Skip to content

පටුනට යන්න

අන්තිම දවස් එයින් අදහස් කරන්නේ කුමක්ද?

අන්තිම දවස් එයින් අදහස් කරන්නේ කුමක්ද?

අන්තිම දවස් එයින් අදහස් කරන්නේ කුමක්ද?

“අප ජීවත් වන්නේ අන්තිම දවස්වල” කියා යමෙක් පැවසුවොත් ඉන් අදහස් කරන්නේ කුමක්ද? “අන්තිම දවස්” හා “අවසාන කාලය” වැනි යෙදුම් බයිබලයේද භාවිත කර තිබෙනවා. (2 තිමෝති 3:1; දානියෙල් 12: 4, නව ලොව පරිවර්තනය, NW) වසර 2,500කට වඩා වැඩි කාලයකට පෙර දානියෙල් නම් අනාගතවක්තෘවරයා දර්ශන කිහිපයක් දුටුවා. එම දර්ශනවලින් පෙන්නුම් කළේ ලෝක අධිරාජ්‍යයන් හා ඒවා අතර ඇති වන ගැටුම් “අවසාන කාලය” දක්වාම දිව යන බවයි. ඒ වගේම අන්තිම කාලයේදී එම දර්ශන සම්පූර්ණයෙන්ම තේරුම්ගත හැකි බවත් ඔහුට දැනුම් දුන්නා. (දානියෙල් 8:17, 19; 11:35, 40; 12:9) එමෙන්ම දානියෙල් මෙසේද සඳහන් කළා. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවනු ඇත. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. එය සදහටම පවතියි.”—දානියෙල් 2:44NW.

“ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද” කියා යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් ඇසූ විට ඔහු ‘අවසානයක්’ ගැන කතා කළා. (මතෙව් 24:3-42) මෙලෙස යේසුස් සහ දානියෙල් කතා කළ අවසානයෙන් අදහස් කළේ කුමක්ද? ඉන් අදහස් කළේ මේ පොළොව මත ජීවත් වන මිනිසුන්ට හා ජීවත් වුණු මිනිසුන්ට බලපාන යම් වෙනස් වීමක් ගැනයි. එමෙන්ම දානියෙල් මේ පොළොවේ පවතින සියලුම ආණ්ඩු ක්‍රමවල අවසානයක් ගැන සඳහන් කළා. යේසුස්ද ‘සමාජ ක්‍රමයේ අවසානයක්’ ගැන කතා කළා.

එසේනම් ඔබ මේ ගැන සැලකිලිමත් විය යුතුද? ඔව්, මුළු මිනිස් වර්ගයාටම මෙය බලපාන නිසා ඇත්තෙන්ම ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. නමුත් බොහෝදෙනෙක් මෙය බැරෑරුම් ලෙස සලකන්නේ නැහැ. එවැනි අය සිටින බව බයිබලයේ පවසා තිබෙනවා. “අන්තිම දවස්වලදී, සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමින්, පොරොන්දු වූ ඔහුගේ පැමිණ සිටීමට කුමක් වීද? මන්ද අපේ මුතුන්මිත්තන් මැරුණායින් පසුවත්, සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව තවමත් එලෙසම තිබෙන්නේය.” (2 පේතෘස් 3:3, 4) ඉන් පෙනී යන්නේ අතීතයේදී සිදු වූ දේවල් නැවත නැවතත් සිදු වන බව සමහර මිනිසුන් සිතන බවයි. එසේත් නැත්නම් මේ තත්වය දිගටම පවතින බවයි.

බයිබලයේ සඳහන් වන අන්තිම දවස්වල අප ජීවත් වන බවට සාක්ෂි තිබෙනවාද? දැන් අපි ඒ ගැන සලකා බලමු.