Skip to content

පටුනට යන්න

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. මෙම ආශ්චර්යය සිදු වූයේ සාවුල් කුමන නගරයට යමින් සිටියදීද?

හෝඩුවාව: ක්‍රියා 9:1-9 දක්වා කියවන්න.

සිතියමේ ලකුණු කරන්න.

රෝමය

යෙරුසලම

දමස්කය

බැබිලෝනිය

▪ ස්වර්ගයේ සිට සාවුල්ට කතා කළේ කවුද?

․․․․․

▪ දීප්තිමත් ආලෝකය නිසා සාවුල්ට සිදු වූයේ කුමක්ද?

․․․․․

සාකච්ඡා කිරීමට:

සාවුල් ක්‍රිස්තියානීන්ට පීඩා කළේ ඇයි? ඔබ යෙහෝවා දෙවි ගැන ජනයාට කතා කරන විට සමහර අය ඔබට නපුරු ආකාරයෙන් සලකන්න පුළුවන්. ඊට හේතුව කුමක්ද? ඉහත සඳහන් සිදුවීම ඔබට ධෛර්යයක් වන්නේ කෙසේද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

5වන පිටුව අප විශ්වාසය නොතැබිය යුත්තේ කවුරුන් කෙරෙහිද? ගීතාවලිය 146:․․․

6වන පිටුව මේ පොළොව ඉදිරියේදී පිරී යන්නේ කුමකින්ද? යෙසායා 11:․․․

11වන පිටුව ධර්මිෂ්ඨ අය උරුම කරගන්නේ කුමක්ද? ගීතාවලිය 37:․․․

27වන පිටුව කනස්සල්ලෙන් සිටි යෝබ් පැවසුවේ කුමක්ද? යෝබ් 10:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

2. ․․․․․

හෝඩුවාව: මගේ අම්මට මාව ලැබෙන්න යන බව ඇසුණු විට ඇය සිනාසී තිබෙනවා.

උත්පත්ති 17:19; 18:10-14 කියවන්න.

3. ․․․․․

හෝඩුවාව: මගේ අයියා ඔහුගේ කුලුඳුල්කම මට කෑමකට විකුණුවා.

උත්පත්ති 25:29-34 කියවන්න.

4. ․․․․․

හෝඩුවාව: මගේ පියා මාව ‘සිංහ පැටියෙක්’ කියා හැඳින්වූවා.

උත්පත්ති 49:9 කියවන්න.

▪ පිළිතුරු 20වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. දමස්කය.

▪ යේසුස්.

▪ ඔහුගේ ඇස් අන්ධ වුණා.

2. ඊසාක්—ලූක් 3:34.

3. යාකොබ්.—ලූක් 3:34.

4. යූදා.—ලූක්3:33.