Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

පසුගිය වසර හය තුළදී ‘එක්සත් ජනපදයේ 1,00,000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කර තිබෙනවා.’—එක්සත් ජනපදයේ THE NEW YORK TIMES.

▪ පොදු භාවිතය සඳහා විවෘත ජාලයකින් ප්‍රයෝජන ගත් අනාචාරයේ යෙදෙන්නන් 29,000කගේ විස්තර එම ජාලයෙන් ඉවත් කරනු ලැබුවා. එම ජාලය හිමි අයට එසේ කරන්න සිදු වූයේ “දවසින් දවස එවැනි අය වැඩි වූ නිසා” බව කෙනක්ටිකට්වල නීතිපති වන රිචඩ් බ්ලුමෙන්ටාල් පවසනවා.—එක්සත් ජනපදයේ REUTERS NEWS SERVICE.

▪ ‘චීනයේ නම්වල අඩුවක් තිබෙනවා. එහි 2006දී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ 1.4ක් වන චීන ජනගහනයෙන් සියයට 85ක් අතර භාවිත වෙන්නේ වාසගම් 100ක් තරම් අඩු සංඛ්‍යාවක් බවයි.’—චීනයේ CHINA DAILY.

▪ වාහන ගමන්ගන්නා සෑම සැතපුමක් තුළ “මෝටර් රථවලින් සිදු වන අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට වඩා මෝටර් සයිකල්වලින් සිදු වන අනතුරුවලින් මිය යන සංඛ්‍යාව සියයට 32කින් වැඩියි.”—එක්සත් ජනපදයේ UC BERKELEY WELLNESS LETTER.

සාක්ෂිකරුවන්ව තුර්කි රජයෙන් පිළිගනියි

වර්ෂ 2007 ජූලි 31වෙනිදා තුර්කි රජය විසින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නීතිමය වශයෙන් පිළිගන්නා බව දැනුම් දී තිබුණා. මේ නිසා සාක්ෂිකරුවන්ට ඉඩම් මිල දී ගැනීමට, රැස්වීම් පැවැත්වීම සඳහා ස්ථාන කුලියට ගැනීමට, පරිත්‍යාග ලබාගැනීමට මෙන්ම අවශ්‍ය විටකදී නීතියේ පිහිට පැතීමටද හැකියි.

වැරදි කිරීමට උල්පන්දම්

විවාහයෙන් පිට කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට උපකාර කරන වෙබ් අඩවියක් ජර්මනියේ ආරම්භ කර තිබෙනවා. ඔවුන් උදම් ඇනුවේ දැනට එයට 3,10,000ක් සම්බන්ධ වී සිටින අතර සෑම දවසකම අලුතින් 1,000ක් එකතු වන බවයි. මෙහිදී ඔවුන් මහත් ආඩම්බරයෙන් කියා සිටියේ “සීයට සීයක්ම රහස්‍යභාවය රකින බවයි.” එක් අධ්‍යක්ෂකවරයෙක් පැවසුවේ “රහස්‍යභාවය රැකීම නිසා ලැජ්ජාව හා බිය අඩු වන අතර විවෘතව අදහස් හුවමාරු කිරීමට පහසු කරවයි” කියායි. තවත් අධ්‍යක්ෂකවරයෙක් පැවසුවේ අනාගතයේදී මෙය තවත් ප්‍රසිද්ධ වන බවට සැකයක් නැති බවයි.

පොසිල නිසා පටලැවිල්ලක්

“මිනිස් පරිණාමයේ” අවසන් අදියර ගැන විද්‍යාඥයන් විස්තර කරන්නේ මෙසේයි. එනම් හෝමෝ හැබිලිස් මානවයාගෙන් හෝමෝ ඉරෙක්ටස් මානවයා පරිණාමය වූ බවත් ඉන්පසු හෝමෝ සේපියන්ස් නම් නූතන දින මිනිසා පරිණාමය වූ බවත් විශ්වාස කරනවා. ඒත් මෑතකදී ඇවිදින තරම් දුරකින් තිබූ පොසිල දෙකක් කෙන්යාවෙන් සම්බවීම නිසා පටලැවිල්ලක් ඇති වුණා. මිනිසාගේ ආදි මුතුන්මිත්තන් වන හෝමෝ හැබිලස් හා හෝමෝ ඉරෙක්ටස් එකම කාල පරිච්ඡේදයක ජීවත් වූ බව මේ පොසිල දෙකෙන් ඔප්පු වෙනවා. මේ නිසා මේ ලිපියේ කර්තෘවරිය වන මීව් ලීකි මෙවැනි ප්‍රශ්නයක් නඟනවා. “ඔවුන් එකම කාල පරිච්ඡේදයක ජීවත් වූවා නම් හෝමෝ ඉරෙක්ටස් මානවයා හෝමෝ හැබිලිස් මානවයාගෙන් පැවත ආවේ කෙසේද?”

සති අන්තයේ වසින වැසි

සති අන්තයේ වැඩිපුර වර්ෂාවක් ලැබෙන බව ජර්මානු ජාතිකයන් විශ්වාස කරනවා. වසර 15ක් පුරා ජර්මනියේ විවිධ ප්‍රදේශවලින් රැස් කරගත් දත්තවලින් එය සැබෑවක් බව ඔප්පු වී තිබෙනවා කියා එක් සඟරාවක වාර්තා වෙනවා. (Der Spiegel) සතියේ උණුසුම්ම දවස බදාදා වන අතර සීතලම දවස සෙනසුරාදායි. සෙනසුරාදා දවස්වල සතියේ දවස්වලට වඩා සියයට 15කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙන බවත් සඳුදාට වඩා සියයට 10කට වඩා වැඩි වර්ෂාවක් ලැබෙන බවත් සොයාගෙන තිබෙනවා. අඟහරුවාදා දවස්වල සෙනසුරාදාට වඩා විනාඩි 15ක් පමණ වැඩි කාලයක් අව්ව තිබෙනවා. පර්යේෂකයන් සිතන්නේ සතිය පුරාම සිදු වන පරිසර දූෂණය නිසා දූවිලි තට්ටු මත පතිත වන හිරු එළිය නැවත පරාවර්තනය වීම මගින් වලාකුළු සෑදී එමගින් වැසි ඇති වන බවයි.