ වඩාත් වැදගත්ම සිදුවීම

ඉතිහාසයේ වඩාත් වැදගත්ම සිදුවීම

ඉතිහාසයේ වඩාත් වැදගත්ම සිදුවීම

එම සිදුවීම නම් යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයයි. එසේ පවසන්නේ ඇයි?

එමගින් දෙවිගේ ධර්මිෂ්ඨකම තහවුරු වූ අතර මිනිසෙකුට පවා දිගටම දෙවිට පක්ෂපාතව සිටිය හැකි බව ඔප්පු වුණා.

ඒ වගේම පාරාදීස තත්වයක් යටතේ සදාකාල ජීවිතය ලබාගැනීමේ ප්‍රස්තාවත් මනුෂ්‍ය වර්ගයාට විවෘත වුණා.

යේසුස් මිය යෑමට පෙර දින රාත්‍රියේදී ඔහු තම මරණය සිහි කරන ආකාරය පෙන්වා දුන්නා. එය ඉතා සරල ආකාරයකින් සමරනු ලැබුවා. ඉන්පසු ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න.”—ලූක් 22:19, 20.

ඔබට මෙය මතක් වෙයිද?

ඉතිහාසයේ සිදු වූ මෙම වඩාත් වැදගත්ම සිදුවීම සිහි කිරීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන් සමඟ හවුල් වෙන්න කියා ඔබටත් ආරාධනා කරනවා. මෙම වසරේ මෙය පවත්වනු ලබන්නේ මාර්තු 22වෙනි සෙනසුරාදා හිරු බැස යෑමෙන් පසුවයි. මෙම විශේෂ රැස්වීම පවත්වන වේලාව හා ස්ථානය, ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගත හැකියි. කිසිදු සම්මාදමක් එකතු කරනු නොලබන අතර එම අවස්ථාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා.